Chapter 40

518 90 24
                                    

තද නින්දක හිටිය ජන්ග්කුක් එලාර්ම් එක වදින සද්දේ ඇහිලා හිමීට ඇස් ඇරියත් එයා නැගිටින්න හදනකොටම ආයි එයාව හාන්සි උනාම ජන්ග්කුක්ට මොකක්ද උනේ කියලා එකපාරටම හිතාගන්න බැරි උනා..එයා ඉන්නේ කොහෙද කියලා , ඊයේ රෑ මොකක්ද උනේ කියලා කල්පනා කර කර හිටපු ජන්ග්කුක්ට තේරුනා කවුරු හරි එලාර්ම් එක ඕෆ් කර කියලා..

" සොරී කූ...මට එලාර්ම් එක ඕෆ් කරන්න අමතක උනා..ඔයා දොයියගන්න.."

කන ලගින් ටේහ්‍යුන්ගේ නිදිමත ගැඹුරු කටහඩ ඇහෙනකොට ජන්ග්කුක්ගේ ඇග සීතල වෙලා ගියා..ටේහ්‍යුන්ගේ සාමාන්‍ය කටහඩත් ගැඹුරු වෙනකොට නිදිමත කටහඩ ඕන කෙනෙක්ව හිරිවට්ටන්න පුලුවන් තරම් ඩීප් උනා..

" ඔයා කොහෙද යන්නේ ?? "

කැඩුනු අත නිසා ඇග හරවන්න බැරි උනාත් මෙච්චර වෙලා තමන් හිටියේ ටේහ්‍යුන්ගේ තුරුලේ කියලා දැනෙනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේන් ඈත් වෙන්න හදන්නේ කියලා දැනුන ගමන් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ අල්ලුනා..

" හොස්පිටල් එකට ලමයෝ !! මන් ඊයේ ගියෙත් නෑ..වැඩ පිරිලා ඇති..."

ටේහ්‍යුන් කියනකොට මූන හකුල ගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන්ට යන්න නොදී ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන ඔබා ගත්තා.

" යන්න එපා...මන් ලග ඉන්නකෝ...අනික ඔයාට තාම හොද නෑනේ..."

" මට දැන් හොදයි කූ...එහෙම නොගිහින් ඉන්න බෑනේ..."

ටේහ්‍යුන්ගේ ශර්ට් එකත් තද කරලා අල්ලන් පපුව අස්සේ මූන ඔබන් ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් කියනකොට ජන්ග්කුක් මූන හංගන්ම එපා කියලා ඔලුව වැනුවා..

" අනෙහ් යන්න එපා..."

" කෝ හොද ලමයා වගේ කියන එක අහන්නකෝ...මන් ගිහින් ඉක්මනට එන්නම්..."

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ නලල ඉබින ගමන් අතගාගා කියනකොට ජන්ග්කුක් අකමැත්තෙන් උනත් ටේහ්‍යුන්ට යන්න ඉඩ දුන්නා..

" හැබැයි ආපු ගමන් මාව ඇවිදින්න එක්කන් යන්න ඕන !! "

" පිස්සු කතා කරන්න එපා කූ...මේ සීතලේ අතත් කඩාගෙන ඇවිදලා ඔයාට අමාරු වෙයි.."

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now