Double update
" මෙහේ වරෙන් බන්...තමුසෙගේ ලොකූව ගේන්න තමයි යන්නේ !! "
ජිමින්ගේ අතින් ඇදන් එලියට ගත්තු හොබි ජිමින් තව එක එක ප්‍රශ්න අහනකොට ඒවාට ඇහුම්කන් නොදී ජිමින්ව ඇදගෙන ක්ලබ් එක ඇතුලට ගියා...ක්ලබ් එක ඇතුලේ එක එක මිනිස්සු බීලා නටන දිහා බයෙන් බැලුව ජිමින් හිමීට හොබීට තව ලං උනේ හිතේ තිබුන පොඩි බය නිසාමයි..
ක්ලබ් එක හොදට පුරුදුයි වගේ ජිමින්වත් ඇදගෙන හොබි යනකොට හොබීගේ ඉස්සරහට තව කොල්ලෙක් ආවා...පෙනුමෙන් ඒ කොල්ලා ලංකාවේ කෙනෙක් කියලා ජිමින් දැක්ක ගමන්ම අදුරගත්තා..
" කෙවින් කෝ ටේහ්‍යුන් ?? "
හොබි අහනකොට ඈත පේන ටේබල් එකක් පෙන්නපු කෙවින් හොබී එක්ක එතනට යනකොට ජිමිනුත් ඒ පස්සෙන්ම ඇදිලා ගියා..
" ටේහ්‍යුන් !! "
අයිනෙම කොනේම ටේබල් එකක වොඩ්කා බෝතල් හතරක් එක්ක වාඩිවෙලා තව වොඩ්කා බෝතලයක් බොන ගමන් හිටපු ටේහ්‍යුන්ගේ අතේ තිබ්බ බෝතලේ හොබි ආපු ගමන් ඇදලා අයින් කරා..
" මේ ගෝතයා කිව්වා නේද මන් මෙහෙ කියලා ?? "
කෙවින්ට රවන ගමන් ටේහ්‍යුන් අහනකොට ඇස් රෝල් කරපු හොබි ටේහ්‍යුන් අල්ලපු අනිත් බෝතලෙත් ඇදලා ගත්තා..
" ආහ්හ් වද නොදී පලයන් හොබී !! "
" ඇති බිව්වා දැන් යමු "
" මට බෑ !! තමුසෙටත් ඕනේ නම් මෙතනින් වාඩිවෙලා බීපන්...මන් එන්නේ නෑ !! "
වොඩ්කා බෝතල් හතරක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවර කරලා පස්වෙනි බෝතලේත් බොන්න ට්‍රයි කරන ටේහ්‍යුන් දිහා අයිනකට වෙලා ජිමින් බලන් හිටියේ හොදටම පුදුම වෙලයි...ලංකාවෙදි රා කෝප්පයක් බීලා වෙරි මරගාතේ පිස්සු නටපු ටේහ්‍යුන් වොඩ්කා බෝතල් හතරක් බීලත් කෙලින් ඉන්න එක ගැන ජිමින්ට ඇති කරේ පුදුමයක්..
" දැන් ඇති ටේහ්‍යුන් අපි යමු !! "
" මට බෑ කිව්වානේ !! බලපන් මන් තාම වෙරි වෙලත් නෑ...!! "
" උබ දන්නවා උබට වොඩ්කා ඕනවට වඩා බොන්න හොද නෑ කියලා !! "
" ඉතින් ?? මන් බියර් බොන්න ආස නෑ..ඒවා තිත්තයි...ඉතින් මන් වොඩ්කා බිව්වා...ආහ් වාඩිවෙයන් මෙතනින්...අපි තව බෝතල් දෙක තුනක් බොමු "
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁