"Oh no!"
තමාට පමනක් ඇසෙන පරිදි මිමිණූ ෂේන්, තම අතක් තදින් අල්ලා ගෙන බියෙන් ගැහෙන මිනූෂ දෙස බැලුවා..
මිනූෂගේ දෙඇස් දැනටම තෙත් වී තිබුණේ ඔහු තුළ හටගත් බිය නිසා බව තේරුම් ගත් ෂේන්, ක්ශනයෙන් නැවතත් තම අසුනෙන් ඉදගෙන වේගයෙන් විවර කර තිබූ ජනෙල් කවුළුව වසා දැමුවේ කවුරුන් හෝ මිනූෂව දකිනු ඇතැයි ඔහු තුළ හටගත් සිතුවිල්ල නිසාවෙන්...
අසුනෙන් පිටතට එබී පිටුපස බැලූ ෂේන්ගේ දෑස් වලට කළු කෝට් හැදි පුද්ගලයින් හසු නොවෙද්දි ඔව්න් තවමත් තමාට ළඟින් නොමැති බව වටහාගත් ෂේන් අසුනට තම හිස බරකර දෑස් පියාගත්තේ කලබලකාරී මනස ඔහුට කිසිදු අදහසක් නොදෙන නිසාවෙනි...
මේ අතර දෑස් වසා සිටින ෂේන් දෙස බැලූ මිනූෂට අවශ්‍ය වූයේ කුමන හෝ අයුරකින් මෙම නැවතුම්පොළෙන් බැස ගොස් හෝ බේරීමට උවද ඔහුගේ වාසනාවකට හෝ අවාසනාවකට මේ වන විට දුම්.රිය අලව්ව නැවතුම්පොළ පහු කර සිය ධාවනය ආරම්භ කර තිබුණා...
ජනේලය විවර කර හෝ ජීවීත අවධානමක් ගෙන ජනෙල් කවුළුවෙන් පැනීම මිනූෂට දාහෙන් සම්පතක් වෙද්දි කරකියාගන්න දෙයක් නොමැතිව මිනූෂ සිය වෙව්ලන දෑත් එකට පටලවාගෙන බියෙන් ෂේන් දෙස බැලුවා...
සිතූ සේම දෑස් පියාගෙන බර හුස්මවල් පාත දැමීම ෂේන්ගේ කලබල සිත පුරුද්දකට මෙන් සන්සුන් කරද්දි ඔහු මිනූෂව මුදවාගැනීමට මඟක් කල්පනා කලා...
මිනූෂව ගලවාගැනීම තමාගේ වගකීමක් ලෙස දැනෙන නිසාම ෂේන් උවමනාවෙන් ඊට මඟක් සෙව්වා...
එක්වරම යමක් මතක් වූවා සේ සිනහවකින් මුහුන සරසාගත් ෂේන් දෑස් විවර කොට මිනූෂ දෙස බලා නැවතත් පිටුපස බැලුවේ ඔව්න් තමාට ලගා වී ඇත්දැයි පිරික්සීමට.. නමුත් තවමත් ඔව්න්ගේ චායාවකුදු ඔහුගේ නෙතට නොගැටෙද්දි සැනසුම් සුසුමක් ලෑ ෂේන් බියෙන් සිය දෑස් විසල් කරගෙන තමා දෙස බලාපොරොත්තු පිරුණු දෑසකින් බලා සිටින මිනූෂ දෙස බලා ඔහුට ළං වූවා..
"Don't worry, Let me handle this"
මිනූෂගේ සවනකට ෂේන් මිමිණූ විට අසරණබාවයේ අන්තයට පැමිණ සිටි මිනූෂ වේගයෙන් හිස සලා එය පිළිගත්තා..
YOU ARE READING
Window Seat - Taekook Nonfic
القصة القصيرة"Excuse me, ඕක මගේ ශීට් එක" . . . අහඹු ලෙස මුණගැසී අහඹු ලෙස ගොඩ නැඟෙන නොසිතූ මොහොතක හදවතේ දළු ලෑ ප්‍රේමණීය හැඟීම් ගොන්නක ආදරණීය සිතුවිලි කවිය මෙලෙස වචන කරමි... ~ Taekook Sinhala Top Kook Bottom Tae Nonfic Short Story ඔවුන්ගේ ආදර අන්දරයේ කොටස්කාරයෙකු...