CHAPTER 08

45 14 4
                                    

මොහොතකට කලින් සිදු වුණු බහින්බස් වීමත් එක්ක ජන්කුක් ජීහෝගෙ බෙල්ලෙන් අල්ලලා එලියට දැම්මා... මොකද එයාට තවදුරටත් එයාගෙ හොඳම යාළුවගෙ කච-කචේ දරාගන්න බැරිවුණු නිසා...

ඩෝ' එකත් වහලා දාලා ලොක් කරපු ජන්කුක් කෙලින්ම ගියේ එයාගෙ මිනි බාර් එකට...ජන්කුක් ඇල්කොහොල් ගන්න එකට හේතුව නම් යුන්ගි තමයි...

ඒත් ඒ ජීහෝ කිව්ව විදියට එයාට ජෙලස් හිතුණු නිසා නම් නෙවෙයි...එයාට ඇත්තටම ලැජ්ජයි එයා රැවටුණු විදිය ගැන...කොයිතරම් පණඇරලා ආදරේ කරත් අවසානෙදි යුන්ගි එයාව අතහැරලා යන්නම ගියා...

ජන්කුක් ඩොක්ටර් කෙනෙක් වුණත් එයාට කිසිම හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් තිබුණෙ නැහැ...කෑම වේල් එකදිගට ස්කිප් කරන එකත්, ඇල්කොහොල් එකදිගට යූස් කරන එකත් එයාගේ පුරුද්දක්...කොයි දේ වුණත් එයා ජිම් යන එකනම් අකුරටම කරා...

ජන්කුක් අතේ තිබුණු ග්ලාස් එක ටේබල් එක උඩින් තිබ්බෙ එයාගෙ ෆෝන් එක රින්ග් වුණු නිසා..ෆෝන්ස්ක්‍රීන් එකේ තිබුණු කෝලර්අයිඩී එක නිසා ජන්කුක්ගෙ මුහුණෙ සැණින් අපැහැදිලි හැඟීම් කිහිපයක් ඇඳිලා මැකිලා ගියා.

“හෙලෝ!!අ-”

“හෙට ජියාගෙ එන්ගේජ්මන්ට් එක!!අපට ලැජ්ජා නොකර පාඩුවේ ඇවිත් යනවා!!”

එච්චරයි!එච්චරම තමයි!!ජන්කුක්ගෙන් කිසිම පිළිතුරක් බලාපොරොත්තු නොවීම ෆෝන් එක කට් වුණා..

ඒක කොහෙත්ම ඉල්ලීමක් වුණේ නැහැ!ඒක තනිකරම අණක්!!ඒ තමයි ජන්කුක්ගෙ අප්පගෙ විදහ...

ෆෝන් එක ස්විච් ඕෆ් කරලා දාපු ජන්කුක් කිචන් එක පැත්තට ගියේ පොඩියට වගේ බඩගින්නක් දැණුනු නිසා.. කිචන් එකේ වැඩ වලට කොහෙත්ම ජන්කුක්ගෙ ඒ හැටි කැමැත්තක් නැහැ...

ඉතින් එයා ඉක්මනටම රාමෙන් එකක් හදලා ගත්තෙ කාලා ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා හිතාගෙන...මොකද අද එයාගෙ හොලිඩේ එක නිසා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජිමින් වෙනදා පුරුද්දට උදෙන්ම අවදි වුණත් බෙඩ් එකට වෙලා ඉඳියෙ තනියම එයාට වොශ්රූම් එකට යාගන්න බැරි නිසා...එහෙමයි කියලා එයාට ජින් හ්‍යුන්ග්ට කරදර කරන්නත් බෑනෙ...

ඒ නිසා එයා ජින් හ්‍යුන්ග් හරි,නැත්නම් හොබී හරි රූම් එකට එනකල්ම කරදර නොකර ඉන්න තීරණය කලා...

ටිකකින් ජින් ඇවිත් රූම් එකට ඔලුව දානකොට ජිමින් ඉඳියෙ ෆෝන් එක ඇතුළෙ ගිලිලා...

“ජිමිනී!!ඔයා අවදි වුණාද?”

“ආහ්~ඔව් හ්‍යුන්ග්!!දැන් ටිකක් වෙලා...”

“අයියෝ...ඉතින් ළමයො කතා කරන්න එපැයි.. ”

“මං අවදි වෙලා එච්චර වෙලා නෑ හ්‍යුන්ග්!!අනිත් එක ඉතින්,හැමදේකටම හ්‍යුන්ග්ට කරදර කරන්නත් බෑනෙ”

ඒ කතාවත් එක්ක ජින්ට හොඳටම තරහා ගියා...

“ඔයාව අපිට වදයක් නෙවෙයි ජිමිනී...මම මේ කරන්නෙ මගේ මල්ලි අතින් වෙන්න ඕනි දේවල්...අනිත් එක--”

“හ්‍යුන්ග්...මොකද්ද ඒ කතාවෙ තේරුම?”

ජින්ට තමන්ගේ කතාව සම්පූර්ණ කරගන්න නොදී පිටිපස්සෙන් ආව කෙනෙක් එයාට බාධා කරා...

ඒ කටහඬ හරි රළුයි..ඒත් ඒ හෙබීනම් නෙවෙයි කියලා විශ්වාසයි...


වෝට් කරනවට,කමෙන්ට් කරනවට ගොඩාක් ස්තූතී..🥺♥️

(ඊළඟ කොටසත් ටයිප් කරලා තියෙන්නේ.ඒ වුණාට ඉතින් ඒක හෙට දෙන්නම් නේද😁❤️)

Ex-Lovers || JiKookWhere stories live. Discover now