ජිමින් අපාර්ට්මන්ට් එකට එනවා කිව්ව නීසා ටේහ්‍යුන් අද හාර්ෆ් ඩේ දාලා අපාර්ට්මන්ට් එකට ආවේ ජිමින් එන්න කලින් කෑම මොනවා හරි හදන්න ඕන නිසායි..ටේහ්‍යුන්ට ඕන උනා අවුරුදු ගානකට පස්සේ එන එයාගේ පොඩී වෙනුවෙන් රස කෑම වේලක් හදන්න..ඒ නිසාම හොස්පිටල් එකේ ඉදන් කෙලින්ම ෆුඩ් සිටි එකකට ගිය ටේහ්‍යුන් උයන්න අවශ්‍ය දේවල් එක්ක ජිමින් ආස එක එක දේවල් උස්සන් අපාර්ට්මන්ට් එකට ආවත් අපාර්ට්මන්ට් එකේ දොර ඇරපු ගමන් කකුල් ලගට ආපු බෝලෙත් එක්කම ඔලුව උස්සලා ටේහ්‍යුන් අපාර්ට්මන්ට් එක දිහා බැලුවා..ටේහ්‍යුන්ගේ රතු කට්ට පනිනකොට කන් දෙක පවා ටේහ්‍යුන්ගේ රතු වෙලා තිබ්බේ උදේ අස්කරලා ගිය අපාර්ට්මන්ට් එකේ ලස්සන දැකලයි.
" Kim Fu*king Yoongiiiiii.............."
ටේහ්‍යුන්ගේ කට හඩ දොර ලග ඉදන් දෝංකාර දෙනකොට පොප්කෝන් එකක් කකා මූවි එකක් බල බල හිටපු යූන්ගි උඩ ගියා..යූන්ගි ඔක්කොටම කලින් බැලුවේ වෙලාව...
" යූන්ගි මෙහෙ එනවා !!! "
ටේහ්‍යුන්ගේ කේන්තියෙන් පිරුන කටහඩ ආයි ඇහෙනකොට යූන්ගි වෙව්ලලා ගියා..කවුද හිතුවේ ඉතින් ටේහ්‍යුන් අද වේලාසන ගෙදර එයි කියලා...ටේහ්‍යුන් එන්න කලින් හැඩි වෙලා තිබ්බ අපාර්ට්මන්ට් එක එයා අස් කරන්නයි හිටියේ..
" අ..ආ ම්...මේ ලොකු කලින් ඇවිල්ලනේ.."
බෙල්ල පිටිපස්ස අතගාන ගමන් බයටම වචන් කැඩි කැඩි කතා කරේ ටේහ්‍යුන් මූන දැක්කාම අද නම් අම්බානක කන්න වෙනවා කියලා තේරුන නිසායි.
" කෝ ජෙනි ?? "
ටේහ්‍යුන් සද්දෙන් අහනකොට ගැස්සුන යූන්ගි වෙව්ලන ගමන් රූම් එක පෙන්නුවා..අතේ තිබ්බ බඩු ටික පුටුවක් උඩින් තිබ්බ ටේහ්‍යුන් පුටුව උඩ තිබ්බ යූන්ගිගේ අන්ඩර්වෙයාර් එකෙන් යූන්ගිගේ මූනටම දමලා ඇරලා කෙලින්ම ගියේ ජෙනීගේ රූම් එක ලගටයි..
" තප්පර පහයි දෙන්නේ එනවා එලියට !! "
ජෙනීගේ දොර ලග ඉදන් දොරට තට්ටු කරලා සද්දෙන් කිව්ව ටේහ්‍යුන් ගෙනාපු බඩු ටික අරන් යූන්ගිගෙ ඇදුම් උඩින් පැන පැන කිචන් එකට ගියා..කිචන් එකත් සම්පූර්ණයෙන්ම වනසලා තියෙන විදියෙන් ජෙනී අදත් අලුත් කෑමක් හදන්න ට්‍රයි කරලා කියලා ටේහ්‍යුන්ට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁