මේපල් ලීෆ් හයි ස්කූල් එක සුපුරුදු ක්‍රියාශීලී ස්වභාවයෙන්ම අලුත් සතියක් ආරම්බ කරද්දි ජන්කුක් ලෙක්චර් හෝල් එකේ කොරිඩෝ එක දිගේ වේගෙන් දුවමින් හිටියා.
"අද නං සෑහෙන්න පරක්කුයි ."තමන්ටම කියාගන්න ගමන් ජන්කුක් කොරිඩෝ එකේ වංගුවෙන් හැරෙද්දිම වගේ එයා ඒ පැත්තෙන් ආපු තවත් කෙනෙක්ගෙ ඇගේ වැදිලා පිටිපස්සට විසිවෙලා ගිහින් බිමටම වැටුනා.
"ඌයි..........ඒකනං මට රිදුනා."ජන්කුක් කටත් උල්කරලා සද්දෙට කෑ ගහන ගමන් එයාගෙ ඇගේ වැදුනු කෙනා දිහා බැලුවා.
"ඔහ්.....ඕ..........."ජන්කුක්ට ඉබේම වගේ කියවුනේ එයා එච්චර තදේට වැදිලත් කිසිම ආපදාවක් නෑ වගේ හිටගෙන ඉන්න ටේහියුන් දැකලා.
"ඇයි හැමතිස්සෙම මාව මෙයාටම අහු වෙන්නේ.........."ජන්කුක් එයාටම කොදුරගන්න ගමන් විසික්වෙලා ගියපු එයාගෙ බැක් පැක් එක අහුලගෙන අමාරුවෙන් නැගිට්ටා.
"සොරීඊඊඊඊ..............මං හිතලා නෙවෙයි ඇවිත් හැප්පුනේ.."ජන්කුක් හීනි හඩින් කියද්දි ටේහියුන් එයාගෙ ඇහි බැමක් උස්සලා ජන්කුක් දිහා බැලුවා.
"මං කොහොමද ඒක විශ්වාස කරන්නෙ."ටේහියුන් ගැබුරු හඩින් අහද්දි ජන්කුක් ට ලොකු කෙල ගුලියක් ගිලුනා.ඇයි එයා හැම තිස්සෙම ජන්කුක් ව එහෙම බය කරන්නෙ.
"හොදයි,"ජන්කුක් ලොකු හුස්මක් පාත දැම්මා."ඇත්‍තටම මට ඔයාගෙ ඇගේ හැප්පෙන්න වුවමනාවක් තිබුනෙ නෑ.හිතලා කරනව තියා ඇත්තමයි මං ඔයා යන පාරකවත් යන්න කැමති නෑ.එහෙනම් මං දැන් යනවා.ඒ වගේම මට ඔයාව පස්සෙ හම්බවෙන්න ඕනිත් නෑ."
හිතට ශක්තිය ගත්ත ජන්කුක් එකදිගටම එහෙම කියාගෙන ටේහියුන්වත් පහු කරගෙන සුපුරුදු විදිහටම උඩ පැන පැන එතනින් දුවගෙන ගියා.
"හහ්......මං දැනගෙන හිටියෙ නෑනෙ එයාට එච්චර කතා කරන්න පුලුවං කියලා." ජන්කුක් දුවන දිහා ආපහු හැරිලා බලාපු හිටපු ටේහුයුන් එයාගෙ උරහිස් දෙක අකුලලා ඔලුව දෙපැත්තට වැනුවා.
ආපහු කොරිඩෝ එක දිගේ ඉස්සරට යන්න හැරිනත් ටේහියුන් එකපාරටම නතර වුනේ එයාගෙ කකුලට පෑගුනු දෙයක් නිසා.බිමට නැමිලා බලපු එයා රෝස පාට පිටකවරයක් දාපු ලස්සන පොඩි ජර්නල් එකක් අහුලගත්තා.
YOU ARE READING
PROMISES
Fanfiction.......තරු වගේ දිලිසෙන ඔය ඇස් මගේ වලදාපු අතීතෙ ටිකෙන් ටික එලියට ගන්නකොට,මාව පිස්සෙක් වෙන එක සාධාරනයි මැනික......... ..............ඔයාට තිබ්බා මගෙ ඇස් වලින් හැංගිලාම ඉන්න............... Kim Teahyung .............හැගීම් නොදැනෙන තරමටම මිදිලා ගිහින් ති...