episode 8

141 12 0
                                    

💕: අහන්න පුතේ

🐰: ජන්ගුක් මගේ නම ජන්ගුක් මට පුතා පුතා කියලා කතා කරන්න හිතන්නවත් එපා 😡

ජෙනී ලොකු හුස්මක් පිට කරා

💕: මට සමාවෙන්න

🐰: මම කවදාවත් ඔයාට සමාව දෙන්නේ නෑ ජෙනී...ඔයා කරෙ එසේ මෙසෙ වැරැද්දක් නෙමෙයි...වැදූ පමණින් කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්නේ නෑ ජෙනී ඔයා මාව දාලා ගියාම මට අම්මගේ උණුහුම දැනුනේ නෑ ඒක දුන්නේ අජුම්මා විතරයි දැන් එයත් නෑ...ඩයරිය මට ගොඩක් වටින එකක්...ඒක මට දුන්නේ අජුම්මා..එයා මැරෙන්න කලින්....ඒකේ ඇතුලේ මොනා තියෙනවද කියලවත් මම දන්නේ නෑ එකපාරටම කව්ද කෙනෙක් ඒක හොරකම් කරලා.. ඒ වෙන කව්රුත් නෙමෙයි කිම් ජෙනී ඔයයි.....

ජෙනී කිසිම දෙයක් කිව්වේ නෑ ටේහ්‍යුන් හිටියේ දැඩි කෝපයෙන්

🐰: තව දෙයක් ජෙනී ඔයා ටේහ්‍යුන් සර්ව බැන්දේ එයාට තියෙන ආදරයකට නෙමෙයි කෑදරයකට කියලා මම හොදටොම දන්නවා...ටේහ්‍යුන් සර්ට ගොඩක් සල්ලි තියෙනවා මෙහෙම හිටියට..මොකද ඉතින් එයා අපේ ජනාධිපති තුමාගේ අතුරුදන් උන පුතනේ නේද සර්!!

ජන්ගුක් කටකොනකින් හිනාවක් දාගෙන කිව්වම ටේහ්‍යුන්ගේ ඇස් ගැස්සුනා ජෙනී කටත් ඇරගෙන ජන්ගුක් දිහා බැලුවා

🐰: මීට අවුරුදු ගානකට කලින් කව්දෝ කට්ටියක් අපේ සර්ව පැහැරගත්තා..එතකොට සර් ගොඩක් පොඩියි..ඒත් කිසිම කෙනෙක්ට සර්ව හොයාගන්න බැරි උනා සර් ජීවත් උනේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ඒත් ටේහ්‍යුන් කියන්නේ කව්ද කියලා දන්නේ එක්කෙනයි ඒ ඔයයි ජෙනි..කවදහරි ටේහ්‍යුන්ව බැන්දොත්...කවදහරි ටේහ්‍යුන් කියන්නේ ඇත්තටම කව්ද කියලා ලෝකය දැනගත්තට පස්සේ ජෙනීට ඉතින් පුලුවන්නේ රජ සැප විදින්න නේද හරියට මගේ තාත්තා එක්ක ඉදියා වගේ අන්තිමට අමාරු කාලේ තාත්තව අත හැරියා...ඉතින් ජෙනී ටේහ්‍යුන් කියන්නේ කව්ද කියලා හැමෝටම කියන්නේ කවද්ද මට ආරංචි උනා ඔයා අද ඒ වැඩේට යන්න හදන්නේ කියලා මම හරිද?

ජන්ගුක් සමච්චලයෙන් හිනා වෙලා කිව්වම ජෙනීට කට උත්තර නැති උනා...

ටේහ්‍යුන් යටි තොල හපාගෙන හිටියා...

🐰: මම හැමදේම දන්නවා ජෙනී ඔයාට බැහැ ටේහ්‍යුන් සර්ව සෙල්ලම් බඩුවක් ගානට ඇදලා දාන්න මේ මම ඉන්නකම්...ටේහ්‍යුන් කියන්නේ කව්ද කියලා කාටහරි කියලා තිබ්බොත් ඔයා නොදන්න මම දන්න ඔයාගේ රහස මම හැමෝටම කියනවා....තේරුනද?

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now