2 වන පරිච්ඡේදය

79 13 4
                                    

වේලාව හවස 2.30 බව කාමරයේ තිබූ බිත්තියේ ඔරලෝසුවෙන් සන්ග් හුන් දුටුවේය.විවිධ රූප මවන වළාකුළු දෙස සන්ග් හුන් දැන් පැය කීපයක්ම බැල්කනියේ ටයිල් පොළොව මත වාඩි වී බලාසිටියේය..තම දුරකථනය නාද වනවිට සන්ග් හුන් වළාකුළු වලින් ඇස් ඉවතට ගෙන් දුරකතනය ගෙන කනෙහි රදවා ගත්තේය.

"ජේක්."

"සන්ග් හුන් ඔයාට අමාරුයිද?"
ජේක් හොදින්ම දන්නවා සන්ග් හුන් විශ්ව විද්‍යාලයට නොපැමිණි හේතුව.සන්ග් හුන්ගේ මුවට වේදනාත්මක සිනාවක් නැගුණි.

"හ්ම්...."

"දුක් වෙන්න එපා හුන්.මට විශ්වාසයි ඉක්මනින්ම ඔයාට ඔය කරදර වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලා.."

"ස්තූතියි ජේක්.."
දුරකතනය පසෙකින් තැබූ ඔහු නැවත වළාකුළු අතර අතරමං විය...තම පළාතෙහි ප්‍රබල ව්‍යාපාරයකු වන තම පියාගේන් වගේම කුඩම්මාගෙන් නිතරම පාහේ හිරිහැරයට ලක් වන සන්ග් හුන් හට මෙලෙස කාමරයේ බැල්කනියට වී වළාකුළු අතර අතරමං වීම අරුමයක් නොවේ.කුඩම්මත් කුඩම්මාගේ නිවුන් දරුවෝ දෙදෙනා සමග පියා ඉතා ආදරයෙන් කාලය ගෙවන අතර සන්ග් හුන් හට එම විශාල නිවසෙහි හිමි වූයේ ඔහුගේ කාමරය පමණි.

"සන්ග් හුන්....ගුඩ් මෝනින්..."
ජේක් ගේට්ටුවෙන් ඇතුළට හිමින් හිමින් ඇවිදන් එන සන්ග් හුන් ගාවට දුවගෙන ගිහින් පිටට තට්ටුවක් දැම්මේය.එක්වරම සන්ග් හුන් කෙදිරි ගෑ පසු සියල්ල වැටහුණු ජේක් සන්ග් හුන් දෙස මද වේලාවක් දෑස් පිය නොහෙලා බලා හිද ඔහුගේ අතින් ඇදගෙන වොශ් රූම් තිබෙන පැත්තට ගියහ.

ජේක් සන්ග් හුන් හැද සිටි කමිසය ඉහළට එසවා ඔහු දෙසත් ඔහුගේ පිට දෙසත් මාරුවෙන් මාරුවට බැලුවත් සන්ග් හුන් කිසිත් නොදැනෙන අයුරින් කන්නාඩියෙන් පෙනෙන තමාගෙ ප්‍රතිබිම්බය දෙස හැගීම් විරහිත ලෙස බලා සිටියහ.

Hidden Gem Where stories live. Discover now