මේපල් ලීෆ් හයි ස්කූල් එක ඉස්සරහ බයෙන් වගේ හිටගෙන හිටියෙ වයස අවුරුදු දාහතක් විතර වෙන පුංචි පිරිමි ලමයෙක්.ඇගට වඩා හුගක් ලොකු අදුරු පාට ඇදුම් ඇදගෙන හිටපු එයාගෙ සිනිදු කොන්ඩෙ මූන පුරාම විසිරිලා තිබුනෙ ඒ අහිංසක ලස්සන ලෝකෙන්ම හංගලා දාන්න වගෙ .
සති ගානක්ම ස්කූල් එකේ ගනන් කාරයො අතින් නොසෑහෙන්න කරදර විදපු ඒ අහිංසකයා තාමත් කල්පනා කලේ අනිත් අයට හෙවන් එකක් වුනත් තමන්ට අපායක් වුනු ඒ ඉස්කෝලෙට පයගහන්න සෑහෙන තරම් බයකින්.
සල්ලිකාර ලමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට ඇතුල් වෙන්න මේ අහිංසක පිරිමි ලමයට තිබ්බ එකම හේතුව එයා මහංසියෙන් ලබාගත්ත ස්කොලර්ශිප් එක විතරයි.ගෙදර අසනීපෙන් ඉන්න ඔම්මගෙ හීන හැබෑ කරන්න ඕනි නිසාම හැම බාදකයක්ම ඉවසුව මේ පුංචි පිරිමි ලමයා ස්කූල් ගේට් එකෙන් ඇතුල් උනා.
පුංචි කාලෙ ඉදංම තමන්ගෙ අප්පත් නැතුව අම්මත් එක්ක පුංචි ගෙදරක ජීව්ත් වෙච්ච ජියොන් ජන්කුක්ට තිබ්බ එකම හීනෙ හොදට ඉගෙන ගෙන එයාගෙ ඔම්මව බලාගන්න එක..
දවස පුරාම බිමට නවාගත්තු ඔලුව උස්සන්නෙම නැතිව තමන්ගෙ ක්ලාසස් වලට ගිය ජන්කුක් අන්තිමට බයෙන් බයෙන් වගේ කැෆචේරියා එකට ගියේ දවසෙම වගේ හැංගිලා හිටියත් දැන් තමන්ට ගැලවීමක් නැති බව දැනගෙනමයි.
බිමට නවාගත්තු ඔලුව පොඩ්ඩක්වත් උස්සන්නෙම නැතුව කෑම ප්ලේට් එකත් අරගෙන පොඩි මේසයක් ලගට ඇවිදන් ගියත් එකපාරටම එයා විසිවෙලා ගිහින් වැටුනේ බෙදාගත්තු කෑම ඔක්කොම එයාගෙම ඇගට වැටෙද්දි.
"ඕ කවුද මේ කෑම නාලා ඉන්න පොඩි බබා"ජන්කුක් ගාවින්ම ඇහුනෙ එයා මේ ලෝකෙ අහන්න අකමැතිම කටහඩක්.
"ජැක්සන් වැන්ග්"
ජන්කුක්ව බුලී කරන කන්ඩායමේ දෙවනියා.
"ඕ ඔයාගෙ ඔය හිගන බඩට අද දවසෙම බඩකින්නෙ තමා ඉන්න වෙන්නෙ."ජැක්සන්ගෙ යාලුවා පාර්ක් බෝගම් කිව්වෙ හයියෙන් ම හිනාවෙන ගමන්.ඒ හිනාවට මුලු කැෆචේරියා එකම එකතු වෙද්දි මිරිස් නිසා දැවිල්ල ගත්තු එයාගෙ ඇස් දෙකේ කදුලු පුරෝගොන උඩ බැලුවා.
YOU ARE READING
PROMISES
Fanfiction.......තරු වගේ දිලිසෙන ඔය ඇස් මගේ වලදාපු අතීතෙ ටිකෙන් ටික එලියට ගන්නකොට,මාව පිස්සෙක් වෙන එක සාධාරනයි මැනික......... ..............ඔයාට තිබ්බා මගෙ ඇස් වලින් හැංගිලාම ඉන්න............... Kim Teahyung .............හැගීම් නොදැනෙන තරමටම මිදිලා ගිහින් ති...