සෑහෙන දවසකට පස්සෙ වැටුන මහ වැස්සක්! වේලිලා ගිය පොළව තෙමාගෙන වැටුන වැස්සත් එක්ක හැමතැනම නැවුම් පස් සුවද හුළගෙ ගහන් යනවා.ඒ සීතල හුළග මගේ කාමරේ පැත්තකින් බැල්කනියට ඇරුන දොරෙනුත් රින්ගලා ඇවිත් දග කරනවා.නාස්පුඩු හරහා ගිය සීතලෙන් මුළු ඇග පුරාම පුංචියට හිරියක් උඩු දිව්වා.ඒකෙන් මම මෙච්චරයි කියන්න බැරි තරම් වෙලාවක් අතරමං වෙලා හිටි කල්පනාවෙන් එළියට ආවා.බර හුස්මක් හෙළලා මම ඇදෙන් බැස්සෙ අහේතුවකට ඇස් අගින් ගැලුව කදුලු බිංදු කිහිපයත් පිහගෙන.
වෙලාව 1:41 විදිහට phone screen එකේ පෙන්වද්දි phone එකත් ඇද උඩටම විසි කරලා මම ආවෙ බැල්කනියට ඇරුන දොර දිහාවට....
ස්ස්ස්ස්ස්ස්.....තාමත් වැටෙන හිරිපොද ඇගට විසි වුණාමමම...එළියට තිබ්බ අඩිය ඒ පමාවටම ඇතුලට ගත්තෙ විසි වුණු පිනිවල සීතලට.ඒත් එක්කම මගෙ ඇස් ඈතක නැවතුනා......
තාමත් නිදි නැති මහනුවර !...
රෑට නුවර ලස්සනයි කිව්වට ඇස් දෙකෙන් දැක්ක පළවෙනි වතාව.ඔහ්..කොහොමින් හරි නවතින්න ගෙයක් නුවරින් ම ගත්ත එකට දැන් නම් මම අනේක වාරයක් හිතින් සතුටු වෙනවා...arh..this view is amazing!!!...
විනාඩි ගානක් ලස්සන නුවර දිහා බලන් ඉදපු මම අකමැත්තෙන් වුනත් දොර වහන් ඇතුළට ආවෙ පළවෙනි දවසෙම සීතලේ ඉදලා අසනීප වෙන්න ඕනි නැති හින්දයි.
ආයෙත් ඇවිල්ලා ඇදට වැටුනට නින්ද නම් අහලකවත් තිබුණෙ නෑ.ඒත් හිමීට ඇස් පිහාටු තද කර ගත්තෙ උදේට නිදිකිරන්න බැරි නිසා.ඒත් ආයෙත් හිත එහෙ මෙහෙ ඇදෙන්න ගත්තා.පුරුදු තැනම ආයෙමත්.. මම....
'සයුමි...සයුමි නෙහන්ශි මන්දාරා...ඒක තමයි මට ලැබිලා තියන නම.ඒ නම ආසාවකට වත් අහන්න ලැබෙන්නෙ කලාතුරකින්. කොළ කෑල්ලකට ම සීමා වෙලා.කතා කරනවා කියලත් පවුලෙ අයයි servants ලයි එක්ක කතා කරන ටික විතරනෙ.