ස්කූල් ගේට් එකෙන් රේස් කරලා ඇතුලට දාපු කලු පාට කවසකි බයික් එක පුරුදු විදියටම පාකින් ලොට් එකේ නතර කලා.
බයික් එකෙන් බැහැපු රයිඩර් එයාගෙ ෆුල් ෆේස් හෙල්මට් එක ගලවලා ඒ දිග කලු කෙස් එහෙ මෙහෙ ගසලා දැම්මේ හැමෝගෙම අවදානේ එයා දිහාවට ගන්න ගමන්.
මූනට වැටුනු කොන්ඩෙ අතින් පිටිපස්සට කරද්දි එයා දැක්කෙ කාර් පාර්කින් එකේ කෙරවලේ ම ඉදං එයා දිහා බලාගෙන ඉන්න තවත් කෙනෙක්...........
කලු පාට BMW එකට පිට දීගෙන හිටපු කිම් ටේහියුන් ඇස් පිල්ලමක්වත් නොගහා මින් සුගා දිහා ඔහේ බලාගෙන හිටියා.සුගත් එයාගෙ කට කොනට මැර හිනාවක් දාගෙන ටේහියුන් දිහා බලාගෙන හිටියෙ කොහොමත් මිත්‍රශීලී බැල්මකින් නෙවෙයි.
ටේහියුන් එයාගෙ ශර්ට් එකේ අත් උඩට රෝල් කරන ගමන් සුගා දිහාට මාරාන්තික බැල්මක් හෙලුවත් ඒක ගානකටවත් නොගත්ත සුගා ඒ සුදු දිග ඇගිලි වලින් එයාගෙම බෙල්ල හිමීට අතගාගත්තෙ ටේහියුන්ගෙ බෙල්ල මිරිකන්න බැරි කමට වගේ.
ඒත් එකිනෙකාව හිතෙන් මරාගන්න මේ අයි කන්ටැක් එක වැඩිවෙලා තියාගන්න බැරි උනේ සුගාට පිටිපස්සෙන් ඇහුනු කටහඩක් නිසා.
"යුගී හියුංගීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.........."
ජන්කුක් යටිගිරියෙන් කෑගහගෙන ඇවිත් සුගාගෙ ඇගේ එල්ලුනා."ගුඩ් මෝනින්..........."
"................................."
"හරි මට අමතක වුනා.ඔයා ග්‍රීට් කරන්න කැමති නෑනෙ.ඒත් මගෙ මෝනින් එක බෑඩ් උනොත් වැරදිකාරයා ඔයා හොදද?"
ජන්කුක් කටත් උල් කරං කියද්දි සුගා කිසි ගානක් නැතුව බයික් එකේ තිබ්බ ගිටාර් එක අරගෙන උරහිසේ එල්ල ගත්තා.
"මේ යුගී හියුංගී.මං ඔයාට බඩ්ඩක් ගෙනාවා."ජන්කුක් අත් දෙකෙන්ම අල්ලගෙන හිටපු රෝස පාට බෑග් එකක් යුංගිට දික් කලා.
"මේ මොනාද?"
"ඔයාම බලන්නකෝ."
සුගා බෑග් එක ඇදලා ඉස්සෙල්ලම එලියට ගත්තෙ ජන්කුක් ඊයෙ රෑ පුරාම එයාගෙ ෆ්ලශී කලෙක්ශන් එක ඇදලා ඇදලා අන්‍තිමට තෝරගත්ත කිටී ෆ්ලශී එක.
YOU ARE READING
PROMISES
Fanfic.......තරු වගේ දිලිසෙන ඔය ඇස් මගේ වලදාපු අතීතෙ ටිකෙන් ටික එලියට ගන්නකොට,මාව පිස්සෙක් වෙන එක සාධාරනයි මැනික......... ..............ඔයාට තිබ්බා මගෙ ඇස් වලින් හැංගිලාම ඉන්න............... Kim Teahyung .............හැගීම් නොදැනෙන තරමටම මිදිලා ගිහින් ති...