අපා'ට්මන්ට් එකෙහි දොරෙහි සීනුව නාදවන විට රිදුම් දෙන හිසත් අතකින් තද කරමින් ගොස් දොර විවර කළ ජේක්ගේ දෑස් විසල් වූයේ සන්ග් හුන්ව දුටු විටයි.මාසයක් පමණ ඔහුව නොදුටු නිසාත් සිරකරගෙන සිටි හැගීම් ඔහු දුටු පසු පිරි ඉතිරි ගිය නිසාත් ඔහු හුන්ව තදින් වැළදගන්නට විය.නමුත් වෙනදා මෙන් හුන් ආපිට ඔහුව වැළද නොගන්න විට සිත් රිදුනත් හුන්ගේ මෙවන් හැසිරීම තමාට සුදුසු යැයි සිතු ඔහු තවත් තදින් හුන්ව වැළදගන්නට විය.
"ම්..මං බය වුනා හුන් ඔයා ගැන එනවුස්මන්ට් එකක් ආපු දවසේ.විස්තර හොයාගන්න බැරුව මම ගොඩාක් අසරණ වුනා.ඔයාගේ ෆෝන් වැඩ කරෙත් නෑ මම ගොඩාක් කෝල් ගත්තා.ඔයාලාගේ ඩෝම් එක ගාවටත් ආවා..."
ජේක් හඩමින් පවසන විට හුන් "රගපාලා තමා ඇතිවුනේ නැද්ද ජේක්?" යැයි අසා ජේක්ව තමන්ගේන් ඈතට තල්ලු කරන විට ජේක් හුන්ගේන් අඩි කිහිපයක් ඈතට විසිවුණි."අනේ හුන් ඔ...ඔයාගේ කේන්තිය සාදාරණයි.එන්නකෝ..ම්..මම හැමදේම පැහැදි---"
"කටවහගන්නවා තවත් මොනවා පැහැදිලි කරන්නද?ම්ම්..?මම හැමදේම දැනගෙන තමා ආවේ...තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ."
හුන් කේන්තියෙන් පවසන විට ජේක් හුන්ගේ අතකින් අල්ලාගත්තත් ඔහු එම අත ගසා දමන්නට විය."ඔය මිනීමරු අත් වලින් මාව අල්ලන්න හිතන්නවත් එපා තමුන්...තමුන් හොදට රගපාන්න දන්නවා නේද?කාත් කවුරුත් නෑ කිව්වා නේද?එතකොට කිම් යූජින් කියන්නේ කවුද ?"
හුන්ගේ ප්රශ්නයට ජේක් සුදුමැලි වී ගියේ බලාසිටිද්දිමයි.වචන අහුලා ගැනීමට නොහැකි තරම් කලබල වී සිටින ජේක් දෙස බලා සමච්චලයට මෙන් කට කොනින් සිනහවූ හුන් ජේක්ගේ දෙකම්මුල් තම අතකින් තද කරගෙන ඒ මුහුණට ලං විය."තමුසේ වැරදි කරලා පැනලා ඇවිත් කාත් කවුරුත් නෑ කියලා මාත් එක්ක ඉදලා අන්තිමට මාවත් යූස් කරා තමුසෙගේ පහත් ආශාවන් වලට.මට තමුසෙව අප්පිරියයි.තමුසේට මම ආදරේ කරපු එක ගැන පසුතැවෙනවා ජේක්..තමුසේ මහ කුණු ගොඩක් බලාගෙන ගියාම."
![](https://img.wattpad.com/cover/370270531-288-k417494.jpg)
YOU ARE READING
Hidden Gem
Fiksi Penggemarඅදත් මල් හම්බුනාද පොඩි ඉස්කෝලේ මහත්තයාට." "මට විතරක් නෙමෙයි ඉතින්..සංගීත සර්ටත් එක්කම තමා." "මට නම් ඉතින් මේ මල් වලට වඩා ලස්සන මලක් ඉන්න නිසා අමුතුවෙන් මල් එපා කියලා මේ සතියේ පංතියේ ළමයින්ට කිව්වානම් හරි."