කාලය ටික ටික ගෙවිලා ගියේ ටේහ්‍යුන් , ජන්ග්කුක් දෙන්නා අතර නොදන්නා බැදීමක් ඇති කරලයි..ටේහ්‍යුන් ඉල්ලුවා වගේම ජන්ග්කුක් , ජිමින් දෙන්නාම මැට්ච් එක දිනලා නැශනල් ටීම් සිලෙක්ට් උනා..ඒලෙවල් එක්කම ප්රැක්ටිසුත් තිබ්බ නිස ජීකුක් දෙන්නාට නම් නිවාඩුවක් හම්බුනේම නෑ...ඒ උනත් පුලුවන් හැම තප්පරේකම ජන්ග්කුක් ටේහ්‍යුන්ව බලන්න ජිමින් එක්කම එයාලගේ ගෙදර එන එක, සමහර දවස්වලට ටේහ්‍යුන් එක්කම ඇදේ නිදාගන්න නම් එයා කරා...මුල් කාලේ දෙන්නටම ඒක uncomfortable උනත් පස්සේ පස්සේ දෙන්නාම ඒකට හුරු උනා..කොටින්ම කියනවා නම් ඉදලා හිටලා පුංචි පුංචි හාදුත් හුවමාරු නොවුනාමත් නෙමෙයි..හැබැයි දෙන්නගෙන් කවුරුත්ම සීමාව පැන්නුවේ නෑ..
ටේහ්‍යුන් උනත් රිසාල්ට් එනකම් නිකන් ඉන්න අකමැති උන නීසා එයා ලමයිට ක්ලාස් කරන්න පටන් අරන් තිබ්බේ..ටේහ්‍යුන්ගේ මෙන්ටලි කන්ඩිශන් එක හොද තත්වෙකට ආව නිසා නඩුවට ටේහ්‍යුන් සාක්ෂි දෙන්නත් පුලුවන් උනා..ඒ නිසාම ජේහ්‍යුන් අවුරුදු 10ක සිරදඩුවමක් ලබා දෙන්නත් ජේහ්‍යුන්ගේ යාලුවන්ට අවුරුදු 5ක සිර දඩුවමක් ලබා දෙන්නත් පුලුවන් උනා..ඉතින් හැමදේම හරිම සාමාන්‍ය විදියට ගත උනා හරියටම ටේහ්‍යුන්ගේ තාත්තා ඇවිල්ලා ටේහ්‍යුන්ට පනිවිඩයක් දෙනකම්ම !!
" ලොකූ...පුතා...නුවර නැන්දා කෝල් කරා...කිරි ආච්චිට අමාරුයිලු...මැරෙන්න කලින් උබලා හතර දෙනාව බලන්න ඕන ගාලා කනක් ඇහිලා ඉන්න නෑ කියලා කිව්වා...අනේහ් නිවාඩුවක් දාගෙන ගිහින් බලලා වරෙන්කෝ...මට නිවාඩු ගන්න විදියක් නෑ ලොකු...මේ දවස්වල සීසන් නෙහ් !! "
ටේහ්‍යුන්ගේ තාත්තාගේ පනිවිඩෙත් එක්ක මේ දවස් ටික ඉස්කෝලත් අවුරුදු නිවාඩු දීලා තිබ්බ නිසා කට්ටියම ටේහ්‍යුන්ගේ තාත්තාගේ නුවර මහ ගෙදරට යන්නයි ලෑස්ති උනේ...මුලදි ටේහ්‍යුන් ,ජිමින්, ජෙනි, යූන්ගි විතරක් යන්න හැදුවත් මේ වෙනකොට බස් එකක් යන්න තරම් සෙනග හිටියා...
ට්‍රිප් එකක් නම් ඉතින් මලගෙයක් හරි කමක් නෑ කියනවලුනේ !!
ටේහ්‍යුන් නැතුව දවස් තුනක්වත් ඉන්න බැරි ජන්ග්කුක් එයාලා එක්ක යන්න එල්ලුනාම රදීශත් ගෙදර යන්න ඕන කියලා නුවර යන්න එකතු උනා...ඒ අස්සේ නුවර ට්‍රිප් එකක කතාවක් ඇහිලා හොබි, බෝගම් දෙන්නත් ගමනට සෙට් වෙනකොට ජන්ග්කුක්ව තනියම යවන්න බයයි කියලා ජන්ග්කුක්ගේ අම්මා නම්ජුන්වත් මේ ගමනට පැටෙව්වා...නම්ජුන්ගේ වයිෆ්ට නිවාඩු ගන්න බැරි උන නිසා නම්ජුන්ගේ පුතාත් යූන්ගිගේ වයසේ නිසා එයත් මේ ගමනට එකතු උනා..ලගකදි ඉදන් සෙට් වෙච්ච පොඩි ගැන්සියේ යූන්ගි , නම්ජුන්ගේ පුතා ජේමින් එක්ක යන ට්‍රීප් එක ආරංචි ලැබිලා ජින්ගේ පුතා සූහොත් වලියක් දැම්මාට පස්සේ ජින්ගේ වයිෆුත් අම්මාට අසනීප වෙලා අම්මව බලාගන්න ගෙදර ගිය නිසා අන්තිමට ජිනුත් සූහෝ එක්ක මේ නුවර ට්‍රිප් එකට ජොයින් උනා..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁