" ආය්.. ශ්....හහ්.. ඔව්නේහ්හ්.... "
ජන්ග්කුක් ඔලුව කසකස වටපිට බැලුවෙ වෙච්ච දස විලිලැජ්ජාව වහ ගන්න.. ඒත් එක්කම හොට් චොකලට් සුවඳක් room එක අස්සෙන් ආව හින්ද යන්තන් කියන්න දෙයක් මතක් උනා..
" අහ්.. සොරි සොරිව් චූටි බ්‍රෝ... මම මෙහෙට අලුතෙන්නෙ ආවෙ.. ඔයාගෙ අලුත් අසල්වාසිය මම.. මේ ලිෆ්ට් මගුල කැඩිල හලෝ.. පණ යන්න එනව මේ බෑග් උස්සන් පඩිපෙළ නැගල.. මටත් තියන දෙයක් දෙන්නකෝ බොන්න. මාත් ඔයාට සංග්‍රහයක් දෙන්නම් පස්සේ...."
ජන්ග්කුක් පුපුරු ගගහ හිටපු කොල්ල වචනයක් කියන්න කලින් ආදෙක් වගේ එයාගෙ room එකට ලිස්සල ගියේ මහන්සියත් එක්ක එයාගෙම room එකට ගිහින් බොන්න දෙයක් හදා ගන්න එක කම්මැලි වැඩක් හින්ද මේ අසල්වැසි බ්‍රෝ හදපු දෙයක් බීල ශේප් වෙන්න හිතාගෙන..
" තමුසෙ කොහෙ යනව කියලද හිතන් ඉන්නේ.. පොලිසියට කතා කරන්න කලින් එළියට යනව.. " 🥲🥲
කොලුව කෑ ගැහුවම ජන්ග්කුක්ගෙ කන කීන් ගාල ගියත් එයා ඔහේ ගිහින් අනාත බලු පැටියෙක් වගේ මූණ නාලු කරන් සැටියෙන් ඉද ගත්ත..
" කටේ සැර..? අනේ තරහ ගන්න එපා යාලුව.. මම හොරෙක් නෙවේ.. ඇත්තටම මට හරි මහන්සියි.. අර කතාවකුත් තියෙන්නෙ අසල්වැසියාට ප්‍රේම කරන්න කියල.. අලුතින් බඩු ගෙනාව හින්ද මගෙ room එකේ කන බොන දෙයක් හදා ගන්න සෑගෙන වෙලාවක් යනව.. ඒකයි කිව්වෙ.. "
ජන්ග්කුක් අන්තිමට ඇත්තම කියල දැම්ම..
" හ්ම්ම්.. ඔහොම ඉන්න.. "
කොලුව රවන ඇස් පොඩ්ඩක්වත් බාල නොකර ඇත්තටම ඉහින් කනින් දාඩිය පෙරන් ඉන්න මේ මනුස්සය ඉන්නෙ මහන්සියෙන් කියල පෙනුන නිසා එයාටත් එක්ක හොට් චොකලට් හදන්න තීරණය කළා..
ඔයාගෙ නම මොකද්ද කිව්වෙ ජන්ග්කුක් ඇහුවෙ කම්මැලිකමට කතා කරන්න හිතාගෙන..
" Tae.. මම Taehyung.. '' කෝප්ප හෝදන ගමන් එයා උත්තර දුන්න..
ජන්ග්කුක් ආයෙ මුකුත් ඇහුවෙ නැතත් එයාගෙ ඇස් ඒ වෙද්දි කාර්යබහුල වෙලා හිටියෙ කලවම් මැල්ලුමකට හෙන ගහල වගේ පෙනිච්ච room එක දිහාට..පොත් තැන තැන.. රෙදි තැන තැන.. බිස්කට් කොල.. අතුගාලත් නෑ.. ඩයරි දෙකක් මේසෙ උඩ දිගෑරල.. පුංචි ලේබල් ගහපු බේත් පෙති තියන ඩප්පි වගේකුත් ගොඩකුත් ගොඩ ගහල මේසෙ කොනේ.. ඒත් ජන්ග්කුක්ගෙ ඇස් අන්තිමට නැවතුනේ පොඩි කෑල්ලක් විතරක් කපපු පෙට්ටියක තිබුන තද රතු පාටින් හැඩ දාපු birthday cake එක දිහාට..
YOU ARE READING
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀
Historia Corta....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ...... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? මේ මගෙ ඊළ...