යොන්ග් මී හමුවීමෙන් පසු දින කිහිපයකට පෙර මිලට ගත් නිවසට පැමිණි හුන් ඇදෙහි වැතිර සිවිලිම දෙස බලා සිටින්නට විය.තවමත් ඔහුගේ දෑසින් නතරවීමක් නොමැතිව කදුලු ගලමින් තිබුණි.
"මං කොච්චර මෝඩද?ඇයි දෙවියනේ ජේක් ගැන මම සැක කරේ.අර ගෑනි ගැන සැක හිතුණාට පස්සේවත් ඇයි මම එයා ගැන නිකමටවත් හෙව්වේ නැත්තේ?එයා දැන් කොහේ ඉන්නවා ඇතිද?මොනා කරනවද?හොදින් ඉන්නවද?.."
හුන් මුමුණන්නට විය..ඇදෙන් නැගිට ඇදෙහි වාඩි වූ ඔහු දුටුවේ යොන්ග් මී තමාට දුන් පොතයි...එය අතට ගත් ඔහු නැවත එය ඇද මතින් තබා නාන කාමරයට ගියේය..නාගත් පසු ඇගට දැනුන සනීපයත් සැහැල්ලුවත් සමග ක කාමරයට පැමිණි ඔහු පොත තුල තිබූ ලියුමත් ගෙන බැල්කනියට ගොස් එහි ඇති ඔංචිල්ලාවෙන් වාඩි විය...වෙව්ලන දෑතින් ලියුම ඔහු දිහහරින්නට විය...
මගේ හුන්....
ඇත්තටම තාමත් මට මගේ හුන් කියලා ඔයාට කියන්න පුළුවන් ද හුන්?මට සමාවෙන්න ඔයාගෙ හිත රිද්දන්න වුනාට.ඇත්තටම හිතකින් නෙමෙයි මම ඔයාට එහෙම කලේ .ඒ ඔයාගෙම හොදට.ඔයාගේ එකම හීනේ මං නිසාවත් මග නවතිනවට මම කැමති නෑ.මොකද මම දැක්කා ඔයා ඔය හීනේට යන්න මහන්සි වුන හැටි..දුක් විදපු හැටි..සමහර වෙලාවට දේවල් ලබා ගන්න අපිට කැපකිරීම් කරන්න වෙනවා හුන්.ඒ නිසා මාත් එක්ක තරහ වෙන්න එපා.මට නම් ඔයා එක්ක කොහොමත් තරහ වෙන්න බෑනේ ඉතින්..
YOU ARE READING
Hidden Gem
Fanfictionඅදත් මල් හම්බුනාද පොඩි ඉස්කෝලේ මහත්තයාට." "මට විතරක් නෙමෙයි ඉතින්..සංගීත සර්ටත් එක්කම තමා." "මට නම් ඉතින් මේ මල් වලට වඩා ලස්සන මලක් ඉන්න නිසා අමුතුවෙන් මල් එපා කියලා මේ සතියේ පංතියේ ළමයින්ට කිව්වානම් හරි."