22.පරිච්ඡේදය

158 29 29
                                    

සෝල් නැශනල් උසාවිය සුපුරුදු විදිහටම තවත් නඩු වාරයක් ආරම්භ කරන්න සූදානම් වෙනකොට කිම් නම්ජූන් එයාගෙ හස්බන්ඩ් එක්ක උසාවි කාමරයේ නියමිත තැන් වල වාඩිවෙලා හිටියා.ජන්කුක් උසාවිය ඇතුලට එන එක තරයේම ප්‍රතික්ශේප කරපු නිසා වගේම නඩුකාරතුමාගෙ අවශ්‍යතාවය අනුව ජන්කුක් එයාගෙ ග්‍රැනී එක්ක වෙනම කාමරයක වාඩිවෙලා හිටියා .

හුස්ම හිරවෙලා යන්න තරම් අඩන ජන්කුක්ව තනි කරන්න ජින් අකමැති වුනත් ,එයාටත් වෙන කරන්න දෙයක් තිබුනු නෑ.විශේශම දේ වුනේ කිම් ෆැමිලි එකට ටිකක් එහාපැත්තට වෙන්න එයාලා ගාවින්ම වාඩිවෙලා හිටිය මින් සෝහුනුයි එයාගෙ පුතා මින් සුගායි.සුගා සැරින් සැරේ හන්බින් දිහා බලන මාරාන්තික බැල්ම නිසා හන්බින් හිටියෙත් ටිකක් කලබල වෙලා.

ජන්කුක් අඩ අඩ ගත්ත කෝල් එකෙන් පස්සෙ ඊලග තත්පරේ කිම් මැන්ශන් එකට කඩාවැදුනු සුගා ජන්කුක්ව හොයාගෙන කෙලින්ම අප්ස්ටෙයාර් එකට නැග්ගහම නම්ජූන් ටත් කට උත්තර නැතිවුනා.ඒත් සුගාගෙ කඩාවැදීමට හේතු පැහැදිලි කරගෙන ආපු ඒ පස්සෙන් ආපු සෝහුන් ජන්කුක්ගෙ කේස් එකට එයාගෙ උපරිම සහයෝගය දක්වන්න ඉදිරිපත් වුනා .

නඩුවාරය ආරම්භ වුනුවහාම හන්බින්ගෙ පාර්ශවයෙන් එයාගෙ ලෝයර් කරුනු ඉදිරිපත් කරද්දි ,එයාලගෙ ප්‍රභලම සාක්ශිය වුනේ ජන්කුක්ගෙ DNA හන්බින් එක්ක ගැලපුනු එක.හන්බින්ගෙ ලෝයර් ඒක එයාගෙ පොයින්ට් එක කරගෙන උසාවියට කරුනු ඉදිරිපත් කරන්න පටන් ගනිද්දි හන්බින් නම්ජූන් වගේම ජින් දිහා ජයග්‍රාහී බැල්මක් හෙලුවා.

"ස්වාමීනි........මෙහි ඉදිරිපත් කර සිටින ජියොන් ජන්කුක් නැමැත්තාගේ ජානමය පියා කන්ග් හන්බින් බව සාක්ශි සහිතවම ඔප්පු වී තිබෙනවා.ඉතිං එම දරුවාගේ නීත්‍යානුකූල භාරකාරිත්වය වෙනත් දෙවැනි පාර්ශවයක් යටතේ පැවතීම නිශ්පල කරුනක් ලෙසයි මා දකින්නේ....."

"ස්වාමීනී........මෙහි ඉදිරිපත් කර සිටින දරුවාගේ මව ඇගේ මරනයට පෙර දරුවාව කිම් නම්ජූන් නැමැත්තාට භාර කර තිබෙනවා.රෝහල් ආරංචි මාර්ග පවා එය සනාත කර සිටිනවා.නමුත් මෙහි සිටින කන්ග් හන්බින් නැමැත්තා යටගිය ජියොන් සාරාගෙ මරනයෙන් පසුව දරුවා භාරගැනීමට ඉදිරිපත්ව නැහැ .........."

PROMISES Where stories live. Discover now