20.පරිච්ඡේදය

148 29 25
                                    

මේපල් ලීෆ් හයි ස්කූල් එක සුපුරුදු විදිහටම කලබලකාරී දවසකට සූදානම් වෙද්දි කිම් නම්ජූන් එයාගෙ වාහනේ පාර්කින් එකේ කොනකට වෙන්න නතර කලා.ඒත් එයාගෙ සුදුපාට ස්නිකර්ස් දෙකත් එකිනෙකට වද්දන ගමන් බිම බලාගෙන හිටපු ජන්කුක්ට නම් එයාලා ස්කූල් එකට ආපු වගක්වත් දැනිලා තිබුනෙ නෑ.

"වස්තුවේ..........."නම්ජූන් ජන්කුක් ගෙ උරහිසට අතකුත් තියලා කතා කරද්දි ජන්කුක් ගැස්සිලා ගියා."ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ.?"

"ම්හුක්.................මම නෙවෙයි?"

"එහෙනම්......."

"ඔය දෙන්නයි ලොකු ප්‍රශ්නෙකින් ඉන්නෙ.ඔයාලා මගෙන් මොනාහරි හංගනවද ඩැඩා........"ජන්කුක් එයාගෙ අත්දෙක එකට ගුලිකරගන්න ගමන් එහෙම අහද්දි නම්ජූන් ලොකු හුස්මක් පාතට දැම්මා.

"එහෙම දෙයක් නෑ කුකී.ඔයා නිකම් බොරුවටනෙ බයවෙලා ඉන්නෙ."

"ඇත්‍තටම..........."

"අනිවාරෙන්ම වස්තුවේ.ඔයා දන්නවනෙ මමවත් පපාවත් කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ කියලා......"නම්ජූන් එහෙම කියනකොට ජන්කුක් නම්ජූන්ගෙ හයිය අත එයාගෙ චූටි ඇගිලි අතරට හිර කරගත්තා .

"මම දන්නවා ඩැඩා.අයි ලව් යූ.........."

"ලව් යූ ටූ වස්තුවේ."ජන්කුක් එයාගෙ කම්මුලට කිස් එකක් දීලා ලස්සනට හිනාවෙනකොට  නම්ජූන් ඉස්සරහට නැමිලා ජන්කුක්ගෙ කොන්ඩෙ අවුල් කරා.

"දැන් දුවන්නයි කිව්වෙ.මෙච්චර වෙලා බොරුවට නහයෙන් අඩලා බලන්නකො ඇස් දෙකත් රතුවෙලා."

"ගුඩ් බායි ඩැඩා."ජන්කුක් කාර් එකෙන් බැහැලා ගේට් එක පැත්‍තට දුවගෙන යනගමන් ආයෙමත් හැරිලා නම්ජූන් ට අත වැනුවා.

"ජින් කියන කතාව හරි.මෙයා නැති ජීවිතයක් ගැන නිකමටවත් හිතන්න මම කැමති නෑ."තමන්ටම කොදුරගත්ත නම්ජූන් එයාගෙ කාර් එක ස්ටාට් කරන ගමන් නොපෙනී යන ජන්කුක්ගෙ රූපෙ දිහා ආසාවෙන් බලාගෙන හිටියා.

මේ අතරෙ ජන්කුක් කොලේජ් එක පැත්තෙන් වැටිලා තියෙන අඩිපාර දිගේ කෙලින්ම ඉස්සරහට දුවලා ගිහින් එයාගෙ යුගී හියුංගිගෙ මියුසික් රූම් එක ගාව නතර වුනා.යුගී හියුංගිගෙ බයික් එක පාර්කින් එකේ නොතිබ්බ නිසා ජන්කුක් හිටියේ සෑහෙන පුදුම වෙලා.ඒත් මියුසික් රූම් එකේ දොර ඇරලා තිබුනු නිසා එයා කෙලින්ම ගිහින් දොරෙන් ඇතුලට එබුන.

PROMISES Where stories live. Discover now