දැන් අපි පිස්සු නැටුව කාලේ ඉවරයි. දැන් තියෙන්නේ 11 වසරේ අවසාන වාර පරීක්ෂණය. ඊට පස්සේ ඕලේවල්. ඒත් එක්කම මේ ගෙවුනේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් විදිහට ප්‍රිෆෙක්ට් ජීවිතේ ගෙවුන අවසාන කාලය.
"අන්තිම පාරට කියන්නේ ලකුණු ඕන්නම් රිපෝට්ස් ගෙනත් දෙන්න..."
මිස් රතු නිවේදනෙත් නිකුත් කරා.
"මේ ඕයි.. ඒ කියන්නේ රිපෝර්ට් දුන්නෙ නැත්තං ලකුණු දාන්නෙත් නැද්ද..."
සෙවුමි ඇහුවේ එලියට ගත්ත රිපෝර්ට් එක ආයෙත් බෑග් එකට දා ගන්න ගමන්.
" රිපෝර්ට් දුන්නේ නැත්තන් රිපෝර්ට් එකේ නෙමේ ලකුණු දාන්නේ... ගෘප් එකට.."
මිස් කිව්වේ සෙව්ම කිව්ව දේ ඇහිලා වගේ. මිස් ඒක කිව්ව පමාවට සෙව්මිගේ රිපෝර්ට් එක මිස්ගේ මේසෙ උඩ තිබ්බා.
"ළමයි... වෙලාව හරි බෑග් තියල ගිහින් වාඩිවෙන්න.. පෙන්සිල් කේස් ෆයිල්ස් තියාගන්න බැහැ.."
ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉස්සර විභාගෙදි අපි ඉතා සහයෝගයෙන් කටයුතු කරා. දැනුම බෙදා හදා ගත්තා. අපිට වාඩිවෙන්න තිබ්බෙ රෙජිස්ටර් නම්බර් පිළිවෙලට. මගේ අංකය 23 යුහනි 24 තරුනි 25. ඒ නිසා කොහෙන් කොහොම අඹරලා දැම්මත් අපේ බැඳීම කාටවත් කඩන්න බැරි වුණා. තරුනි උත්තර සම්පාදනය කරාට තොරතුරු බෙදා හරින සැටලයිට් එක වශයෙන් කටයුතු කරේ යුහනි. හැබැයි වෙනුරිට නම් කවදාවත් අපේ සරණ යන්න බැරි වුණා. වෙනුරිගෙ වාසනාවට හැම සැරේම වෙනුරිට අසුන් පැනවුනේ මිස්ගේ මේසෙ අසල.
දවසක් දහයේ විභාගෙදි මාර වැඩකුත් වුනා. 10 වසරෙදි අපේ සෙට් එකෙන් වැඩ කරේ තරුනි විතරයි. අපිත් එළිය බැලුවෙ එයාගෙන් තමා. ඒ විභාගේදී අපිට ඉඳගන්න ලැබුනේ මුලින්ම තරුනි එයාගේ පිටිපස්සේ යුහනි ඊට පස්සේ මං. තරුනි හිටියෙ ඉස්සරහම නිසා යුහනිට තමා හැමදේම අහගන්න පුළුවන් වුනේ. පේපරේ බාගෙට කරලා මනෝ පාරක් ගහන්න ඔලුව තියාගත්ත පාර යුහනිට නින්ද ගියා. පේපරේ ගන්න අන්තිම විනාඩි ටිකේදී යුහනිව නැගිට්ටන්න අපිට වෙනම ගේමක් දෙන්න වුණා. අන්තිමට යුහනිගේ සැප නින්ද නිසා අපිට විභාගේ කෙල වුනා.ඇත්තටම ඒකට යුහනිට මොකුත් කියන්නත් බැහැ. මොකද ඒක විභාගයක්. අපේ දැනුම මට්ටම දැනගන්න ඉස්කෝලෙන් අපිට කරන උදව්වක්. අපිට ඒ කාලේ විභාගය පෙනුනේ කරදරයක් විදිහට නැත්තං අපිව කන්න බලාගෙන ඉන්න රාක්ශයෙක් වගේ. විභාගේ ළං වෙනවා කියද්දිත් බය හිතුනා. ඒත් එදා වුන දෙයින් පස්සේ අපි හැදුනා. අපි විභාගයට පාඩම් කරන්න ගත්තා. එදා යුහනි නිදාගත්තේ නැත්නම් එදත් අපි කොපි කරයි අදත් අපි කොපි කරයි ඒත් ඕ ලෙවල් වලදි අපිට කෙලවෙයි. එදායින් පස්සේ තමා තරුනිගෙත් උදව් වලින් අපි පාඩම් කරන්න ගත්තේ. දැන් මේ අපි ඒ වගේ ලියන අන්තිම විභාගේ. මං හිතන්නේ අපි එදා ඉදන් පාඩම් කරන්න ගත්ත නිසාම දැන් අපි විභාගයට බය නෑ. මේ විභාගයෙන් පස්සේ තියෙන්නේ ඕලෙවල් නිසා පොඩි තිගැස්මක් තිබුණත් මං දැන් විභාග වලට බය නෑ.
YOU ARE READING
Love also lesson (ආදරයත් පාඩමක්)
Teen Fiction" මුන් මගෙ බ්ලඩ් ප්‍රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහ...