Chapter 30

471 82 22
                                    

එදාම කට්ටියම ආයි කොලඹ ආවේ ටේහ්‍යුන්ට මුලු ගමෙන්ම ලැබුනු උනුසුම් සමුගැනීමත් එක්කමයි..හොබීට ටේහ්‍යුන්ට පින් සිද්ද වෙන්න AAB එකකුත් බෝගම්ට BBB එක්ක ඒ දෙන්නත් හොද රිසාල්ට් එකක් දාලයි තිබ්බේ..

කොහොම හරි කොළඹට ආවත් හරි ටේහ්‍යුන්ගේ එක එක චැනල් වලට වොයිස් කට් දෙන්න සිද්ධ වෙනකොට සමහර සර්ලා ටේහ්‍යුන්ව හම්බුවෙන්න එයාගේ පුංචි ගෙදරටත් ආවා..ටේහ්‍යුන් හැම වොයිස් කට් එකකම එයාගේ පවුල වගේම ජන්ග්කුක් , හොබි එයාලගේ පවුලේ අයවත් මතක් කරන්න අමතක කරේ නෑ..මේ රිසාල්ට් එක පිටිපස්සේ හැංගිලා ඉදලා එයාලත් ටේහ්‍යුන්ට හුගක් උදව් කරා..කොහොම හරි ටේහ්‍යුන් ඉස්කෝලෙත් ගිහින් එක එක දේවල් වෙලා දවසින් ලංකාවෙම ප්‍රසිද්ධ චරිතයක් වෙනකොට ටේහ්‍යුන්ව අල්ලගන්නත් ලේසි උනේ නෑ..

" ජන්ග්කුක් මට ඔයත් එක්ක කතා කරන්න ඕන "

ටේහ්‍යුන්ගේ රිසාල්ට් එක ගැන හරි ලොකුවට යාලුවන් එක්ක කියවන ජන්ග්කුක් ලගට ජින් ලන් වෙලා ජන්ග්කුක්ව එක්කගෙන යනකොට ජන්ග්කුක් ඇදිලා ජින් පස්සෙම ගියා..

" ඇයි කෝච් ?? "

එදා බීලා උන දේවල් වලින් පස්සේ ජන්ග්කුක් එක්ක මූනට මේ ජින් කතා කරාමයි...මේ දවස් ටිකේම ජින් හිටියේ කට්ටියට මූන දෙන්න බැරුව..

" කෝච් ගාන්න ඕන නෑ කූ...නම්ජුන්ට වගේම මටත් මාමා කියන්න..මන් ඇත්තටම ඔයාගේ මාමා තමයි කූ..."

ජින් හිනා වෙලා කියනකොට ජන්ග්කුක් ඇස් බෝල කරන් ජින් දිහා බැලුවේ එයා කියපු දේ නොතේරුන නිසායි..

" ඒ දේවල් එහෙම උනේ නැත්තම් මන් ඔයාගෙම මාමා තමයි කුකී...ඒ නිසා ප්ලීස් මට මාමා කියලා කතා කරන්න..මන් ආසයි මගේ අයියගේ පුතා මට එහෙම කතා කරනවට !! "

" මොකක් අයියා ?? "

ජන්ග්කුක් තවත් පුදුමෙන් අහනකොට බෝලවෙලා තියෙන ජන්ග්කුක්ගේ ඇස් දිහා බලන් ජින් ජන්ග්කුක්ගේ කම්මුල මිරිකුවා..

" මන් හැමදේම ඔයාට වෙලාව ආවම කියන්නම්..ඒත් මට ඊට කලින් ඔයාගෙන් දෙයක් අහන්න ඕන !!! "

ජින් කියනකොට ජන්ග්කුක් ඇහිබම හකුලන් ජින් දිහා බැලුවා..ට්‍රිප් එකෙන් පස්සේ ජන්ග්කුක් ජින් එක්ක හුගක් එකතු වෙලා හීටිය නිසාම ජන්ග්කුක් උනත් ජින්ට විවෘත වෙන්න හිතලයි තිබ්බේ..

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now