The End ✨️❣️

159 11 28
                                    

ටේහි ටේහ්‍යුන් හම්බවෙලා ගියාට පස්සෙ මේ වෙනකම් ටේහිට යුනිවර්සිටි එන්න ලැබුනෙ නෑ. හැබැයි ටේහිට ඊට වඩා සතුටු වෙන්න ඕනි දේවල් ටිකක් ලැබුණා. ටේහිගෙ අප්පා මිස්ටර් එරික්ගෙ මැරේජ් ප්‍රොපෝසල් එකට අකැමැති උනා. ටේහිගේ අප්පට එරික්ට එරෙහි නීතිමය පියවර ගන්න ඕනි උනත් එකේන් ටේහිට ප්‍රශ්නයක් වෙන නිසා ටේහිගෙ ඔම්මා කැමති උනේ නෑ.

  ජි එයුන් නැත්තම් ටේහ්‍යුන්ගේ ඔම්මා ටේහ්‍යුන් ටේහි දෙන්නා ගැන ටේහිගෙ ඔම්මයි අප්පයි එක්ක කතා කලා. මුලින් දෙන්නා පුදුම උනා උනත් ඒ දෙන්නාත් ටේහ්‍යුන්ටයි ටේහිටයි අවසර දුන්නා.

කොහොම උනත් එරික් නම් සිද්ධ වුනු දේවල් ගැන හිත හොදකින් නෙවෙයි හිටියේ. මොකද එරික් එයාට ඕනි උනු එක  ගෑනු ළමයෙක්ටවත් බේරේන්න දුන්නෑ. ටේහි තමයි පළවෙනි කෙනා එරික්ගෙන් බේරුනු.

  ඒවගේම එරික් දැනගත්තා ටේහ්‍යුන්ගෙයි ටේහිගෙයි රිලේෂන්ශිප් එක ගැනත්.

   " ඒකත් එහෙමද කිම් ටේහ්‍යුන් "

එරික් හිතුවේ අහම්බෙන් ජියුගෙ ෆෝන් එකේ තිබිලා දැකපු ටේහ්‍යුන්ග් ටේහිව ඇදේ බදාගෙන ඉන්න ෆොටෝ එක දැකලා.

..........................................................

Taehee house
@ morning

   ටේහි... අද හවසට මාත් එක්ක ගමනක් යමු. දැන් දවස් ගානක්ම ගේ ඇතුලේනේ. ටේහිගෙ අප්පා කිව්වේ ඩයිනින්ග් ටේබල් එකේ ඉදගන්න ගමන්.

  කොහෙද අප්පා .... ටේහිත් ඇහුවෙ හිනා වෙලා.

  පාර්ටි එකකට.. ටේහ්‍යුනුත් එයි. ටේහිගේ අප්පා කිව්වේ ටේහි දිහා බලන ගමන්. ටේහිට හිනාවක් ගියත් අප්පා බලන් ඉන්න නිසා හිනාව බොහොම අමාරුවෙන් නතර කර ගත්තා.

  "හැබැයි මට මේක ගැන ඔයාට පැහැදිලි කරන්න වෙයි... "  කියන ගමන් ටේහිට පෙන්නුවේ ටේහිට ආව මැසෙජ් එකේ තිබුණ ෆොටො එක. ටේහිගෙ ෆෝන් එක මේසෙ උඩ තිබුණ නිසා ජියු ටේහිව අවුස්සන්න එව්ව මැසේජ් එක මුලින්ම දැක්කෙ ටේහි අප්පා.

  " අහ්.. අප්පා... ඒක ජියු.. හොරෙන් අරන්..එහෙම නෑ.. ටේහ්‍යුන්ශී ජීයු කියලා හිතලා මාව තුරුල් කරගත්තේ ඒක වැරදීමක්... " ටේහි බයෙන් කිව්වේ අප්පා සැර නිසා.

Mr.KIMWhere stories live. Discover now