7.පරිච්ඡේදය

159 39 18
                                    

මේපල් ලීෆ් හයි ස්කූල් එකට සුපුරුදු විදිහටම ගෝශාකාරී අලුත් දවසක් උදා වෙලා තිබුනා.ලමයි කලබලෙන් කොලේජ් එකේ හැමතැනම දුවගෙන යද්දී පාර පුරා දුව දුව හිටපු ලමයි එකපාරටම පාර දෙපැත්තට පැන්නෙ එකපාරටම රේස් කරගෙන ආපු කලු පාට කවසකි බයික් එකට ඉඩදෙන්න.

බයික් එක පාකින් ලොට් එකේ නතර කරලා ෆුල් ෆේස් හෙල්මට් එක ගලෝපු රයිඩර් එයාගෙ දිග කලු කොන්ඩෙ වේගෙන් ගසද්දි ගෑනු ලමයි එයා දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ.

බයික් එකෙන් බැහැලා එයාගෙ ගිටාර් එකත් අනිත් උරහිසට මාරු කරන ගමන්ම මින් සුගා සුපුරුදු විදිහටම සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියේ කිසිම හැගීමක් මූනෙන් පෙන්නනෙ නැතිවමයි.ඒත් එයාට වැඩි දුරක් එහෙම යන්න ලැබුනෙ නම් නෑ.

"යුගී හියුංගීඊඊඊඊඊඊඊඊඊඊඊ............"ගේට් එක ගාව ඉදං හති දාගෙන දුවගෙන ආපු ජන්කුක් එකපාරටම සුගාගෙ අතේ එල්ලුනා.

"ගුඩ් මෝනින්"ජන්කුක් එයාගෙ හා දත් දෙකත් එලියෙ දාලා ලස්සනට හිනාවුනා.

"මෝනින්........."

"කෝ අනේ ගුඩ්................"..

"......................................"

"හරියට ග්‍රීට් කරන්නකෝ..........කෝ.........කියන්න.........
ගුඩ්............. මෝනින් ............ජන්කුකී..........."ජන්කුක් වචනෙන් වචනෙ කඩ කඩ කතාකලා.

"................................................"

"ඔයා නං මහ නපුරෙක් අප්පා..................."ජන්කුක් මූනත් හොදටම ඇද කරගෙන සුගාගෙ අත අතෑරියා.

"ඔයාට පොඩි හරි අදහසක් තියෙයිද ඔයා කොච්ච්ර මෝඩයෙක්ද කියලා?"සුගා ඉස්සර බලාගෙන ඇවිදින ගමන් ගොරෝසු හඩින් කිව්වා.

"මං දන්නව මං මෝඩයි කියලා.ඕක සැරින් සැරේ මට මතක් කරන්න ඕනි නෑනෙ."ජන්කුක් කටත් උල්කරං එයාටම කියාගත්තා.

"......................................................................"

"යුගී හියුංගි ............."

"හ්ම්ම්ම්....................."

"ඔයා මට ගුඩ් මෝනින් කියලා නොකිව්වට,ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොදම හියුන්........."ජන්කුක් සුගාගෙ හීනි ඇස් දිහා බලලා හුරතල් විදිහට එතනින් දුවලා යද්දි සුගා එතනම ගල් වෙලා බලාගෙන හිටියා.

PROMISES Where stories live. Discover now