Aarthi - 6th Minute 🔞

905 105 9
                                    

🚫 Content Warning: This chapter contains explicit content, including BDSM themes, which may not be suitable for all readers. Reader discretion is advised.
-------------------------------------------------
චූටි

ඕ තාත්තේ

මම කැම්පස් ගිහින් ඇවිල්ල වොෂ් දාන් පහලට එන්න ආවේ කන්න මොනව හරි හොයාගන්න. වෙනදට වඩා කලින් ගෙදර ඇවිල්ල තිබ්බ තාත්තා සාලෙ වාඩිවෙලා වුන්නේ අයියයි අක්කයි එක්කමයි.

අපි මේ ඔයාට පහලට එන්න කියන්න පණිවිඩයක් එවන්න කියල හැදුවේ.

ඒ මොකද ඒ
විශේෂ දෙයක්ද ?

හිත ගැස්සිලා ගියේ මගෙ මොකක් හරි අහුවෙලාද කියන සැකෙට වුනත් එක නොපෙන්නවම මම ඇහුව. මොකද පහුගිය ටිකේ අයියගේ හැසිරීමත් එච්චර සෙට් වුනේ නැනේ.

දැන් ඉතින් අක්කට 25 ක් නේ අපි අක්කට කසාදයක් බැලුව. එ කට්ටිය ඉරිදට මෙහෙ එනව චූටිට ඉරිදට විශේෂ වැඩක් මුකුත් නැ නේද ?

මට මොන වැඩද
මෙකිව ඉක්මනට දීලා දාන එකමයි හොද

මම විහිළුවට ඒම කියද්දි මූණ ඇඹුල් කරගත්ත අක්කා සෝපාවෙ තිබ්බ කුෂන් එකකින් මට දමල ගැහුව.

මටත් කසාදයක් හොයන්න බැරිද තාත්තේ

තාත්තගෙ බෙල්ල වගේ අත් දෙක දාගෙන මම ඇහුවෙ හුරතල් මූණක් හදාගෙන.

ඔව් ඉතින් දැන් මුට එච්චරයිනෙ අඩු

අයියා තරහෙන් වගේ කියාගෙන එතනින් නැගිටලා ගියේ තාත්තත් මූට ගිනිපුග්ගායද වගේ බැල්මකින් බලාගෙන ඉද්දියි.

"අයියා මොකක් හරි දැනගෙනද "
මගේ ඔලුවෙම එතනින් එහාට වැඩ කලේ ඒක වෙද්දි අයියගේ කාමරේ ළඟින් යද්දිත් හාට් එක එකසිය ගානට ගැහෙන්න ගත්තේ දැන් එලියට පැන්න වගේ සීන් එකකින්.

මගෙ චණ්ඩි පැටියා මොකද කරන්නෙ ඉතින්

රැ වෙද්දි එයාගෙන් කොල් එකක් ආවේ මගේ හිතට අමුතුම නිදහස් හැගිමක් එකතු වෙද්දි.

අයියා දැනගෙන වගේ

මුකුත් කිව්වද

වහෙන් ඔරො වගේ එකේක එවා කියනව

හවස වෙච්ච සිද්දිය එයාට කියද්දි එයා මුකුත් නොකියම අහන් ඉදල බර හුස්මක් පහලට දැම්ම.

Aarthi 🕉️Where stories live. Discover now