Good morning!! කිරිසනූ.....
උදේපාන්දරම පන්තියට අඩිය තියද්දිම මුන් ටික මගෙ බ්ලඩ් ප්‍රෙශර් නැග්ගුවෙ මුන්ට නග්ගන්න වෙන එකක් මට නැති නිසයි.
මගෙ නම සහේසි රනායා. ඒත් insta මගෙ රසිකරසිකාවියන් අතර මන් ප්‍රසිද්ධ 'සනායා' කියලා. ඒ නිසා මගෙ මිතුරු කැල මාව අමතන්නෙ 'සනූ' කියලා. ඒත් දැන් කොහෙවත් නැති වස්සෙක් නිසා මුන් ටික මගෙන් අතල් ගන්නෙ ' කිරිසනූ' කියලා.
උදේම කුකුලත් උස්සන් ඉස්කෝලේ එන්න වෙන්නෙ මන් මේ පාසලේ දීප්තිමත් සිස්ස නායකයෙක් නිසයි. කරන්න ආපු වැඩේ අමතක වුන නිසා පන්තියෙන් බෑග් එක තියලා ආයේ දුවන්න වුනා. අපි ප්‍රිෆෙක්ට් බුක් එක සයින් කරන්න ඕන 6.30 ට කලින් වුණාට හැමදාම මන් ඉස්කෝලේට එද්දි 6.45යි. අපෙ අම්මට මාව විශ්වාස වැඩි නිසාමද කොහෙද ,මාව පාරෙ බස්වල එවන් නැහැනෙ.මන් එන්නේ ස්කූල් බස් එකක. ස්කූල් බස් කිව්වට ඒවා ඉස්කෝලේ නෙවෙ. ඒකට මාසෙකට ගෙවන ගානට මට දවසකට චිකන් බකට් එක ගානෙ කන්න තිබ්බා. මන් නම් ඔය රෙද්දට ආසම නැහැ. එකෙ ඉන්න ගෞරවනීය වැඩිහිටියා මම. අනිත් ඔක්කොම ඉන්නෙ මට වඩා පොඩි උන්. හැබැයි වයසින් විතරයි. අපේ පැත්තෙ ගර්ල්ස් ස්කූල් තුනක් මැද්දෙ තිබ්බෙ එක බෝයිස් ස්කූල් එකයි. ඒක නිසා මුලු කාන්තාරයටම තියෙන එකම පොකුණ වගේ මුන් ටික ඕකට මරාගන්නවා. යකෝ
අපි ඔය කාලේ...නෑ එක්කො ඕන නැහැ.."සහේසි..."
"අම්මටසිරි... වෙන්න hp මොකැයි මෙ අද පරක්කු වෙලා"
"මන් දැන් නෙවේ ආවේ.දැන් ආවනම් කොහොමද ඔය පොතේ උඩින්ම සයින් කරන්නෙ"
එතකොටයි මන් පොත බැලුවෙ. වෙනදා වගේම ජුනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ පැමිණීමට උඩින්ම අත්සන් කරලා තිබ්බෙ එයා. එයා තමා සෙහාරා. අපි දෙන්නා ප්‍රයිමරි එකෙ එකම පන්තිවල තමා හිටියෙ. ඊට පස්සෙ හය වසරෙ ඉඳන් එකම පන්තිවලට වැටුන් නැති වුණාට අපේ යාලුකම දිගටම තිබ්බා. එයා මගේ යාලුවන්ට කැමති නැහැ ඒ නිසාමද කොහෙද උනුත් මෙයාට කැමති නැහැ. ඒක නිසා එයාගෙ හැමදේම අහන්න හිටියෙ මම. 'එයාගෙ අම්මා වයිස් ප්‍රින්සිපල් මැඩම්ගෙ නෑදෑයෙක්ලුය, මැඩම් එයාට ඕ ලෙවෙල් වලින් පස්සෙ ස්කෝලෙන් යන්න එපා කියනවලුය,ඊළඟට HP වෙන්න ඉන්නෙ එයා කියලා කියනවලුය 'යැයි යැයි.ඒක නිසා අපි කිව්වෙත් වෙන්න hp කියලා. ප්‍රිෆෙක්ට් බුක් එක භාරව ඉන්නෙ එයා.ඇත්තම කිව්වොත් එයාම තමයි එක භාරගත්තෙත්.ඕකි ඉන්නෙ දෙල්කද ඉතින් නුගේගොඩට ලගයිනෙ.උඩින්ම සයින් කරාට අපි ගෙදරින් එද්දිත් ඕකි නිදි ඇති.මන් පොත අත්සන් කරලා duty කරන්න ගියා.
YOU ARE READING
Love also lesson (ආදරයත් පාඩමක්)
Teen Fiction" මුන් මගෙ බ්ලඩ් ප්‍රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහ...