6.පරිච්ඡේදය

170 40 20
                                    

ජන්කුක්ට උදේ වරුවෙ ලෙක්චර්ස් වැටිලා තිබ්බෙ නැති නිසා එයා සුගා හියුන් එක්ක ටික වෙලාවක් මියුසික් රූම් එකේ ගතකලා.පහුගිය දවස් කීපයේම එයා මුහුන දුන්නු සිදුවීම් හැම එකක්ම සුගා හියුන්ට කිව්වට පස්සෙ ජන්කුක් ට ලොකු සහනයක් දැනුනා.වචනෙකින්වත් ප්‍රතිචාර නොදැක්වුවට එයා කියපු හැම දේම සුගා අහන් හිටියා කියලා ජන්කුක්ට විස්වාසයි.

"සුගා හියොංගී ,ඔයා අහගෙන නේද ඉන්නෙ?"එයාගෙ ජින් පපා ගැන දිග විස්තරයක් කරලා ඉවර වෙලත් සුගාගෙන්  ප්‍රතිචාරයක් නැති කොට ජන්කුක් තරහෙන් වගේ ඇහුවා.

"ඔයාගෙ කට රිදෙන්නෙ නැද්ද?හරියටම ඔයා විනාඩි විස්සක් එකදිගට කතා කරා."සුගා අත්දෙකත් බැදගෙන පුටුවට හේත්තු උනා.

"ඒත් මම තාම ඉවර කලේ නෑ."ජන්කුක් කටත් උල් කරලා  ඇස් දෙක ලොකු කරලා බැලුවා."ජින් පපාට රසට උයන්නත් පුලුවන්.ඒත් එයා ඩැඩාට  නං කිචන් එකට එන්න දෙන්නෙ නෑ.ඒක නෙවෙයි සුගා හියොංගී අපේ ඩැඩා අල්ලන අල්ලන එක කඩලා දානවා.ඔයා එහෙම කෙනෙක් ගැන නං කවදාවත් අහලා නැතුව ඇති නේ......... ."

සුගා ලොකු හුස්මක් ගත්තා.එයා සාමාන්‍යයෙන් නිශ්ශබ්දතාවය ප්‍රිය කරනවා.ඒත් කොහොමද එයා එයාගෙ  ජන්කුකීව  නොසලකා හරින්නෙ...............

"ඔයා දැන් පපායි ඩැඩයි ගැන කියෝපු විදියට මට මං ගැනත් අමතකයි වගේ......"
සුගා හිමීට එයාගෙ නලල අතගාගත්තා.

"ඔයාගෙ ඇත්තම නම මොකක්ද සුගා හියුන්."ජන්කුක් එකපාරටම ඇහුවා.

"සුගා............."

"හොදයි ඒක නමක් වගේ නෙවෙයි.මං අහන්නෙ ඇත්තම නම."ජන්කුක් ඇහුවහම සුගා ලොකු හුස්මක් පාත දැම්මා.

"ඒක මින් යුංගි."

"ඕහ් ඔච්චර ලස්සන නමක් තියාගෙන ඇයි ඔයාටම සුගා සුගා ගාගන්නෙ.අද ඉදං මං ඔයාට කියන්නෙ යුගී හියුංගි කියලා."ජන්කුක් අත්පුඩියක් ගහලා හිනාවුනා.

"මොකද්ද?"සුගා පුදුමෙන් වගේ ඇහුවා.

"යුගී හියුංගී........ඒක ලස්සනයි නේද?"

"ඒ නමින් කෙනෙක් මට කතා කරලා හුගක් කල් ගිහින්."සුගා ගොරහැඩි හඩින් උත්තර දෙනකොට ජන්කුක්ගෙ මූන මැලවුනා.

PROMISES Where stories live. Discover now