Hidden Love ❤✨

92 9 28
                                    

මං ටේහ්‍යුන්ශී ගැන හිත හිතා ඉන්නකොට මට දැනුනේ කවුරු හරි ඇදට ඇවිත් මාව බදා ගන්නවා වගේ..

" අහ් ජියු.. " මට හිනා ගියෙ ඊයේ රෑ මතක් වෙලා ජියුගෙ අතුයි කකුලුයි සේර්ම තිබ්බේ මගෙ ඇග උඩ ඇත්තට හිතුවොත් එයා ඉදියේ මගෙ ඇග උඩ..😂 මට මතක් වෙද්දිත් හිනා යනවා. ඒත් මාව ගැස්සිලා ගියේ ඒ කෙනා කතා කරපු නිසා.

" ජී.... " ඒ කෙනා කිව්වා. ටේහ්‍යුන්ශී..මං එකපාරටම නැගිටින්න හැදුවත් ටේහ්‍යුන්ශී මාව තව ටිකක් එයාට ළං කරලා තදින් බදාගත්තා... ඇයි එයාගෙ ඇග රස්නේ මෙච්චර... ම්ම්...හ්... ජී යු ඉක්මනට එනවා... ඔයාගෙ ඔප්පා ශර්ට් අදින්නෙ නෑ කිව්ව නේද... එ..එතකොට දැන් ට්...ටේහ්‍යුන් ශි ඉන්නේ....අ...අනී අනී.. මං එතනින් එහාට යන්න දගලද්දි ටේහ්‍යුන් ශි මාව චප්ප වෙන්න තරම් තද කරලා බදා ගන්න ගමන්...

" ජී හුගක් සීතලයි.. ඉතිං මාත් ආවා. නිදාගන්නම කියපු දවස නැද්ද" කිව්වා. ඒ විතරක් නෙවෙයි එයා බෙඩ්ශිට් එකට පාත් කරලා මගේ කම්මුලකට හාදුවකුත් දුන්නා. ඒකට නම් මාව ගැස්සිලා ගියා. එයා මාව දැක්කෙ නැද්ද ... එයා නිදිද.. හිතන ගමන් මං

" සර් " කියලා කිව්වේ නැත්තම් මාව දැක්කම මොනා වෙයිද කියලා හිතන ගමන්.

" සර්..😂 ජී මාව හිනාගස්සන්න එපා.. මට නිදිමතයි.." කිව්වේ ඇස්දෙක පියාගෙනමයි කියලා මට තේරුනේ එයාගේ නිදිමත කටහඩින්. එයා ළග රස්නෙයි. මට හිතුනේ එයා මාව තදින් බදාගෙන ඉදිය නිසා... යාහ් ටේහී ඉක්මනින් නැගිටිනවා නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි. මං ආයෙත් හිතුවෙ මාව දැක්කොත් ටේහ්‍යුන්ශී යක්සාවේස වෙයි කියලා හිතුනු නිසා.

" ස්..සර්... ම්මං ජියු..." මං කියද්දිම

" ඔප්පා.... ටේහී බදාගෙන නිදාගන්න හොදයි නේද මගේ ටෙඩිටයි කොට්ට ටිකටයි වැඩිය එයා හොදයි.😌 නේද.."

කියද්දි ටේහ්‍යුන්ශී ඉක්මනින් නැගිට්ටේ මාව ඇදෙන් බිමට තල්ලු කරන ගමන්..

" ආව්.." මට කියවුනේ බිමට වැටුණු වේගෙට.

" ජී... මෙ මේ කෙල්ල මොකද ඔයාගෙ ඇදේ කරන්නේ..ටේහ්‍යුන්ශී සැරෙන් කිව්වා උනත් මට හිතෙනවා ඒ කටහඩේ පොඩි බය ගතියකුත් තියෙනවා කියලා.

Mr.KIMWhere stories live. Discover now