"එයා දැන් මට සුදූ කියනවනේ... ගෙහන්සටත් කියනවා තමා ඒත් දැන් මටත් කියනවනේ..."
අදත් ඉතින් උදේම නදීරාවත අහන ගමන් තමා හිටියේ. ඇයි අනේ මේ මෝඩිට තේරෙන්නේ නැත්තේ එයා වටේ යනවා කියලා. ආදරේ මෙච්චර අන්ධද.."ඒ... වෙනුරිකා..."
අපොයි ඔච්චරයි දැන් මෙතනට මදිවෙලා හිටියේ. ගෙහන්සා, ඕකිගේ නදීර බෙස්ටා හෙවත් අනුමත නොකළ පෙම. ඕකී තමා තියෙන ** අමාරුවට ඒකිගේ බෙස්ටයි බෙස්ටී දාලා ඒකිට මල් කඩන්න ගෲප් එකක් හදාගත්තේ. ඒකෙන් උනේ අන්තිමට ඒකිගේ බෙස්ටයි බෙස්ටී මල් කඩපු එක. වෙනුරිගෙ හිටපු බෙස්ටී තමා ගෙහන්සා. ඒක නිසාද කොහෙද ඕකිට දැන් මාව පේන්න බැහැ. දැන් මන් නෙහ් ඒ position එකේ ඉන්නේ. අනේ.. මට නම් වෙනුරිගේ බෙස්ටි කවුරු වුණත් අවුලක් නැහැ. මං එයාගේ ලව් එකනේ.. ඔන්න එතනට කවුරු හරි ආවොත් නම් මං එයාගේ කටු තම්බලා වෙනුරිට සූප් එකක් හදල දෙනවා. ඇයි යකෝ වෙනුරි මගේනෙ. ඇත්තටම ගෙහන්සා ඔය රෙද්ද හැදුවේ නැත්තම් මට අද නදීරාවත අහන්න වෙන්නේ නැහැනේ."ඔයාලට උගන්නන්නෙ නැද්ද?" වෙනුරි දන්නවා මේකි එන්නෙ මොකක් හරි මරාලයක් කඩා පාත් කරන්න කියලා.
"නෑ අනේ තාම මිස් පන්තියට ආවේ නැහැ. මේ ඒක නෙමෙයි... ඊයේ මට නදීර මැසේජ් කරානේ..."
"එයා කොහොමත් ඔයාට මැසේජ් කරනවනේ"
"ඔව් ඒත් ඊයේ එයා මගෙන් මාර දෙයක් ඇහුවනේ..."
ඒ වෙලේ නම් වෙනුරිගේ මූණ අපේ අම්මා මිරිකලා විසික් කරන දෙහි බෑයක් වගේ. මට දුකත් හිතුණ හැබැයි. එයා කොච්චර නදීර ගැන කියෙව්වත් ඒ කියවන්නෙ ගොඩක් අය එයාට කැමති නිසාවත්, ලස්සන නිසාවත්, සල්ලියක් තියෙන නිසාවත් නෙමෙයි එයාගේ හිත ඇතුලේ තිබ්බ ලොකු හැඟීමක් නිසා කියලා මන් දැනන් හිටියා.
"මොකක්ද?"
"අපේ දහම් පාසලේ කවුරුහරි කොල්ලෙක්ට මං කැමතිද ඇහුවානේ. ඇයි දන්නෑ නේ...එහෙම ඇහුවේ...එයත් මගේ දහම් පාසලේ නේ"
"ඉතින් එයාගෙන් අහන්න එපැයි"
" ඇහුවත් වැඩක් නෑ අනේ.. එයා කතාව මාරු කරනවා. අරකයි සුදූ මේකයි සුදූ කියලා."
හපොයි දැන්නම් වෙනුරිගේ මූන බලනවට වඩා හොඳයි දෙවනි ඉනිමෙ දෙව්මිගේ මූණ බලන එක. මගේ එහා පැත්තෙ ඉඳලත් මට වෙනුරිගේ මූණ බලන්න හිතුන් නැහැ. එයාට කොච්චර රිදෙන්න ඇතිද. ඇත්තටම කොහොමද ගෙහන්සා තමන්ගෙම යාළුවට ඔහොම කරන්නේ මේ වෙලාවට තමා මට ඔය ගෑනිව මරන් කන්න හිතෙන්නේ.
"ඇයි බං එදා උඹලව ඔෆිස් එක ඉස්සරහ දණ ගැස්සුවේ"
" ආ.. මේ.. මල්කාන්ති මැඩම්ට පිස්සුනේ සහේසි"
"සිරාවට ඇයි බං ඉතින් ලැට් අස්සෙ මල් කැඩුවේ.."
"අපේ මිස් පන්තියට ගියාද කොහෙද මං යනවා වෙනුරිකා.. පස්සේ එන්නම්"
පස්සෙ එන්න පස්සෙ කොහෙ එන්නද.. එන්න එපා මේ පැත්ත පලාතේ.. ඕකිව එලව ගන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ගිය සතියේ කොමස් පීරියඩ් එකට යන්නැතුව කට් කරලා මිස් මුන්ව වොශ්රූම් එකේ හැංගිලා ඉද්දි අල්ලන් ගිහින් මැඩම්ට භාරදීලා. චාටර් වෙන්න බැරි නිසයි දැන් ඔය මාරුවෙලා ගියේ. ආවා මෙතන මගේ රිකාට රිද්දන්න. හහ්..ඒවා කොහෙද මාත් එක්ක.
"එයා හොඳටම දන්නවා මගෙ හිතේ නදීර ගැන කැමැත්තක් තියෙනවා කියලා.ඇයි දැන දැනත් මට රිද්දන්නේ.."
"ඇයි ඉතින් රිද්දන්න කියනවා කියලා දැන දැනත් ඔයාට කියන දේවල් වලට රිද්දගන්නේ.. කවුරුහරි ගිනි ගොඩක් දීලා ගන්න කිව්ව පලියට ඔයා පිච්චෙනවා කියලා දැන දැනත් අල්ලන්න යන් නැහැනේ.."
වෙනුරි මගේ බෙල්ල ගාවින් ඔලුව තියාගත්තා.එයා මට වඩා පොඩියි හැබැයි හසිනිට වඩානම් උසයි.
YOU ARE READING
Love also lesson (ආදරයත් පාඩමක්)
Novela Juvenil" මුන් මගෙ බ්ලඩ් ප්රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහ...