CHAPTER 02

57 16 6
                                    

අඬලා අඬලම හෙම්බත් වුණු ජිමින්ට ඇඳ පාමුලම නින්ද ගිහින් තිබුණා...එක දිගටම රින්ග් වෙන ෆෝන් එක නිසා ජිමින් අවදි වුණා...

ඇඬුව නිසාම ඇස් දෙක ඉදමලා ගිහින් තිබුණ නිසා ජිමින් ඇස් දෙක වහගෙනම කෝල් එක ආන්සර් කලා...

“යොබුසේයෝ..”

“ජිමිනාහ්~මොකෝ මේ??ඇයි කටහඬ වෙනස් වෙලා...උඹ අඬලද?අසනීපයක්වත්ද?”

“අනේ හොබී...”

අනික් පැත්තෙන් ඇමතුමේ ඉඳයෙ ජිමින්ගෙ හොඳම යාළුවා,
හොබී;ජන්ග් හෝ සොක්!!

“මොකක් හරි ප්‍රශ්නයක්ද ජිමිනාහ්...ඔයා ගෙදරද ඉන්නෙ??”

හොබීගෙ කටහඬ ඇහෙද්දි ජිමින්ට දැණුනෙ තමන්ගෙ දුක වාශ්ප වෙලා යනවා වගේ...සෝල්මේට්ස්ලා වුණාම එහෙම තමා...

“ම්ම්ම්”

”ඔහොම ඉන්න ජිමිනාහ්~මම ඉක්මනට එන්නම්”

ජිමින්ට මේ වෙලාවෙ ඕන කරලා තිබුණෙ තමන්ගෙ දුක නිවා ගන්න කතා කරන්න කෙනෙක්...ඉතින්,ඒකට හරියනම කෙනා හොබී නෙවෙයිද??

ජිමින් කිසිම දෙයක් වචනෙකින් නොකියම හොබී තේරුම්ගත්තා ජිමින්ට ඕනි කරන්නෙ මොකක්ද කියලා.. ඉතින්,එහෙම යාළුවෙක් නෙවෙයිද අපේ ජීවිතයට ඕනි කරන්නෙ??

අපේ ජීවිතේ සම්පූර්ණ වෙන්න අදාල වෙන වැදගත්ම කෙනෙක් තමයි අපිව හොඳින්ම තේරුම් ගත්ත යාළුවෙක්!!
කියන්නෙ...

.
.
.
.
.
.
.
.
.
.
.
.

ජිමිනුයි,හොබීයි දෙන්නා ඉඳියෙ යුනි එකේ කැෆටේරියා එකට වෙලා බ්‍රෙක්ෆස්ට් එක ගන්න ගමන්...ජිමින් ටේහ්‍යුන්ග්ව දැකලා අදට සති දෙකක් වෙනවා...

සික්‍යුරිටි එකෙන් කිව්ව විදියට ටේහ්‍යුන්ග් දෙවතාවක් ගෙදර ඇවිත් තිබුණත් ඒ දෙවතාවෙම ජිමින් ගෙදර ඉඳලා තිබුණෙ නැහැ...

“ජිමිනාහ්~දැන් ඕක අතගගා ඉන්නෙ නැතුව කනවා!!..අපි යුනි ඉවර වෙලා යන ගමන් කම්පැනි එක පැත්තෙ ගිහින් බලමු...”

ජිමින් ප්ලේට් එකේ තිබුණු කෑම වලට චොප්ස්ටික්ස් දෙකෙන් ඇනගෙන ඇනගෙන ගියේ තරහක් පිටකරන්න වගේ... හොබී ඉක්මනට ජිමින්ගෙ මැණික් කටුව ලගින් අල්ලා නැවැත්තුවා...

“ජිමිනාහ්~මම කිව්ව එක ඇහුණද උඹට?”

“ම්ම්..එයා කවුරු වෙන්නැතිද හොබී...මට බෑ ටේටේව නැති කරගන්න...”

ජිමින් ඇස් දෙකේ කදුළු පූරවගෙන හොබී දිහා බැලුවා...

“අනේ මන්දා ජිමිනාහ්~අපි ටේහ්‍යුන්ග් එක්ක කතා කරලා බලමුකො,එයා මොනාද කියන්නෙ කියලා...හැබැයි ඕනවට වඩා එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා..ම්ම්??එයා ලවර් කෙනෙක් ඉන්නවා කියලා කිව්වෙ ඇත්තටමනම් ඔයාට ඉඩක් නැහැනෙ ජිමිනා...තේරෙනවද මම කියන එක??”

“ඒත් හොබී--”

“හරි හරි ජිමිනාහ්~අපි ඉස්සෙල්ලම කතා කරලා බලමුකො.”

හොබී ජිමින්ගෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා...









Thanks🥺♥️

Ex-Lovers || JiKookWhere stories live. Discover now