CHAPTER 09

69 15 21
                                    

එකපාරටම පිටිපස්සෙන් ඇහුණු ටේහ්‍යුන්ග්ගෙ කටහඬ නිසා ජිමින් ගැස්සිලා ගියා වගේම ජින් ගොළු වුණා...

“මගේ මල්ලි අතින් වෙන්න ඕනි දේවල් කියන එකෙන් ඔයා මොනවද අදහස් කරන්නේ හ්‍යුන්ග්?”

රූම් එක ඇතුළට ආව ටේහ්‍යුන්ග් බ්ලේසර් එක ගලවලා සෝෆා එක උඩට දාලා එතනම වාඩි වුණා...

“ජිමින් අසනීප වෙලා ඉන්නෙ ටේ!!ඔයා එයාගෙ හස්බන්ඩ්..ඔයා මේ වෙලාවේ ජිමින් ළඟට වෙලා එයා ගැන හොයලා බලන එකයි කරන්න ඕන.නැතුව මේ එක එකා එක්ක ඩිනර් අවුට් වලට යන එක නෙවෙයි.අනික මට කියනවා බලන්න තමුසෙ මේ දවස් කීයකින්ද ගෙදර ආවෙ කියලා ටේහ්‍යුන්ග්!?”

“හහ්...තමුසෙ ගානට කේලම හ්‍යුන්ග්ගෙ කනේ තිව්වා නේද?ආහ්??”

ටේහ්‍යුන්ග් ශර්ට් එකේ ස්ලීව්ස් නවන ගමන් ජිමින් ළඟට ඇවිදගෙන යන්න ගත්තා...

“උඹට මම කිව්වා නේද මගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා!?ආහ්??”

ජිමින්ගෙ සිනිදු කම්මුල් ටේහ්‍යුන්ගෙ දැඩි ග්‍රහණයට අහු වෙලා රිදෙන්න ගනිද්දි ජිමින්ගෙ ඇස් වලට කඳුළු පිරුණා...ඒත් ජිමින් ඒ ගැන වචනයක්වත් කියන්න ගියේ නැහැ...එයා කාගෙන වේදනාව ඉවසගත්තා...

“ටේ!!මොකද්ද කරන්නෙ අතාරිනවා ඔය ළමයව!!තමුසෙගෙනෙ වැරැද්ද...”

ජින් ටේහ්‍යුන්ගෙ දැඩි ග්‍රහණයෙන් ජිමින්ව ගලවා ගන්න අසාර්ථක උත්සාහයක යෙදුණා...

“හ්‍යුන්ග් ප්ලීස් මේක ඔයාට අදාළ දෙයක් නෙවෙයි...
කරුණාකරලා ඔයා මෙතනින් යන්න!!”

ටේහ්‍යුන්ග් ජින් දිහාවට මාරාන්තික බැල්මක් දැම්මා ජින්ගෙ නම් පසුබහින්න කොහෙත්ම කැමත්තක් නැහැ...

“හ්‍යුන්ග්!!ඔයා යනවද?නැද්ද?”

ටේහ්‍යුන්ග් ආයෙම වතාවක් අහද්දි ජින් තීරණය කරා මේ දෙන්නට එයාලගෙ ප්‍රශ්නය විසඳගන්න ඉඩ දෙන්න...

“ඕකේ!!මම යන්නම්...හැබැයි ජිමින්ට අතක් හරි තියලා තිබුණොත් මම ඔයා ගැන බලාගන්නම් ටේ!!”

ජින් රූම් එකෙන් පිටවෙන්න කලින් ටේහ්‍යුන්ට අවවාද කරත් ඒ අවවාදය ටේහ්‍යුන්ග් පිළිගනීවිද කියලා නම් විශ්වාස කරන්න අමාරුයි...

“නැගිටපං!!”

“ට්-ටේ!?”

“නැගිටපං ඉතින්!!”

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ අතින් ඇදලා නැගිට්ටවන්න හැදුවෙ ජිමින් තවමත් බෙඩ් එකට වෙලා බලාගෙන ඉන්න නිසා..

“ටේ ම්-මගේ කකුල- ආආහ්ව්~”

ජිමින් තමන්ගෙ කකුල ඩැමේජ් වෙලා කියලා කියන්න උත්සාහ කරත් එකවරම ටේහ්‍යුන්ග් එයාව ඇදලා ගනිද්දි කකුලෙන් ඇතිවුණු වේදනාව නිසා ජිමින්ට කෑගැස්සුනා...

ජිමින්ගෙ කෑගැහිල්ලත් එක්ක එකපාරටම ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ ජිමින්ගේ කකුල බැන්ඩේජ් කරලා තිබුණු නිසා...

ටේහ්‍යුන්ග්ගෙ අතින් ජිමින්ව අතෑරිලා යද්දි වාරු නැති වුණු ජිමින් එකපාරටම බිම ඇදගෙන වැටුණා...

“ජිමිනී...මොකද්ද ව්-

දෙවියනේ ජිමින්!!!”

ජිමින්ගෙ කෑගැහිල්ල නිසා රූම් එකට ආව ජින් දැක්කෙ ජිමින් බිම වැටිලා ඉන්න විදිහත් ටේහ්‍යුන්ග් ඒ ළඟම හිටගෙන බලාගෙන ඉන්න විදිහත්...

අඩියට දෙකට ජිමින් ළඟට ගියපු ජින්,ජිමින්ව උස්සලා බෙඩ් එකෙන් තිව්වා...ඒත් එක්කම වගේ හොබීත් රූම් එකට දුවගෙන ආවා...

“හොබී...ජිමින්ව ඉක්මනට ලෑස්ති කරගන්න හොස්පිට්ල් යන්න...”

“ම්ම්...හරි හ්‍යුන්ග්!!”

හොබී,ජිමින්ව වොශ් රූම් එකට එක්කගෙන යද්දි ජින් ටේහ්‍යුන්ග් දිහාවට හැරුණා...

“තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ ටේහ්‍යුන්ග්!?මොකද්ද මේ නටන නාඩගම?”

“...............”

“ඔයා මගේ සහෝදරයා වුණු පලියට මම ඔයා කරන හැම වැරැද්දක්ම අමතක කරලා ඉඳීවි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා!!අම් සොරි ටේ!!..මට මේ ගැන අප්පට කියන්න වෙනවා...වෙන කරන්න දෙයක් නැහැ...ඔයා මේ දේවල්  අප්පත් එක්කම විසඳගන්න...”










ජිමින්,ජන්කුක් දෙන්නා එකතු වෙන්න ටික කාලයක් යාවි😬❤️

You've reached the end of published parts.

⏰ Last updated: Sep 15 ⏰

Add this story to your Library to get notified about new parts!

Ex-Lovers || JiKookWhere stories live. Discover now