CHAPTER 01

240 16 9
                                    

“ම්ම්හ්....”

පැය ගානක් තිස්සේ වම් කම්මුල අතට තදවෙලාම තුවාල වෙලා වේදනාදෙන්න ගත්ත නිසා පුංචි කෙඳිරිල්ලක් එක්ක ජිමින් අවදි වුණා...

වම් අත උඩින් ඔලුව තියෙගෙන ඉඳපු නිසාම අත හිරිවැටිලා ගිහින් තිබුණා...ඊලගට ජිමින් කල්පනා කරන්න ගත්තෙ තමන් කොහෙද ඉන්නේ කියලා...

ආහ්!!දැනුයි ජිමින්ට මතක් වුණේ එයා මේ ඩිනර් එකත් ලෑස්ති කරගෙන තමන්ගෙ හස්බන්ඩ් එනකන් බලන් ඉන්නෙ කියලා...මොකද,එයාලා මැරි කරලා අදට මාසයක්!

ටේබල් එක උඩ පත්තු කරලා තිබුණු ඉටි පන්දම් නිවිලා ගිහින්...කෑමත් ඒ විදියටම තියෙනවා...ඒත් එයාගෙ හස්බන්ඩ් නැහැ...

කර්ටන්ස් වලින් ඩයිනින් රූම් එකට වැටිලා තිබුණු එලිය දැකපු ජිමින් වෝල් ක්ලොක් එක දිහාවට ඇස් යැව්වා...

‘ඒ කියන්නෙ,

එයා ඇවිත් නැද්ද??

මොකක් හරි කරදරයක්ද දන්නෑ!!’

ජිමින් කෙලින්ම රූම් එකට දිව්වෙ ෆෝන් එක හොයාගෙන..
ඒත් රූම් එකට අඩිය තියනකොටම ජිමින් දැක්කෙ එයාගෙ හස්බන්ඩ්;කිම් ටේහ්‍යුන්ග් ෆෝන් එකෙන් හිනාවෙන ගමන් කාටදෝ කතා කරනවා..

ජිමින්ට දැණුනෙ තමන්ගෙ ඔලුව උඩ අකුණක් ගහනවා වගේ හැඟීමක්...මොකද,එයා මීටකලින් කවමදාවත් ටේහ්‍යුන්ග් එච්චර ලස්සනට හිනාවෙනවා දැකලා තිබුණෙ නෑ...

ජිමින්ගෙ ඔලුවෙ වැඩ කලේ එකම එක දෙයක් විතරයි...

‘එයා කාත් එක්කද මේතරම් ලස්සනට හිනාවෙවී කතා කරන්නේ??'

ටේහ්‍යුන්ග් ඇමතුමේ සිහියෙන්ම ඉඳපු නිසා ජිමින් ඇවිත් ඉන්නවා එයා දැක්කෙ නැහැ...

“ටේ!!!”

ජිමින්,ටේහ්‍යුන්ග්ගෙ අවධානය ගන්න ටිකක් සද්දෙන් කතා කලා...ටේහ්‍යුන්ග් එකපාරටම ගැස්සිලා ගියා...එයා ජිමින් දිහා ඇස් කොනින් බැලුවා...

“මම පස්සෙ ගන්නම්~ඕකේ...බායි...”

ටේහ්‍යුන්ග් ෆෝන් එක බෙඩ් එකෙන් තියලා ජිමින් දිහාවට හැරිලා එක ඇහි බැමක් උඩ යැව්වෙ ඇයිද කියලා අහන්න වගේ...

ටේහ්‍යුන්ග් එක දිගටම තමන් දිහා බලාගෙන ඉදිද්දි ජිමින්ට අපහසුතාවයක් දැණුනා...

“ක්හ්ම්...මේකයි ටේ,මම ඊයෙ රෑ ඩිනර් එක රෙඩි කරගෙන බලාගෙන හිටියා...ඒත් ඔයා--”

“මම වෙනදටත් ඩිනර් එකට ඉන්නෑනේද ජිමින්!!ඊයෙ විතරක් මොකද්ද තිබුණු විශේෂත්වය??”

ටේහ්‍යුන්ග් පපුව හරහා අත් දෙක බැඳගෙන කිසිම කලබලයක් නැතුව කිව්වා...

“අපි දෙන්නා මැරි කරලා වන් මන්ත් ඇනිවසරි එකහ්-”

“ශටප් ජිමින්!!! සෙලිබ්‍රේට් කරන්න තරම් රිලේෂන්ශිප් එකක් අපි දෙන්නා අතර නැහැනෙ!??මේ මැරේජ් එක කොලේකට සීමා වුණු දෙයක් විතරයි...ප්ලීස් මට වදයක් නොවී පාඩුවේ ඉන්නවා...මගේ පේරන්ට්ස්ලට විරුද්ධ වෙන්න බැරි නිසයි මම තමුසෙව මැරි කලේ!!”

ටේහ්‍යුන්ග්ගෙ වචන පිහි පාරවල් වගේ වෙද්දි ජිමින් තමන්ගෙ දුක ඇස් වලින් කඳුළු විදියට පිටකලා...

“ප්ලීස්...ටේ...”

“ශටප් ජිමින්!!!අයි හෑව් අ ලවර්...ඇන්ඩ් ගෙට් යෝර් ශිට් අවේ ෆ්‍රොම් මී!!!”

ටේහ්‍යුන්ග් තරහින් කෑ ගහගෙන රූම් එකෙන් එලියට යද්දි ජිමින් බෙඩ් එක පාමුලට වෙලා ඉකි ගගහා අඬන්න ගත්තා...

“ඇයි ඩෑඩ් ඔයා මට මෙහෙම කලේ!!??”

Ex-Lovers || JiKookWhere stories live. Discover now