උදේ පන්තියට යද්දි වෙනුරි හිටියත් මං එයාව ගනන්ගන් නැතුව බෑග් එක පන්තියෙන් තියලා ආවා. ඊයෙ වුන දේන් පස්සේ මට වෙනුරි ගැන තිබ්බේ පුදුම තරහක්. ඇයි දෙයියනේ මං අච්චර වතුර දාන්න හදන ගින්දරටමනේ මෙයා ගිහින් පනින්න හදන්නේ.. ගෙහන්සා පන්තියට ආවත් නහයෙන් අඩන එකී නේද අර ගෙහන්සගෙ අතේ එල්ලිලා හේවන් එකේ හිටියේ. මට ඒ වෙලේ ආපු තරහට දැක්කෙ නෑ වගේ එන්න හැදුවත් එයාලත් ඒ පැත්තටම ආපු නිසා මූණටම හම්බුනා. වෙනුරි මාව දැකලා ඇස් දෙක ලොකු කරගත්තේ හරියට මහ බැංකුව කඩලා වගේ. ගෙහන්සත් බය වෙලා වගේ බලන් හිටියේ. බයවෙන්න තරම් මුන් මොනා කරන්න ඇවිද්ද මන්දා. සෙහාරාට නම් ඒක එච්චර ගාණක් ගියේ නෑ. හරියට කලින් ඉඳලම එයාලා මෙහේ ඉන්නවා කියලා දැනං හිටියා වගේ. මට ඒ වෙලේ තිබ්බ කලකිරීමට මං කතා නොකරම එළියට ආවා. ඒ ගමන්ම මං බස් එකට ගියා. මට සෙහාරා ගැන බලන්නත් අමතක වුනා.
"සහේසි... කොහෙටද යන්නේ..?"
"ඩියුටි යනවා.."
"ඉන්න,මාත් එනවා.කැන්ටිමට යන්න ඕන"
සෙහාරාත් දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා. මේකිට මොනා වෙලාද.
"මේ... ඊයේ හේවන් එකේ පඩිපෙළ ගාව ස්කූල් යුනිෆෝම් හිටිය කොල්ලො සෙට් එක දැක්කද..?"
මේකිට කවදාවත් නැති කන්න අමාරුවක් ආවේ ඒකද ඊයේ. අපි දෙන්නා කැන්ටිමෙන් ස්ප්‍රයිට් දෙකක් අරන් කැන්ටින් එක පිටිපස්සෙ තියෙන ගාඩ්න් එකට ගිහින් බොන්න ගත්තා.
" එහෙම මීටර් නෑ..."
" අයියෝ.. දැක්කේ නැද්ද අනේ.. එතන බ්ලැක් මාස්ක් දාන් හිටපු කොල්ලවවත් අඩුම ගානේ"
"ආ.. මතකයි"
" ඔයාට කොල්ලො සෙට් එක මතක නෑ එයාව මතකයි නේ.."
"ඔව් මං එළියට යද්දි එක අක්කෙක් මට ඇහැක් ගැහුවනේ. ඒ වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව මම පිටිපස්ස බැලුවා. ඇති යන්තම් පිටිපස්සෙ කොල්ලෙක් හිටියා. බ්ලැක් මාස්ක් දාලා තමා හිටියේ.."
හොඳ වෙලාවට පිටිපස්සෙ කොල්ලෙක් හිටියේ නැත්නම් අර අපේ බුද්ධාගම මිස් වගේ ඔය පිටිපස්ස හැරුන කෙනාට තමයි කියලා කිව්වනම් එහෙම අපේ අම්මට ලේලියෙක් තමයි හොයාගන්න වෙන්නේ කියලා හිත හදාගන්න හිටියේ. වෙනුරි ගෙහන්සාගේ අතේ වෙළිලා හිටපු එකේ ඕක මොකක්ද.
" එයාගේ ඇස්... ohh fire... පිස්සු හැදෙනව නේද.."
"උගේ ඇස් නම් මතක නෑ හැබැයි ඒ වෙලේ මට එයාව පෙනුනේ දෙයියෙක් වගේ"
"අම්මෝ.. අම්මෝ.. ඔයාට නදීර එච්චරටම හිතට ඇල්ලුවද.. ගෙහන්සට කියලා සෙට් කරලා දෙන්නද..."
"කැහ්.. කැහ්.. මොන නදී.. මොකක්"
මේකී මාව බොන එක හිර කරලා මරන්න නේද මේ හදන්නේ.
"ම්... එයාගේ නම නදීර. එයා ගෙහන්සාගේ හොඳම යාලුවලු"
"sure..ද ඔයා කොහොමද හරියටම කියන්නේ ඒ එයාමයි කියලා "
"ඊයේ වෙනුරිකා අපේ පන්තිය ලඟින් යද්දි ගෙහන්සා එයාට කතා කරල නදීර එනවා කියලා එයත් එක්ක යන්න එනවද කියල මට අහනවා ඇහුණා"
ඇත්තමයි දැන් නම් වෙනුරිව මට... සෙහාරා හිටියෙත් ගෙහන්සා එක්ක ගෙහන්සාගෙ පන්තියෙ. ඒක තමා සෙහාරාට ඊයේ එකපාරටම කන්න වුවමනාවක් එන්න ඇත්තේ. මට වෙනුරි ගැන තවත් කලකිරුනා. ඇයි එයා මට මෙහෙම දෙයක් කිව්වේ නැත්තේ? මම ඒ පොල් බූරුවටද අනේ දෙයියෙක් වගේ කිව්වෙ.. මේ කටින්.
"එතකොට එයා මෙතනටම ආවා නේද"
"ඔයා නදීරව දන්නවද...?"
" මම මොන.. නෑ පිස්සුද.. මම කොහොමද එයාව දන්නේ.."
"වෙනුරිකා එයාව දන්නවා නේද?" "ආ..එහෙමද වෙන්න ඇති?"
"ඔයා කඩාගෙන ගියානේ ඉතින් මං ආයි ඉස්කෝලෙට ආවෙ ගෙහන්සා එක්ක. ගෙහන්සා නදීරට මොනවද මන්දා කන්න අරන් දුන්නා. ඊට පස්සේ එයාලා ගියා"
YOU ARE READING
Love also lesson (ආදරයත් පාඩමක්)
Teen Fiction" මුන් මගෙ බ්ලඩ් ප්රෙශර් නග්ගන්නේ මුන්ට මගෙ නග්ගන්න වෙන එකක් නැති නිසා... " යහාලුවන් මැද ගෙවන නව යොවුන් වියේ ඇයට ඔවුන්ගේ ජීවත කතාවලින් විවිධාකාර ආදර කතා දැකිය හැකි වේ.එයින් ඇය ජීවිතය දකින්න ඉගෙන ගන්න ආකාරය සහ ඇයට යහාලුවන් නිවැරැදිව හදුනා ගැනීමට නොහ...