5 කොටස

110 6 0
                                    

"මොනාද අම්මේ මේ..."
" කාලා බලන්නකෝ රස"
අම්මා උදේම නැගිටලා දෙල්වලට පොලුයි අමු මිරිසුයි දාලා හදලා දුන්නා පොළට ගෙනියන්න. මේවා කනවද අනේ ළමයි. අම්මගේ හිත රිද්දන්න බැරි නිසා මං ඉතින් ගෙනාවා.
"වැටෙයි අනේ බලාගෙන... ඇයි අනේ මෙයාටම දුන්නේ මේ වැඩේ. තියෙන දාංගලේට..."
" වැටුණත් කමක් නෑ ඔයා උඩ බලන්න එපා..."
වෙනුරි දාගෙන ඉනිමග අල්ලන් යට ඉඳන් මට බනිද්දි මං කිව්වෙ වෙන කෙනෙක් දකින්න ඕන ඒවා එයා දකියි කියල බයට. අපි හිටියේ වාර්ෂික පොළ කියල ගොතපු ගොක්කොල බැනර් එක එල්ලන ගමන්. අපේ ඉස්කෝලෙ කොල්ලො නැති නිසා ඒවා කරේත් අපිම තමා.
"පෙට්ටි දෙකක් ඇතිනෙ.. අනිත් ඒව පස්සේ ගේමු"
වෙනුරි අපි ගෙනාපු අයිස් ක්‍රීම් පෙට්ටි මේස උඩ තියද්දි මම මං ගෙනාපු දෙල් එකත් මේසෙ පැත්තකින් තිබ්බා.
" මොනාද සනූ ඔය.."
" නමක් ගමක් නම් දන්නේ නෑ හැබැයි කෑමක් "
මේ ගෙවෙන්නේ අපේ එකොළහ වසරේ අන්තිම කාලේ අද තමා අපේ වාර්ෂික පොළ ප්‍රින්සිපල් මැඩම් ඇවිත් පොළ විවෘත කළා. හැමෝම වගේ ගෙනත් තිබ්බේ අයිස් ක්‍රීමුයි අච්චාරුයි නිසා ඒවා විකුණගන්න ලොකු තරගයක් තිබුණා. මැඩම් හැමෝම ගෙනාපුවා දිහා බලලා ඇවිත් අපේ මේසේ ඉස්සරහින් නැවතුනා.
" මේ මොනාද?"
ඇත්ත වශයෙන්ම මේ මොනාද කියලා මං දන්නෙත් නැහැ මැඩම්. අම්මගෙන් නමක් අහන් එන්නත් බැරි වුනානේ. දැන් දීපංකෝ උත්තර.
" දෙල් මැල්ලුමක් මැඩම්"
" එකක් කීයද?"
කවුරුවත් ගනී කියලා හිතන් ආපු නැති නිසා මං ගාණක් හිතන් ආවෙත් නෑ.
" හැ.. හැටයි මැඩම්"
" මට දෙකක් දෙන්න"
මං අම්මා දුන්න කැන්ද කොළ දෙකකට දාලා මැඩම්ට දුන්නම මැඩම් එකක් අරන් අනිත් එක ටීචර්ස්ලට දුන්නා. ගොඩක් අය අයිස් ක්‍රීම් ගෙනත් තිබුණ නිසා අපිට විකුණ ගන්න වෙලා ගියා. පෙට්ටියේ දියවුන අයිස් ක්‍රීම් කන්න ගිහින් මම වෙනුරිගෙන් ගුටිත් කෑවා. ඈතින් ටීචර්ස්ලා රොත්තක් මේ දෙසට ඇදී එනවා පේනවා.. හපොයි මං ඉතුරු වුනා අයිස් ක්‍රීම් ටික කෑවනේ. දැන් ආවොත් නම් වෙනුරි මාව කනවා.
"දෙල් මැල්ලුම විකුනන්නෙ මෙතනනේ"
" මට දෙකක් දෙන්න"
"මටත් එකක් දෙන්න දුව"
ඒ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මම වටේම මිස්ලට දෙල් මැල්ලුම බෙදද්දි වෙනුරි මට උදව් කළා. කොහොම හරි අයිස් ක්‍රීම් වලින් ලැබුන ලාභෙට වඩා ලාභයක් අපේ අම්මගේ දෙල් මල්ලුමෙන් ලැබුනා.

Love also lesson (ආදරයත් පාඩමක්)Where stories live. Discover now