හෝරාවක් පමණ ගත විය.සන්ග් හුන් තවමත් තමා ඉදිරියෙහි මේසයේ ඇති බීම වීදුරුව දෙස බලා සිටින්නට විය.නාගෙන පැමිණි ජේක් කුඩා තුවායකින් කොන්ඩය පිසදමමින් සන්ග් හුන් අසලින් වාඩි විය.ජේක්ගේ සුවද දැනුනු හුන් හිස හරවා තමා අසල වාඩි වී සිටින ජේක් දෙස බැලුවේය.ජේක් සුන්දර තරුණයෙකි.දැන් නාගෙන පැමිණි නිසාදෝ ඔහුගේ සුන්දරත්වය තවත් ඉස්මතුව හුන් හට පෙනෙන්නට විය.
"දැන් ඇති හුන්...බලන්න එයාලා ගිහිල්ලත් දැන් පැයක් විතර වෙනවා."
හීසන්ග් සහ යොන්ග්මීව අදුන්වා දුන් පසු ඔවුන් සමග විනාඩි කිහිපයක් කතා කළ අතර ඉන්පසුව ඔවුන් දෙදෙන පිටව යන්නට වූයෙ පසුදින ජේක්ගේ නිවසට පැමිණ ව්‍යාපෘතිය අවසන් කරන්නට තීරණය කිරීමෙන් පසුවයි.ඔවුන් ගිය වේලාවේ පටන් හුන් බලාගත්තු අත බලාගෙන සිටින්නට විය.හුන් බර සුසුමක් පිට කරන්නට විය....ජේක් හුන්ගේ දෙඅත් තම දෙඅත් අතරට ගෙන පිරිමදින්නට විය.
"මොකක්ද ප්‍රශ්නේ හුන්.ඔයා හොදින් නෙමෙයි.ඔයා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා වගේ.ඇයි මේ...?"
දවස් කීපයක සිට හුන්ගෙන් අසන්නට අවශ්‍ය වූ පැනයක් ජේක් විමසුවේය.මදවේලාවක් නිහඩව සිටි හුන් "මට තේරෙන්නේ නෑ ජේක්.මගේ හිත හරි කලබලයි.මට..මට බයයි ඔයාව මට නැති වෙයි කියලා ජේක්.ඉස්සර ඉදන්ම ඔයාට මම මට ඔයා හිටියා.ඒත් දැන් අපි දෙන්නගෙම ජිවීත වලට අලුත් මිනිස්සු එන්න පටන් අරන්.මට බයයි ඔයා මගෙන් ඈත් වෙයි කියලා.මොකද ඉස්සර වගේ ඔයාටවත් මටවත් ඕන වෙලාවට අපිට අපි වෙනුවෙන් ඉන්න බෑ ජේක්.මට බයයි."යැයි පවසන විට ජේක් හුන්ව බදාගන්නට විය.
"ඔයා බය වෙන්න ඕන නෑ හුන්.මම ඔයා එක්ක ඉන්නවානේ.මාත් පිළිගන්නවා අපි ඉස්සරට වඩා ඈතයි කියලා දැන්.ඒත් අපේ බැදීම ඈත් වෙලා නෑ හුන්.අපේ ජීවිත වලට මිනිස්සු එනවා ඒ වගේම අපෙන් ඈතට යනවා.ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඔයා මාව දන්නවා.මාත් ඔයාව දන්නවා.ඒ ඇති හුන්.ඒ වගේම ඔයා මෙහෙම දුක් වෙලා හරි යන්නේ නෑනේ.ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ හීනේ ඇතුලේ.ඔයා ඒකට මහන්සි වුනා.ඉතින් ඒ මහන්සියට ලැබෙන ලස්සන ප්‍රථිපල ඔයා විදින්න ඕන නැතුව විදවන්න නෙමෙයි .මීට වඩා ප්‍රශ්න ඉස්සරහට වෙයි.එතකොටත් ඔයා මෙහෙම ස්ට්‍රෙස් වුනොත් කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?ඔයා ශක්තිමත් වෙන්නයි ඕන..මම ඔයා ගාව ඉන්නවා හුන් මොන දේ වුනත්.දුරින් හිටියත් ලගින් හිටියත් හැමදාම මම ඔයාගේ පැත්තේ ඉන්නේ.මම ඒ තරම් ඔයාව විශ්වාස කරනවා හුන්.ඉතින් මං ඈත් වෙයි නැති වෙයි කියලා හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා..තේරුනාද?"
YOU ARE READING
Hidden Gem
Fanfictionඅදත් මල් හම්බුනාද පොඩි ඉස්කෝලේ මහත්තයාට." "මට විතරක් නෙමෙයි ඉතින්..සංගීත සර්ටත් එක්කම තමා." "මට නම් ඉතින් මේ මල් වලට වඩා ලස්සන මලක් ඉන්න නිසා අමුතුවෙන් මල් එපා කියලා මේ සතියේ පංතියේ ළමයින්ට කිව්වානම් හරි."