Aarthi - Beggning

2.1K 155 34
                                    

කෙසෙල් ගස් තැනින් තැනින් හිටවලා දහස්පෙතියා මල්මාල වලින් අලංකාර කරලා තිබ්බ කොවිල පුරාම තැනින් තැනින් මිනිස්සු පිරිලා වුන්නා. කාන්තාවන් අලංකාරවත් සාරි ඇදලා රත්තරං මාල වලලු වලින් සැරසිලා කොන්ඩෙත් පිච්ච මල් මාල වලින් ලස්සන කරගෙන ඇවිල්ලා ඉද්දි. වෙට්ටියට ෂර්ට් එක ඇදලා හරි කුර්තා එකකින් හරි සැරසුන පිරිමි වගේම උඩුකය නිරුවත්ව පූන නූල දාලා වුන්න පිරිමිත් කොවිලේ විවිධාකාරයෙන් දෙවියන් පුදමින් වුන්නා.

ටාං...... ටාං ටාං ....ටාං......

ප්‍රධාන සීනුව නාද වෙන්න පටං ගත්තේ පූජාව ආරම්භ කරන්න වෙනකොට අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ගණ දෙවියන්ගේ බැතිමතුන්ට අද විශේෂම දවසක් අද ශ්‍රී ගනේෂ චතුර්ති දිනය. මගේ ගනේෂ් ඉපදුන දවස ඉතින් ජ්විතේ පුරාවටම මගෙ තනි නොතනියට මගෙ ලඟින් ඉදපු හොදම යාලුව වුනේ ගනේෂ. පහුගිය ටිකේම එයාගෙ කකුල් අත ගගා පිට කරපු මගේ කදුලු වලට උත්තරයක් නොලැබුනත් එයා ලගදි සිතට දැනුනේ පුදුමාකාර සැනසීමක්. ඉතින් අවුල් ගොඩක හිරවෙලා වුන්න මම අද මගේ ජිවිතේ සැනසීමක් හොයාගන්න මගෙ හිතට ආපු එකම විසදුම පූර්ණ කරගන්න ආවෙත් ගනේෂගෙ තැනට. මම දන්නව ගනේෂටවත් බැරි වෙවි මට මොක්ෂය දෙන්න මගේ තීරණය එක්ක ඒත් මට තොරගන්න වෙන ඔප්ෂන් එකක් හිතාගන්න අමාරුයි.

මම ආද්‍යාන් තේවාර් අවුරුදු 22 ක තලෙලු පාටට හුරු පැහැපත් හමක් එක්ක කුරු කොණ්ඩයක් තියෙන ටැමිල් කොල්ලෙක්. අම්මා තාත්තා ගැන හරිහැටි මතකයක් නැති මට වුන්නේ තාත්තා නොවුනත් තාත්තා වුන බාප්පයි ආච්චියි එක්ක එක ලේ නොවුනත් මගේම වුන අක්කයි අයියයි.කාර් ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි එක්කම ඒ කාර් එකේ ඉදපු ලොකු තාත්තයි ලොකු අම්මයිත් අපිට අහිමිවෙලා තියෙද්දි ලොකු තාත්තගේ පුතයි දුවයි එක්ක අපි තුන්දෙනාවම බලාගත්තේ අපෙ බාප්පයි ආචිව්යි. අක්කා මට වඩා අවුරුදු තුනක් වැඩිමල් වෙද්දි අයියා අවුරුද්දක් වැඩිමල් වුනා. බාප්පා අපි කාටවත් අම්මල නැති අඩුව දැනෙන්න නොදෙද්දි අපි හැමොම හැදුනෙ බාප්පගෙම ළමයි විදියට. අක්කා විතරක් දැනන් වුන්න ඒ රහස මායි අයියයි දැනගත්තේ මිට අවුරුද්දකට කලින් වෙද්දි බාප්පා අපිව බදාගෙන පළවෙනිම වතාවට එදා ඇඩුවේ අපි එයාගෙන් දුරස් වෙවි කියන බයට. කසාදයක්වත් කරගන්නෙ නැතුව අපිව මෙච්චර කාලයක් බලාගත්තු බාප්පා අපිට ඉස්සරහටත් බාප්පෙක් වුනෙ නැ ඉතින් ඒ අපෙ තාත්තම තමයි.

Aarthi 🕉️Where stories live. Discover now