Chapter 34

468 99 13
                                    

උදෙන්ම නැගිට්ට ටේහ්‍යුන් ඉක්මනට වොශ් දාලා කට්ටියටම කෑම හැදුවේ එයාට අද වැඩ ගොඩක් තියෙන නිසායි..විශේෂ ඔපරේශන් දෙකක්ම උදේ වරුවේ තියෙන නිසා ටේහ්‍යුන් ඉක්මනට කෑම ටික හැදුවා..කෑම හදලා ලෑස්ති වෙලා එනකොට තමයි ඉතින් නිදන් හිටපු කට්ටියම නැගිට්ටෙ..

" ඔහ් ලොකූ උදෙන්ම නැගිටලා ඉව්වද ?? "

නිදිමතේ ඇස් පොඩි කරන ගමන් කිචන් එකට ආපු ජිමින් ලෑස්ති වෙලා දඩි බිඩි ගාලා කෑම ටික මේසෙට අරින ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා..

" ඔව් පොඩී...ඔයත් ඉන්න නිසා මන් අද ඉව්වා...අනෙහ් මේ ටික ප්ලේට්වලට දානවාද ?? මට හොදටම පරක්කුයි..අහ් තව අර යස්ස පැටව් දෙන්නවත් ඇහැරවන්න හොදේ...යූන්ගිට වතුර එකක් ගහලා හරි ඇහැරවන්න...නැත්තම් එයා නැගිටින්නේ නෑ...."

වොච් එකෙන් වෙලාව බලන ගමන් ටේහ්‍යුන් කියනකොට ජිමින් හා කියලා ඔලුව වැනුවා..ජිමින්ට පොඩි හිනාවක් දුන්න ටේහ්‍යුන් ජිමින්ගේ කොන්ඩෙත් අවුස්සලා ඉක්මනට යන්න හැදුවාම ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලලා නැවැත්තුවා..

" ලොකූ...අද හවස අපේ මැච් එක...එනවද බලන්න ?? ''

ජිමින් අහපු ප්‍රශ්නේ එක්ක ටේහ්‍යුන්ගේ මූනේ හැගීම් වෙනස් උන විදියෙන්ම ජිමින්ට ටේහ්‍යුන්ගෙන් උත්තරයක් ඕන නෑ කියලා හිතුනා..මොකද ටේහ්‍යුන්ගේ මූනෙන්ම ටේහ්‍යුන් දෙන්න හදන උත්තරේ ජිමින්ට තේරුනා..

" බලමු..."

ටේහ්‍යුන්ගේ කටින් ඒ වචනේ පිට උනාම ජිමින් හරි කියලා ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නෑ...ටේහ්‍යුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ...බලමු කිව්වාට ටේහ්‍යුන් කවදාවත්ම මැට්ච් එක බලන්න එන්නේ නෑ කියලා ජිමින් දන්නවා...

ඒත් ජිමින් දන්නේ නෑ ටේහ්‍යුන් මැට්ච් එක බලන්න නොආවට හැමදාම ජිමින් ප්ලේ කරන හැම මැට්ච් එකක්ම ටේහ්‍යුන් රිවයින් කරලා හරි බලනවා කියලා...!!

ටේහ්‍යුන් හොස්පිටල් එකට ආපු ගමන්ම වගේ වැඩ ගොඩකට හිර වෙනකොට ඔපරේශන් දෙකත් ඉවර වෙලා හුස්මක් ගන්න වෙලාවක් ලැබෙනකොට හොදටම හවස්වෙලයි තිබ්බේ..වෙලාව බැලුවාමයි ටේහ්‍යුන් දැක්කේ දැනටමත් ජිමින්ගේ මැට්ච් එක පටන් අරන් ඉවර වෙන්නත් කිට්ටුයි කියල...ලයිව් බලන්න ඕන උනත් වැඩ ගොඩක හිර උන නිසා ඒක මැගෑරුන එකට මූන හකුලුව ගත්ත ටේහ්‍යුන් ඔන්ලයින් ගියේ මැට්ච් එක ගැන තොරතුරු දැනගන්නයි...

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now