Chapter 29

428 99 15
                                    

ජන්ග්කුක් කකුලත් නොන්ඩි ගගා ටේහ්‍යුන්ගේ සීයාගේ කටහඩ ඇහිලා එලියය එනකොට ජන්ග්කුක් ජිමින් කට්ටියව එක්කන් එන විදිය දැකලා හොදටම හිනා ගියා..

" දෙයියනේ පොඩී...මොකද උනේ ?? "

ලණුවකින් අත් ගැට ගහලා කට්ටියව පෝලිමට ඇදගෙන එනවා දැක්ක ජෙනී අහනකොට ජෙනීටත් රැව්ව ජිමින් කට්ටියවම සාලෙටම ඇදෙගෙන ආවා..කෙලින් එන්නවත් පනක් නැති සෙට් එක වැනි වැනි එනකොට යශීරයි එයාගේ අයියායි වැටෙන කට්‍ටියව කෙලින් කරන ගමන් කට්ටියවම ඇතුලට ගෙනාවා..මඩ නාගෙන වැනි වැනි ඉන්න සෙට් එක දැක්කාම කට්ටියම හිනාව පාලනය කරගෙන හිටියේ හරි අමාරුවෙන්..

" දරුවෝ මොකද මේ හරක් පට්ටියක් අරන් එනවා වගේ මේ කොල්ලො ටික අරන් ආවේ !! "

" හ..හම්මෝ හති !! ඔක්කොටම හලින් මට වතුර ටිකක් දෙන්න..හම්මෝ !! "

ජිමින් පුටුවේ වාඩි වෙලා හති දානකොට ජෙනී දුවගෙන ගිහින් ජිමින්ටයි හති දදා ඉන්න යශීරයි එයාගේ අයියට‍යිත් වතුර අරන් ආවා..ඒ අස්සේ සීයාගේ කටේ සද්දේ ඇහිලා ටේහ්‍යුන් හැරෙන්න කට්ටියම සාලෙට ඇවිල්ලයි තිබ්බේ..කායිගේ වයිෆ් ආපු ගමන් එයා වෙරි මතේම එකට වෙලිලා ඉන්න නම්ජින් දෙන්නාගේ පිටිපස්සෙන් ගිහින් හිටගන්න ගියත් අතේ ගැට ගහලා තියෙන ලණුව නිසා සෙට් එකම කායි එක්කම බිමට වැටුනා..

" ආ...ආ...බලාගෙන...හයියෝ !! "

සීයා කෑ ගහනකොට වැටිලා හිටපු සෙට් එක එහෙන්ම බිම වාඩි වෙලා සීයාට හිනා උනාම ජන්ග්කුක් අතින් කට වහන් හිනාව පාලනය කරන් හිටියා..

" දැන්වත් කියන්න මොකක්ද උනේ ?? "

කායිගේ වයිෆ් කායිට රවන ගමන් අහනකොට ජිමින් කායිටයි කායිගේ වයිෆ්ටයි දෙන්නාටම රැව්වා..

" උනේ ?? මොනවා වෙන්නද !! ඔහේගේ මිනිහා රා බීලා තියා රා දැකලවත් නැති සෙට් එකක්ව එක්කගෙන ගිහින් රා පොවලා...මුන්ව අල්ලගන්න මන් පුදුම දුකක් වින්දා !! "

එතන ඉදන් ජිමින් යශීරයි එයාගේ අයියයි එක්ක රා පෙරන තැනට ගිය හැටිත් ,ජිමින් එනවා දැකලා කට්ටියම ප්‍රින්සිපල් එනවා කියලා කෑ ගහන් ඒ ලග තියෙන කුඹුර පුරා වැටි වැටි දුවපු හැටිත්, තුන් දෙනත් එක්ක එයාලව අල්ලගන්න දුක් විදපු හැටිත් විස්තර කරා..

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now