"එයා නින්ද යන්නැති වෙන්න ඉගැන්නුව නම් අපිට නින්ද යනවයෑ.. "
කිව්වා.. ළමයි සේරම ජීයු දිහා බලන් ඉද්දි මිස්ටර් කිම් ජීයූ ලගට එන ගමන්"ඇත්ත ද මිස් ජීයු..එහෙනම් ඔයාට පුලුවන් නේද නින්ද යන්නැති වෙන්න මේක continue කරන් යන්න.. ok.. come here. "
කියද්දි ජීයූ ඉක්මනින් එලියට යන්න ගියත් මිස්ටර් කිම්"කිම් ජීයු.. come here.. "
සැරෙන් කියද්දි ජියු ගැහි ගැහි මිස්ටර් කිම් ලගට ආවා.Time passed...
"යා ජියු මෝඩි මං කිව්වනේ.. දැන් ඉතිං අඩන්නේ.. මං කිව්වා කට පරිස්සමෙන් ඉන්න කියලා"
ටේහිත් අඩන්න වගේ කිව්වේ ලෙක්චර් එක ඉවර වෙලත් ජියු අඩන නිසා."ඉහ්.. මෝඩ මනුස්සයා මං හොද වැඩක් කරන්නම්කෝ.. මෝඩයා... " කියද්දි ටේහී
"අයියෝ අනේ... ඕක නවත්තන්න ඔයා එයාට මොනා කරන්නද.. අනික ඔයත් වැරදි ඔයානේ නිදා ගත්තේ.. "
කියද්දි ජීයු ටේහි දිහා අඩන ගමන් ම රවලා බැලුවා."හරි හරි දැන් කන්න යමු.. එන්න අද මං ගානේ..එන්න.."
"බෑ මට එපා.. මට බඩගිනි නෑ.."
"අනෙ අනේ මේ එන්න.. මං ඔයාට අරන් දෙන්නම් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එන්න එන්න..අඩන බබාට මං ගානේ මිල්ක්ශේක් හොදයි නෙහ්.. යමු.. "
කියන ගමන් ටේහි ජීයුව බලෙන් ඇදගෙන කැෆටේරියා එකට ගියා. ජීයූ දුවගෙන ඇවිත්
"මට අර අන්තිම ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක ඕනි.. " කියද්දිම
"මට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් දෙන්න"කියන ගමන් එතනට ආවේ මිස්ටර් කිම්. දෙන්නාම දෙන්නගෙ මූණ දිහා බලද්දි ටේහි දෙන්නම දිහා බැලුවෙ ඇයි අනේ මෙහෙම වෙන්නේ කියලා හිතන ගමන්. කවුන්ටර් එකේ ඉදිය අජුම්මත් දෙන්නාම දිහා බලලා අන්තිම ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක මිස්ටර් කිම්ට දෙන්න හදද්දිම ජීයූ ඒක අරගෙන
" First Come First Serve 😏 සර්මයි කියලා දුන්නේ එහෙමනෙහ්..😏 ඕකේ... ටේහී සල්ලි දෙන්න "
කියන ගමන් මිල්ක්ශේක් එක බොන ගමන් කැෆටේරියා එකේ පිටි පස්සට වෙන්න තිබුණ ටේබල් එකකින් ඉද ගත්තා. මිස්ටර් කිම් ටේහී දිහා බලද්දි ටේහී මිස්ටර් කිම් දිහා නොබලම බිල් එක පේ කරලා ජීයූ ගාවට ගියා.
YOU ARE READING
Mr.KIM
Fanfictionටේහ්යුන්ශී මට හාදුවක් දෙයි කියලා හිතුවට මෝඩ කිම්කාරයා කිස් කරේ මගේ නළල.😪😒 කමක් නෑ දුකක් නෑ. මිස්ටර් කිම් ඔහොම තමා. . . . . . . . . . 2024/05/31 kimnimnadi1019