"ම්හ්... ස්..සොරි..."
අභීගෙ අතේ එල්ලීගෙන පන්තියෙන් එළියට ඇවිදන් ආපු මං එහෙමම ඇවිත් හැප්පුනේ විහේන්ගෙ වතේ වෙනකොට එයා ඕනෙවටත් වඩා තිගැස්සිච්ච ඇස් මගෙ මත්තෙ තියාගෙනම පන්තිය ඇතුළට යද්දි මං අභීලා එක්කම කැන්ටින් එක පැත්තට ඇදුනේ කාට උවමනා නොව්නත් කෙවින්ට මේ උදේ පාන්දරම මොනවහරි බඩට දාගන්නම ඕනෙ කිව්ව හින්දා..
"ඉතියෝපියාවෙන් ආපු සාගතකාරයෙක් වගේ යකෝ.. ඔහොමත් කන්න පුළුවන්ද මනුස්සයෙක්ට..."
කෙවින් පපුවත් අතගගා කටේ හිරවෙච්ච ආප්පෙ එහෙම්පිටින්ම ගිලගන්න දඟලද්දි අභී කේන්තියෙන් කෙවින්ගෙ පිට දිගට අතගගා කෑගැහුවා.. ඒත් කෙවින් නෙවෙයි ඒ එක වචනෙකටවත් සැලුනෙ. කොල්ලා අනිත් අතට ලොකු චොක්ලට් කේක් කෑල්ලකුත් එහෙමම කටට ඔබාගත්තා.
"මම්..කම්ඥ... ම්ගෙ.. බඥඥ ඥම් ඥඥඥ.. ඥකඥ..."
"මොකක්..."
"මං කන්නෙ මගෙ බඩටනම් උඹට මොකද.."
"ඕක බඩක්ද වෙන මොකක් හරි එකක්ද..?"
"මගෙ බඩේ දරු පැටව් දෙන්නෙක් ඉන්නවා යකෝ.. මං උන්ටත්තෙක්ක කන්නෙ..."
"අඩෙහ් එහෙමත් එකක්ද?? හා.. හා... කාපන් කාපන් මයෙ අම්මා.. බඩ පැලෙනකම්ම කාපං.."
අභීගෙයි කෙවින්ගෙයි රංඩුවට හිනාවෙවී හිටපු මං ගැස්සුනේ එකපාරම විහේන් මැලවිච්ච ඇස් එක්ක ඇවිත් අපි හිටපු ටේබල් එකෙන්ම වාඩිවෙද්දි..
"ආහු..."
ඒක නිකම්ම මිමිණුමක්.. එයාගෙ තිබුනු අර තේජාන්විත ගතිය වචනයක් කතාකලත් වටේ පිටේ මිනිස්සු පවා ගැස්සෙන ගතිය එහෙම්පිටිම්ම හේදිලා ගිහින් තිබුණා..
"උඹ මොකටද මෙතෙන්ට ආවෙ? දැන්වත් උට උගේ පාඩුවෙ ඉන්න දියන් විහේන්.."
වීහුගෙ මිමිණුමට මං උත්තරයක් දෙන්න කලින්ම කෙවින් හරි හදිස්සියෙන් කේක් කෑල්ලත් ගිලගෙන කෑගහන්න ගත්තා.. විහේන් හිටියෙ මහා වේදනාවක් පපුවෙ පුරවගත්ත ගානට. මැලවිලා ගිහින් තිබුණු ඒ ඇස් පවා ඒකට ඕනෙවටත් වඩා සාක්කි දුන්නා..
"ආහු ප්ලීස්..."
"ඇ..ඇයි? කියන්න විහේන්?"
"මාව අර පන්සලට එක්කන් පලයන්.."