නීක්.නීක්...නීක්.නීක්...නීක්.නී....
"arh..shit.!"
ඇස් පියාගෙන ම phone එකේ වැදුන alarm එක වහලා දැම්මා.තවත් ටිකක් bed sheet එකට ගුලි වුණේ සීතලට.ම්ම්හ්හ්..හරි ම සීතලයි.එක ඇහැක් යන්තමට ඇරිය මට පෙනුනෙ තාමත් අදුරු කාමරේ.ඒ කියන්නෙ තාම පාන්දර.නින්ද ගියේ කීයට විතර ද මනදා.කම්මැලි කමේම phone එක ගත්ත මම වෙලාව බැලුවා.තාම 4:48 යි.ආයෙ නින්ද යන පාටකුත් නැහැ.කම්මැලි නිසා නිකමට Instagram එකේ උඩ පහළ ගියත් බලන්න මුකුත් නැති නිසා ඔහේ සිවිලිම දිහා බලන් ආයෙත් කල්පනා කරා.මොකද්ද කියන්න තේරෙන්නෙ නැහැ.නිකන් පැටලුන නූල් බෝලයක් වගේ.තවත් විනාඩි 15ක් විතර යන්න ඇති.
'knok..knok..knok..' කවුරු හරි කාමරේ දොරට තට්ටු කරන සද්දෙට මාව ආයෙත් පියවි සිහියට ආවා.හිමීට ඇදෙන් බැහැලා ගිහින් දොර ඇරියා.
"Good morning චූටි මිස්.!"
ලස්සන මල් පොකුරකුත් අතේ තියන් maid ඇදුමක් ඇදන් දොර ඉස්සරහා කෙනෙක් හිටන් ඉන්නවා.අහින්සක හිනාවක් ඒ මූණෙ ඇදිලා තියනවා.මට වඩා ටිකක් වැඩිමල් ඇති.
"දැන්ද නැගිට්ටෙ?මම ආවෙ ඇහැරවන්න කියලා.චූටි මිස් දැන් ගිහින් wash දාගන්න.මම කාමරේ ටිකක් අස් කරන්නම්.කිරි එක දැන් ගෙනේවි."
කාමරේ ඇතුලට ආව ගමන් එයා කියවගෙන කියවගෙන ගියා.ඒ එක්කම කාමරේ අස් කරන්න ගත්තා.මම තාම දොර ලග.මට තාම හිතාගන්නවත් බැරිවුණා.එයා ඒ තරම් fast.
"චූටි මිස්......ඔයා මොන ලෝකෙ ද දෙයියනේ ඉන්නේ?ඉක්මන් කරන්න.ලොකු සර් පහළ බලන් ඉන්නේ මිස් එනකම්.බැනුම් අහන්න වෙයි.කෝ..කෝ..දැන් හොද ළමයා වගේ යන්න."
'හ්ම්....'
මම ඒ එක්කම bathroom ආවෙ තාත්තා පහළ බලන් ඉන්නවා කිව්ව නිසා.මොක ද මට උදේ ඉදන් ඔළුව අවුලෙන් ඉන්න ඔනි නැහැ.
...............................................................................
ඉක්මනින් wash දාගෙන මම පහළට ආවා.ඒ එනකොට තාත්තා සාලෙ newspaper එකක් කියවනවා.