"අද රෑ මෙහෙ ඉමුකො විහේන්.."
අම්මගෙ රසම රස ප්ලේන්ටී එකත් එක්ක පෑන් කේක් තොගේකට වගකියන ගමන් මං විහේන්ගෙ ඇගේ දැවටුනෙ දවස පුරාවටම එකට ඉදලා ගෙදර යවාගන්න ටිකට වුනත් එයාගෙන් මිදෙන්න තිබුනු ලෝබකමට..
"අද තාත්ති ගෙදර බබා.. මං චුට්ටක් රෑ වෙනකල් ඉදලා යන්නම් ම්..."
යන්තමට ඔලුව වනපු මං ඒ කම්මුලක් එබෙන්න හාද්දක් තියලා එයාගෙ පපුවට වාරුවෙලා ඉදගත්තෙ ටීවි එකේ ගියපු මොකක් හරි ෆිල්ම් එකක් ඇස් ඉස්සරහා බොඳ වෙවී ගිහින් ටිකෙන් ටික මටත් නොදැනිම මගෙ ඇස් පියවෙනකොට..
"ම්ම්... නින්ද ගිහින් ආන්ටි.. මහන්සි ඇති.. මං ඇදෙන් තියන්නද?"
"එපා පුතේ.. නොකා නිදාගත්තම රෑ මැද ඇහැරෙනවා ඊලඟට.. චුට්ටකින් රෑට කන්නම ඇහැරවමු..."
අම්මා තවත් මොන මොනවදෝ කිය කිය කුස්සිය දිහාවට ඇදෙනවා ඇහෙද්දි මං මහන්සි හුස්මකුත්තෙක්ක යන්තමට ඇස් ඇරියෙ විහේන් ඒත්තෙක්කම හිස්මුදුනට හාද්දක් තද කරද්දි..
"ඇහැරියද?"
"ම්හුක්.. වීහූහ්..."
"ම්ම්..."
"ම්හ්ක්.."
"මොකද බං.."
"එළියට යං.."
"ම්ම්?"
"එළියට යංකො.."
"හ්ම්... යංකො.. කෝ නැගිටින්න ඉතිං යන්න.."
මාව පරිස්සමට පුටු ඇන්දට වාරු කරන් නැගිටපු විහේන් මගෙ අතකිනුත් ඇද ඇද යන් කියද්දි මං එහෙමම එයා දිහාවට දෝත පෑවෙ වඩාගන්න කියලා සද්දෙ පිට නොවෙන්න තොල්වලින් මුමුණන ගමන්මයි..
"පිස්සුද.. ආන්ටිත් ආවොත් එහෙම.. අර මානව්ත් ඉන්නවා.."
විහේන් කලබලෙන් වටපිට බල බලම මුමුණද්දි මං හිනාව දත් අස්සෙ හිර කරන් දිගටම එයා දිහාවට දෝතම දික් කරගෙනම හිටියා..
"ප්ෆ්... ඔයා බයයි නේද මානව්ටත්..?"
මොන මොනවදෝ කියන්න කට හැදුවත් කිසි දෙයක් නොකියපු විහේන් මාව එහෙමම දෝතට අරගෙන එළිය දිහාවට ඇදුනෙ එකසිය ගානට පපුව ගැහෙද්දි බිමට බැහැගන්න බැරුව දඟලන මාව තව තවත් ඒ වතට හිරවෙන්න තුරුල් කරගෙනමයි.. ඒත්තෙක්කම ඔච්චර වෙලා ෆිල්ම් එකේ සිහියෙන් හිටපු මානව් එකපාරම බල්ලෙක් වගේ හක හක ගගා හිනාවෙන්න තියාගත්තෙ මං ලැජ්ජාවටම විහේන්ගෙ පපුව අස්සෙ ඔලුව ඔබාගනිද්දි..