ඔයාලගේ නරක author ට සමාවෙන්න අප්ඩේට් දෙන්නේ නැති එකට.කොච්චර උවමනා වුනත් දෙන්න විදිහක් නැහැ.ආයේම term test,ඉස්කෝලේ වැඩ,අම්මලාගේ වදේ,මගේ ප්රශ්න හින්දා හිතේ කිසිම නිදහසක් නැහැ.ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. හැම වෙලාවේම අසනීප වෙනවා.මම නිකන් දැන් බෙහෙත් වලින්ම ජීවත් වෙනවා වගේ.බෙහෙත් අහුරු පිටින් බීලම ගෑස්ටික් වගේ.කොයි වෙලාවේ ඇදගෙන වැටෙයිද විශ්වාස නැහැ.අතුත් හීනියට වෙව්ලනවා.කන්නත් බැහැ.මට මෙහෙම ඉදලම එපා වෙලා.
ගිය එක්සෑම් එකට හොදටම ලකුණු අඩුයි.අසනීප හින්ද දෙකක් ලියන්නත් බැරි උනා.අම්මලා යක්ෂාවේශ වෙලා වගේ.හැම වෙලේම බනිනවා.
අනේ ඒක නිසා තව ටිකක් කල් බලන් ඉන්න පුළුවන් නේද.මන් කොහොම හරි ලියන්නම්.කතාව ලස්සන නැහැ තමයි.මම දන්නවා.එත් තාම මන් හරියට පටන් අරන් නැහැ.ඔයාල දාන එක vote එකක් මට කොච්චර වටිනවද කියලා කියන්නවත් තේරෙන්නේ නැහැ.අනේ thank you so much.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
***විශේෂ කාරණාවක් තියනවා කියන්න.***
ළමයි author වෙන නම් වලින් අකවුන්ට් හදාගෙන කතා ලියන්නෙ හේතු ඇතුවනේ.සමහරවිට හැමෝම කරන නිසා,තමන් කැමති නිසා,රියල් identity එක hide කරන්න ඕනි නිසා,attraction එක ගන්න ඕනි නිසා වගේ හේතු වෙන්න පුළුවන්.ඒක ඒ කෙනාගේ කැමැත්ත.ඉතින් ඇයි තවත් අපි අවුස්ස අවුස්ස ඒවා හොයන්නෙ.ඒක එයාට ලොකු ප්රශ්නයක්,අපහසුතාවයක් වෙන්න පුළුවන්.අපි එයාලට ආදරේනම් එහෙම නොකර ඉන්න ඕනි.
මම එහෙම කිව්වෙ මට වුණ දෙයක් නිසා.කොහොමහරි මගේ school එකේ කට්ටියක් මගේ කතාව හොයාගෙන.මගේ යාළුවෙක්ගෙන් මාව meet වෙන්න ඕනි කියලා බල කරලා අහලා.ඇයි ඇහුවම කියලා මම ලියලා තියෙන්නෙ එයාගෙ ජීවිත කතාව කියලා.එහෙම ලියන්න මම එයාව දැනගනවත් ඉන්න ඕනිනෙ.මේක මේ සෑහෙන කාලෙකට කලින් ඉදන් බලන් ඉදලා ලියන මගේ හිතේම මැවුන එකක්.සමහරවිට මේවගේ ඇත්ත සිද්දි ඇති.ඒ වගේම 'අසම්මත' කියලා තවත් එකක් තියේ කියලා සමහරු කිව්ව.කමක් නැහැ අය්යෝ..කීදෙනෙක්ට එකම දේ හිතෙනවා ඇතිද.මම නම් ඒක දැක්කෙත් නැහැ.හැබැයි කියවලා බලන්න ආසයි.සමහරවිට මම ලියන ඒව වෙන එකක තිබුනා කියලා මට හිතෙනවා.එහෙම තිබුනොතු කියන්න හරිද.හොද නැහැනෙ.
අනිත් දේ තමයි මේවගේ කතා ලියන අය,කියවන අය හැමෝම සමලිංගික නෙවෙයි.එහෙම වුනත් ඒක එයාලට ප්රශ්නයක් නැත්නම් අපි වදවෙන්න ඕනි නැහැ.අපි හැමෝගෙම හැගීම් වලට ගරු කරන්න ඕනි.මගෙන් හුගක් අය ඇවිල්ල ඇහුවා ඔයා lesbian ද? කියලා.ඒක එහෙම අහන්න සුදුසු දෙයක් නෙවෙයි මම හිතන්නෙ.තවත් සමහරු මාවයි මගේ යාළුවයි ship කරලා.යාළුවා කියන්නෙ යාළුවාට.මම එයාට හරි ආදරෙයි.දෙක පටලවගන්න එපා.මටනම් යාළුවා ගැන ඊට එහා දේවල් හිතන්න බැහැ.ආයෙ සමහරු ඉන්නවා මේවා ගැන කිසි දෙයක් නොදැන කවුරුහරි දෙන්නෙක් දැක්කම බෙරිහන් දිදී විකාරයක් වෙන.ඒක මහ කැතයි.
මට මේවා නොකියා ඉන්න බැහැ ළමයි.ඒකයි කිව්වෙ.
ඉක්මනින් එන්න බලන්නම්. luv u all.. 2024.0910