4 කොටස

111 3 0
                                    

"අහසින් එහා.. තරු මන් දිගේ..      
පියඹන්න දැන් විහගෙකු ලෙසින්
අහසින් එහා.. සිහිනය දිගේ..
පියඹන්න නම් ආසයි ඉතින්

හිත කලබමින් හැඟුමන් එබී..
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුන ලෙසින් 

හද ගී පොතේ
සත්සර නැගේ
ඒ ආදරේ~....

"ඇති යකූ.. සිවිලිම ගැලවෙයි. ගිහින් තොපිලගේ පන්තියෙ කෑගහනවාකෝ.."
මම මැද්දට පැන්නෙ තව ටිකකින් අපේ පංතියේ උන් නැත්තං මාවත් එක්කම එළියට දායි කියලා. මියැසි අල්ලපු හයි පිච් එක සැර වැඩිවෙලා මුළු පන්තියම අපි දිහා බැලුවා.
මියැසි; වෙනුරිට කලින් වසර නවයක් මං පවුල් කෑවේ ඕකි එක්ක. ඒ මිත්‍රත්වයේ  නෂ්ඨාවශේෂයක් විදිහට මේකී තාම අපේ පන්තිය ළඟින් ගියොත් හොම්බ දානවා. මගේ ජීවිතේ මං ආසම සින්ගර් මියැසි. නවයේදී පන්ති කඩපු එක අපේ පෙමට හරස් වුණාට ඒකිට හම්බෙන පොඩි වෙලාවෙදි හරි ඇවිත් මට ඒකිගෙ බල්ලගේ මැක්කෝ ගානේ ඉඳන් හැමදේම කියලා තමා යන්නේ. මෙයා සින්දු කියද්දි මී පැණි වගේ වුණාට කියවද්දි නම් මී වදයක්. මේ දිනවල මී මැස්සි පෙම් ගීම ගයන්නේ මී වදේට බඹරෙක් කරක් ගහන්න පටන් අරන් නිසා.
"මේ... ඔයාගේ නම්බර් එක මං ගාව තියෙනවා. මං මැසේජ් එකක් දාන්නද... අම්මෝ එයාගේ මූණ..."   
මියැසි එයා කිව්ව විදිය රඟපාලා පෙන්නලා මහා හයියෙන් හිනාවෙන්න ගත්තා.
"බය හිතුන් නැද්දා අනේ කොල්ලෙක්ගෙන් ඔහොම අහන්න. අනික මූණටම.."
"මං කැමතියි, ඉතින් මං ඒක කිව්වා. කාටවත් ඇයි අපි හිතේ තියෙන දෙයක් කියන්න බය වෙන්නේ" 

එයා එහෙම කියද්දි මට මං ගැන ලැජ්ජ හිතුනා. අපේ ගෙවල් පැත්තේ ගොඩක්ම හිටියේ කොල්ලෝ මං හිටපු පොඩිම ළමයා නිසා එයාලා මට ගොඩක් ආදරේ කළා. ශිෂ්‍යත්ව කරන කාලේ අම්මා මාව සෙල්ලම් කරන්න යවන එක නැවැත්තුවා. මට ශිෂ්‍යත්වෙ ඉවර වුණත් අම්මා මං ගෑණු ළමයෙක් නිසා කොල්ලෝ එක්ක ඉන්න එක අඩු කරන්න කියලා මාව ගෙදර තියා ගත්තා. ඒකෙන් මං කොල්ලෝ ආශ්‍රය කරන එක නැවතුනා. කොවිඩ් කාලෙදි ගෙදරටම හිර වෙලා ඉන්න වුණා. ඊට පස්සේ මං පොඩි කාලේ එකට සෙල්ලම් කරපු යාළුවො, අයියලා මගේ මූණටම හම්බෙලා හිනා වුනත් මම බිම බලා ගත්තා. මටත් ඉස්සර වගේ එයාලා එක්ක හිනාවෙලා කතා කරන්න ඕන වුනත් මට එහෙම කරන්න බැරි වුණා. ඒ අම්මලා මාව පොඩි කාලෙම කොල්ලොන්ගෙන් ඈත් කරපු නිසාද ,නැත්තම් මං යන්නෙ ගර්ල්ස් ස්කූල් එකකට නිසාද ඒ නිසා මට තිබ්බ හුරු නැතිකමත් නිසාද නැත්නම් බයක් නිසාද කියල මට තේරුන් නැහැ.

Love also lesson (ආදරයත් පාඩමක්)Where stories live. Discover now