"ජේක්..මොනාද මේ වෙන්නේ?"
හුන්ගේ කලබල කාරී කටහඩ දුරකතනයෙන් ඇසුනු විට ජේක් බර සුසුමක් පිට කරන්නට විය."මොනාද සන්ග් හුන්..."
ජේක් ඕනෑවට එපාවට මෙන් විමසන විට හුන් විනාඩි කිහිපයක් නිහඩව සිටියේය."ඔ..ඔයා වෙනස් වෙලා ජේක්.ඇයි මේ..මගේ කෝල්වත් ඔයා හරියට ආන්සර් කරන්නේ නෑ.ඒ මදිවට ඔයා කතා කරත් පිහි තුඩු වගේ වචන කියලා මට රිද්දනවා.ඇයි ජේක් මේ?මොකක්ද ප්‍රශ්නේ..."
හුන් හඩන්නට ඔන්න මෙන්න පවසන්නට විය.හුන් දුර්වල වූ අවස්තා ඕනෑතරම් තිබුණත් ඊටත් වඩා දස දහස් ගුණයකින් හුන් දැන් දුර්වල වී තිබුණි..මේ දිනවල හුන්ගේ ප්‍රේක්ෂකයන් පවා හුන්ට සිදු වීඇති දෙය ගැන සැලකිල්ලෙන් පසුවන්නේ මේ මාස කීපයෙහිම හුන් නිතර නිතර ලෙඩ වීමත් ඒමෙන්ම ප්‍රසංගයකට පැමිණියත් ඔහු දුර්වල නිසා ක්ලාන්ත වී ප්‍රසංගය අතරතුර රැගෙන යාමත් නිසාය."කිසිම ප්‍රශ්නයක් නෑ හුන්.මට නිදහසේ ඉන්න ඕන.අනික ඔයා මං ගැන වද නොවී ඔයා ගැන හිතුවොත් නරකද?මේ දවස් වල හැමෝගෙම මාතෘකාවත් ඔයානේ.."
"ප්ලීස් ජේක් ඔහොම කතා කරන්න එපා.ඔයා විතරයිනේ මට ඉන්නේ.."
හුන් නැවතත් හඩන්නට පටන් ගත්තේය."ඔය අඩන එක නවත්තන්න හුන්.දුර්වලයෙක් වගේ හැසිරෙන්න එපා..ඔයාට ඕනි තරම් අය හම්බවෙයි ඉස්සරහට හුන්.මට කරදර නොකර ඉන්න.මම තියෙනවා.ආ ඒ වගේම යොන්ග් මී...එයාට මම කැමති.මම ලබන සතියේ එයාට කන්ෆෙස් කරන්න හිතුවේ...ඔයා මගේ යාලුවානේ ඒකයි මම කිව්වේ මම තියන්නම්."
YOU ARE READING
Hidden Gem
Fanficඅදත් මල් හම්බුනාද පොඩි ඉස්කෝලේ මහත්තයාට." "මට විතරක් නෙමෙයි ඉතින්..සංගීත සර්ටත් එක්කම තමා." "මට නම් ඉතින් මේ මල් වලට වඩා ලස්සන මලක් ඉන්න නිසා අමුතුවෙන් මල් එපා කියලා මේ සතියේ පංතියේ ළමයින්ට කිව්වානම් හරි."