කොළඹ පිට කොටුව දුම්.රිය ස්ථානයේ සිට ගමන් ඇරඹි මහව බලා පිටත් වන දුම්.රිය නිදහසේ ඉදිරියට ඇදුනේ තවත් දුම්.රිය නැවතුම්පලවල් තුනක් පසු කිරීමෙන් අනතුරුවයි..
එහි සිටි සෑම මඟියෙක් පාහේම තම තමන්ගේ ලෝක වල දුක සතුට අතරේ තනිවෙද්දි පළමු පෙළේ එක් දුම්.රිය මැදිරියක් තුළ නවවන සහ දහවන අසුන් අයිති කොටගෙන සිටින තරුණයන් දෙදෙනාද ඔවුන්ගේ ලෝක වල තනි වී ඇත..
එක් තරුණයෙක් විවර කොට ඇති ජනෙල් කවුළුව හරහා නගර පසුවෙන දෙස බලමින් සිටින අතර අනෙක් තරුණයා තම හිස ආසනයට බර කොට තම දෙනෙත් පියාගෙන සිටී..
තමාට යාබඳ අසුනේ සන්සුන් ලෙස නිදාසිටින තම නව මිතුරා දෙස වරක් හැරී බැලූ මිනූෂ, නැවතත් කවුළුවෙන් පිටතට තම අවධානය යොමු කලද හදිසියේ දැනුනු කුසගින්න නිසාවෙන් මිනූෂ නැවතත් ෂේන් වෙත තම දෙනෙත් යොමු කළා..
තම දෙඅත් පපුව හරහා බැඳගෙන දෙනෙත් පියා සිටින ෂේන්ගේ රුව, මිනූෂ ගේ හදගැස්මේ පාලනය ඔහුගෙන් උඳුරන්නාක් බඳු වූවා..
එක් ඇහිබැමැක සහ යටිතොලේහි කර තිබූ පියර්සින්ග්ස් ඔහුට සරාගී ආකර්ෂණීය බවක් ගෙන දී ඇති බව මිනූෂ වාදයකින් තොරව පිළිගත්තා..
තවත් මඳක් සන්සුන්ව පිය වී ඇති දෙනෙත් හිමි ෂේන්ගේ මුහුණට ලන් වූ මිනූෂ, ෂේන්ගේ නළලට වැටී ඇති හිසකෙස් දෙස උවමනාවෙන් විපරම් කළා..
"ඇත්තටම මාෆියා ලීඩර් කෙනෙක් වගේනේ.. මං රැවටුන එක පුදුමයක් නෙවෙයි... ආහ් ඔයා ඇත්තටම එහෙම කෙනෙක් උනානම් මං මොන ඇම දාලා හරි ඔයාව දැලේ දාගන්නවා.. uwuuu I love dark romance!"
තමාට පමණක් ඇසෙන පරිදි රහසින් මිමිණූ මිනූෂ, ෂේන්ගේ රුවෙන් ඈත් වී ආසනයෙන් නැගිට බෑග් රඳවනයේ තිබූ තම බෑගය අතට ගෙන නැවතත් ආසනයෙන් වාඩිවූවා..
විවර කර තිබූ ජනෙල් කවුළුවෙන් පැමිනෙන සුළඟ නිසා විසිර යන තම හිසකෙස් රොඳක් අල්ලා එය තම කනක් පිටුපස රැදවූ මිනූෂ, බෑගයේ තිබූ එක් භාජනයක් තම දෑතට ගෙන නිදාසිටින ෂේන් දෙස බැලුවා..
හුස්මක් පාත දැමූ මිනූෂ සෙමෙන් භාජනයේ පියන විවෘත කළ විට පැතිර ගිය සැන්ඩ්විචස් සුවඳෙන් ව්‍යාජ නින්දක සිටි ෂේන්, එක ඇසැක් විවර කර සැන්ඩ්විචස් දමා තිබෙන භාජනය දෙස බලා සිටින මිනූෂ දෙස බලා, නැවතත් තම ඇස පියවාගත්තා..
YOU ARE READING
Window Seat - Taekook Nonfic
Short Story"Excuse me, ඕක මගේ ශීට් එක" . . . අහඹු ලෙස මුණගැසී අහඹු ලෙස ගොඩ නැඟෙන නොසිතූ මොහොතක හදවතේ දළු ලෑ ප්‍රේමණීය හැඟීම් ගොන්නක ආදරණීය සිතුවිලි කවිය මෙලෙස වචන කරමි... ~ Taekook Sinhala Top Kook Bottom Tae Nonfic Short Story ඔවුන්ගේ ආදර අන්දරයේ කොටස්කාරයෙකු...