CHAPTER 04

48 15 5
                                    

“ආව්හ්...ස්ස්....”

ජිමින් වේදනාවෙන් කෙදිරිලි තිව්වෙ කකුලෙන් දැනුණු වේදනාව ඉවසන්න බැරිම තැන...එයා කොහොමින් කොහොමහරි ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අතට ගත්තෙ හොබීට කතා කරන්න හිතාගෙන...

ෆෝන් එක අතට ගන්නවත් එක්කම හොබී ප්‍රැක්ටිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා..ඒත්,ජිමින් ඉන්න විදිය දැකපු හොබී කලබලෙන්ම දුවගෙන ඇවිත් ජිමින් ලඟින් බිම් දණ තියලා වාඩි වුණා...

“ජිමිනාහ්~මොකද්ද වුණේ??ඇයි මේ??”

“අනේ හොබී මගේ කකුල පෙරළුනා වගේනෙ...මම ප්‍රැක්ටිස් කර කර ඉඳියෙ...එක පාරටම ලිස්සලා වැටුණා...”

“හොස්පිටල් එකට යමු ජිමිනාහ්~කකුලට ගොඩක් ඩැමේජ් වෙලාද දන්නෑ නෙ...”

වේදනාවටම ජිමින්ගෙ ඇස් දෙකේ කදුළු පිරිලා...හොබී ජිමින්ගෙ ඇඟ යටින් අත දාලා ජිමින්ව උස්සලා අත් දෙකට ගත්තා...

“ම්හ්ම්...”

.
.
.
.
.
.
.
.
.
.

“සති දෙකක් යනකන් ඇවිදින්න නම් හිතන්නවත් එපා මිස්ටර්-?”

ජිමින්ගෙ කල්පනාව තිබුණෙ ටේගෙ ඉන්ස්ටා ස්ටෝරි එක ගැන...ඒක ටේ වගේම එදා ඔෆිස් එකේදි ටේ කිස් කරපු බෝයිත් පැරිස් වලදි ගනිපු ෆොටෝ එකක්...

උදෙත් ඒක ගැනම හිත හිත ඉඳපු නිසාම තමයි ජිමින් ප්‍රැක්ටිස් රූම් එකේ වැටුණෙ..

“අහ්ම්...

මිස්ටර් පාර්ක් ජිමින්!!මම කිව්ව දේ ඇහුණද?”

වෛද්‍යවරයා ටිකක් තදින් කතා කරනකොට ජිමින් පියවි සිහියට ආවා...

“අහ්හ්..”

“ඔයාට සති දෙකක් යනකන් ඇවිදින්න තහනම්!!ඒ වගේම වීල් චෙයාර් එකෙන් බහින්න හිතන්නවත් එපා...තේරුනාද?”

වෛද්‍යවරයා කිව්වත් ඒ දේ ඇහෙනවත් එක්කම ජිමින් හොඳටම කලබල වුණා...

“ඒත් මට නෙක්ස්ට් වීක් එකේ ඩාන්සින් කම්පිටිෂන් එකක් තියෙනවනෙ...”

“කරන්න දෙයක් නැහැ මිස්ටර් පාර්ක් ඔයාට ඉස්සරහට ඩාන්සින් කරන්න ඕනි නම් දැන් කකුල පරිස්සම් කරගන්න වෙනවා මම කිව්ව විදියට...”

ජිමින්ගෙ මූණ බෙරි වුණා...යුනි එකේ තියෙන පුංචි කම්පිටිෂන් එකක් වුණත් ජිමින් තමන්ගෙ අයිටම් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරා...ඉතින් එයාට ගොඩක් දුකයි...

“නෙක්ස්ට් වීක් එකේ බැන්ඩේජ් එක චේන්ජ් කරගන්න එන්න මිස්ටර් පාර්ක්...”

වෛද්‍යවරයා ජිමින්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා...ඒ බැල්ම නිසා ජිමින්ට අපහසුතාවයක් වගේ දැණුනා...

පුදුම රෞද්‍ර විදිහෙ බැල්මක් ඒක!!ඩෝක්ටර් කෙනෙක්ට ඒ විදිහෙ බැල්මක් තියෙන්න පුළුවන් කියලත් පුදුමයි...

“හ-හරි!!”

වෛද්‍යවරයාගේ බැල්ම මගහරින අදහසින් ජිමින් අහකබලාගෙන කිව්වා...

“මම එහෙනම් යන්නම් ඩොක්ටර්-

ජන්කුක්!!!”

ටේබල් එක උඩ තිබුණු නේම් ටැග් එක දිගේ ඇස් අරගෙන ගිය ජිමින් කිව්වා...

Ex-Lovers || JiKookWhere stories live. Discover now