අද උදෑසන සිට සන්ග් හුන් ජේක් හට ඇමතුම් එකදිගට ගත්තත් ඔහුගෙන් ප්රතිචාරයක් නොවීය...උදෑසන පුහුණුවන්නන් කීප දෙනෙක්ව රැස්වීමක් සදහා කැදවා තිබුණි.එය අවසානයේ සතුටින් සිටි හුන් ජේක් සමග සතුට බෙදාගැනීමට සිතා ඔහුට දුරකතන ඇමතුම් ගන්නට පටන් ගත්තේය.
ජේක්ට කරදරයක්වත්ද?
කිසි දිනෙක තමාගේ ඇමතුම් මගනොහරින ජේක් මෙලෙස සිටිම නිසා සන්ග් හුන් ඔහු ගැන වදවිය.හුන් මොකක් හරි ප්රශ්නයක් ද?
මීටීන් රූම් එක අසල එහෙට මෙහෙට ඇවිදිමින් සිටි හුන්ගෙන් කම්පැනියේ හිමිකාරිය එනම් මිසිස් කිම් යූජින් අසන්නට විය.මගේ යාලුවා ජේක් කෝල් ආන්සර් කරන්නේ නෑ මැඩම්.එයා කවදාවත් මගේ කෝල් මගහරින්නෙ නෑ මෙහෙම..
හුන් තමන්ගේ නළල පිරිමදිමින් පැවසූවේය.ඔහුගේ හිස පවා රිදුම් දෙන්නට පටන් ගෙන තිබුණි..එයා වැඩක වෙන්න ඇති හුන්..
ඇය පවසන විට ඇය දෙස බැලූ හුන් "කොච්චර වැඩ තිබ්බත් එයා කෝල් ආන්සර් නොකර ඉන්නේ නෑ මැඩම්.අඩුම මැසේජ් එකක් හරි දානවා.මගේ හිත කියන්නේම එයාට කරදරයක් කියලා.මැඩම් අද ප්රැක්ටිස් නැති නිසා මම එයාව බලලා එන්නද ගිහින්.සන්ග් හුන් එකවරම විමසු දෙයට පිළිතුරු දීමට පෙර ඇය මදක් නිහඩව සිටින්නට විය.
හ්ම්..ගිහින් එන්න එහෙනම්.
ඇයගේ වචනත් සමග තවත් කාලය වැය නොකල ඔහු ඇයට ආචාර කර එතනින් පිට වීය.....
දරුවො ඔයා අද යන්න ගෙදර...මූණ තාමත් සුදුමැලි වෙලා...ඒ මදිවට කකුලත් තුවාලයි..
කෑම මේස පිසදමමින් සිටින ජේක් හට කුඩා රෙස්ටුරන්ට් එකේ අයිතිකාර මැදිවයස් කාන්තාව පවසන්නට විය.නමුත් ජේක් අපහසුවෙන් සිනාසී "මෙතන හැමෝම මහන්සි වෙනවා මැඩම්.අනික මට ලොකු අමාරුවක් නෑ.මට නිවාඩු ගන්න බෑ.මගේ යාලුවාට සල්ලි යවන්න ඕන.ඉතින් මට විවේක ගන්න බෑ මැඩම්.මම දන්නවා මැඩම් මගේ සල්ලි අඩුවක් නැතුව දෙනවා කියලා.ඒත් නිකන් ඉදලා ගන්න සල්ලි වුනත් යාදෙන එකක් නෑ මැඩම්"ජේක් එසේ පවසා එහායින් ඇති මේසය අසලට යාමට අඩි තිබ්බත් පුටු කකුලක පැටලී ඔහු වැටෙන්නට ගිය විට ශක්තිමත් අතක් ඔහුගෙ ඉනෙන් අල්ලාගත්හ.වැටෙයි කියා සිතූවත් නොවැටුනු නිසා හිස ඔසවා බැලූ ඔහු දුටුවේ තමා දෙස මුහුණ රතු කරන් බලා සිටින සන්ග් හුන්ව.
YOU ARE READING
Hidden Gem
Fanfictionඅදත් මල් හම්බුනාද පොඩි ඉස්කෝලේ මහත්තයාට." "මට විතරක් නෙමෙයි ඉතින්..සංගීත සර්ටත් එක්කම තමා." "මට නම් ඉතින් මේ මල් වලට වඩා ලස්සන මලක් ඉන්න නිසා අමුතුවෙන් මල් එපා කියලා මේ සතියේ පංතියේ ළමයින්ට කිව්වානම් හරි."