Chapter 31

405 79 6
                                    

'' ජන්ග්කුක් !! "

ජන්ග්කුක්ගේ අම්මා ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නාට බීම එකක් අරන් බැල්කනි  එකට ආවේ බිම එක දෙන්න උනත් එතන වෙන දේ දැක්ක එයාට හිතාගන්න බැරි උනා...බීම කෝප්ප දෙක බිමට ඇතෑරෙනකොට ජන්ග්කුක්ගේ අම්මාගේ අත කෙලින්ම රැදුනේ ටේහ්‍යුන්ගේ කම්මුලේ..

" පාහරයා !! තමුන් මගේ කොල්ලට උගන්නනවා කියලා මේවද ඉගැන්නුවේ ??"

ජන්ග්කුක්ගේ අම්මා ටේහ්‍යුන්ට කෑ ගහනකොට ටේහ්‍යුන්ට මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි උනා...වැදුන කම්මුල්පාරට කම්මුල පුපුරු ගානකොට ටේහ්‍යුන් කම්මුලත් අල්ලන් බිම බලාගත්තා...ටේහ්‍යුන්ට අම්මා නැති උනාට පස්සේ අම්මෙක්ගේ ආදරේ දුන්නේ ජන්ග්කුක්ගේ අම්මා..ඒ පුංචි ආදරේට ටේහ්‍යුන් හුගක් ලෝභයි..එහෙම එකේ ටේහ්‍යුන්ගේ දෙවෙනි අම්මාගෙන් ලැබුන කම්මුල්පාරට වඩා එයාගේ වචන, එයාගේ හිත රිද්දපු එක ටේහ්‍යුන්ගේ හිත හොදටම රිද්දලයි තිබ්බේ..

" අම්මා ලොකු වැරැදි නෑ..මායි එයාට ආදරේ කරන්නේ අම්මා...ප්ලීස්..."

" පලයන් එහාට !! "

ජන්ග්කුක් එයාගේ අම්මාගේ අතේ එල්ලෙනකොට ජන්ග්කුක්ගේ අම්මා ජන්ග්කුකවත් එහාට තල්ලු කරලා දැම්මා..උඩ ජන්ග්කුක්ගේ අම්මාගේ කෑ ගැහිල්ල ඇහිලා මේ වෙනකොට ටේහ්‍යුන්ගේ තාත්‍තායි ජන්ග්කුක්ගේ තාත්තායි ජිමිනුයි ජින්, නම්ජුන් එක්ක හොබීත් උඩට ඇවිල්ලායි හිටියේ..

" මොකක්ද උනේ ?? "

ටේහ්‍යුන්ගේ තාත්‍තා අහනකොට ජන්ග්කුක්ගේ අම්මා ගිනි ගන්න ඇස්වලින් එයා දිහා බැලුවා..

" උනේ ?? උනේ තමුසෙගේ මහ ලොකු දොස්තර පුතා මගේ කොල්ලා එක්ක හදපානේ ලව් කරපු එක..මුන් දෙන්නා පොඩි පොඩි ගාලා අපි පාඩුවේ හිටියාම මුන් දෙන්නා කරන්නේ අපිටවත් පාරේ බැහැලා යන්න බැරි වැඩ !! මානසික ලෙඩ්ඩු දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා !! මේක හොදට මතක තියාගන්න ටේහ්‍යුන් මන් ඔයාට හොදින් කියන්නේ ආයි ජන්ග්කුක්ගේ ඉස්සරහට එන්න හිතන්නවත් එපා...!!! එහෙම ආවොත් මට ඔයා මගේ හොදම යාලුවාගේ පුතා කියන එක අමතක වෙයි ටේහ්‍යුන් !! මන් තාමත් ඉවසන්නේ ඔයාගේ අම්මා නිසා කියලා හොදට මතක තියාගන්න...ඔයාගේ අම්මා ජීවත් වෙලා හිටියා නම් මේවා දැකලා පපුව පැලෙයි !!"

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now