CHAPTER 06

50 16 9
                                    

ජිමින් දැන් පැයක් තිස්සෙ බෙඩ් එකට වෙලා හිටියත් නින්ද එයාගෙ අහලකටවත් ආවෙ නෑ...කොච්චර ටේහ්‍යුන්ග්ව අමතක කරලා දානවා කියලා හිතුවත් එයාට ඒක කරන්න බැහැ...

ජිමින් ෆෝන් එක අරගෙන ඉන්ස්ටා එක ඕපන් කරනකොටම දැනට විනාඩි දෙකකට උඩදි අප්ලෝඩ් කරපු ෆොටෝස් වගයක් වෝල් එකට ඇවිත් තිබුණා...

ඒවා හරියට ඩිනර් අවුට් එකකට ගිහින් ගහපු ෆොටෝස් වගේ...ජිමින්ට තවත් මේක දරා ගන්න බැහැ...එයා පිලෝ එකට මූණ ඔබාගෙන ඉකි ගගගහා අඬන්න ගත්තා...

කොච්චර කරත් එයාට ටේහ්‍යුන්ට යන්න දෙන්න බෑ...ජිමින් තමන්ගේ දුර්වල හිතට වෛර කරා...

“ජිමිනී..ඔයා නිදිද?”

ජිමින් එකපාරටම ගැස්සිලා ගියේ ක්නොක් කරන ගමන් ජින් කතා කෙරුව නිසා...එයා ඉක්මනින් කදුළු පිහිදගෙන බෙඩ් එකෙන් වාඩි වුණේ කොහොමත් එයාට ජින් හ්‍යුන්ග් එන එක නවත්තන්න බැරි නිසා...

“මොකෝ මේ?නින්ද යන්නැද්ද?”

ජින්,ජිමින් ගාවින්ම බෙඩ් එකේ වාඩි වෙලා ජිම්න්ගෙ ඔළුව අත ගාන ගමන් ඇහුවා...ජිමින් ජින්ගෙ මූණ දිහා නොබලාම ඔලුව දෙපැත්තට වැනුවේ මූණ දිහා බැලුවොත් එයා ඇඬුව බව ජින් දැනගන්න නිසා...

“කකුල රිදෙනවද ගොඩක්??ම්ම්ම්??”

ඒකටත් ජිමින් ඔලුව වනලාම උත්තර දුන්නා...

“දැන්වත් ඔයා මාත් එක්ක ඔය ප්‍රශ්නෙ ගැන කතා කරන්න ලෑස්ති නැද්ද ජිමිනී!?”

“ම්-මොන ප්‍රශ්නෙ ද හ්‍යුන්ග්?”

ජිමින් පුදුමයෙන් වගේ ජින්ගෙ මූණ දිහා බැලුවා...දැන්නම් එයා අඬපු බව ජින් දැනගන්න එකත් ජිමින්ට අමතකයි!!

“ඔයාහරි මාත් එක්ක මේ ගැන කතා කරයි කියලා මම බලන් හිටියා ජිමිනී...ටේ නම් කිසිම දෙයක් කියන්නෙ නෑ මාත් එක්ක...”

“හ-හ්‍යුන්--”

“ටේගෙ ඉන්ස්ටා එකේ ඉන්න බෝයි ටේගෙ නිකන්ම යාළුවෙක් විතරයි කියලා නම් මට හිතෙන්නෑ ජිමිනී..ඔයා මොකද හිතන්නෙ ඒ ගැන?”

දැන්නම් ජිමින් පුදුමයෙනුත් පුදුමයට පත් වෙලයි ඉන්නෙ... එයාට මේ වෙලාවේ හදිස්සියට කියාගන්න දෙයක් ඔලුවට ආවෙත් නෑ...

“හ-හ්‍යුන්ග් ම්-මම මේ--”

“ඉතින් දැන්වත් ඔයා ඒ ගැන කතා කරන්න ලෑස්තියිද ජිමින්!?”

ජිමින් ගැඹුරු හුස්මක් පිට කරේ දැන් කොහොමත් එයාට ජින් එක්ක කතා කරන්නම වෙනවා කියලා දැනුණු නිසා...

















ಥ‿ಥ


Ex-Lovers || JiKookWhere stories live. Discover now