Aarthi - 3rd Minute

1K 160 25
                                    

හාථ ලිඒ ගුඩ ලඩ්ඩූ සාඊ සුරවර කො
මහිමා කහෙ නා ජාය ලාගත හූඞ පද කො ...🎶🎶

විද්‍යාශ්...

සුවද දුම් වලින් ආරති කරන විද්‍යාශ් දිහා බලන් වුන්න මට මිමිනෙද්දි ආයෙම අපේ මුල්ම හමුවීම වුන ඒ අතීතයට මතකය ඇදිලා ගියා.

මහ ලොකු චණ්ඩියා
මොකො මේ මෙතන අඩන්නේ

එකපාරට ඇහුන කටහඩ නිසා මම ඔලුව උස්සලා බැලුවේ දෙඅල්ලෙන්ම ඇස් දෙක පිහින ගමන්

ඔව් ඒ විද්‍යාශ් , මම එයාව එච්චර ලගින් දැක්කෙ එදාමයි. එයාට තිබ්බෙ ඇත්තටම හරිම ලස්සන පෙනුමක්, මොකක් නිසාද මන්දා එ සරාගී පෙනුම ඉස්සරහ මගෙ හිත හෙල්ලුනා.

විද්‍යාශ් අයියා..

එයාගෙ මූණ දිහා බලාගෙනම මම මිමිණුවේ සූර්‍යගෙ ප්‍රශ්නේ නිසා විද්‍යාශ් එක්කත් පැටලෙන්න වෙයිද කියන තිගැස්මෙන් මොකද අදම විද්‍යාශ්ටත් ගහන්න ගියොත් මට යන්න වෙන ගෙයක් හොයාගන්න වෙනව. කොමත් ගුටි කාලා ගෙදර යන්නත් බැනෙ, තාත්තාව හොදලා වතුරෙ දැම්ම වගෙ තියෙවි පොඩි එකා ගුටි කාලා ගෙදර ගියොත්. ඉතින් වෙන දෙයක් වුනාවේ කියල මම හිත හදාගත්තා.

මගේ අත කඩලා දාපු චණ්ඩියා නෙද මේ

එයා එක ඇහුවේ කිණ්ඩියට , ඔව් ඉතින් මම මෙතන අඩ අඩනෙ වුන්නේ , එයාව ගනන් ගන්නෙ නැතුව මම එතනින් නැගිටලා එන්න ආවා.

කොහෙද යන්නේ චුටි මහත්තයා

මගේ අතින් අල්ලගන්න ගමන් එයා එහෙම අහද්දි අත ගසල දාපු මම ඉස්සරහට යන්න ගියත් දුවන් එද්දි තිබ්බ බයටමද මන්දා නොදැනුනත් දැන් හෙමින් අඩිය තියන නිසාමද කොහෙද ගල් අල්ලපු පොළවෙ වදිද්දිම පැළුන කකුල් විසගහන්න ගත්තේ මට ආව් කියල කියවෙද්දිමයි.

ඒත් එක්කම මට දැනුනෙ මාව ඉස්සෙනව කියල ඔව් විද්‍යාශ් අයියා මාව උස්සලා අරගෙන. මම දැගලුවේ එයාගේ ඇගෙන් බහින්න හිතාගෙන.

බොරුවට දගලන්න එපා අද්‍යාන්, මම නොදන්න කෙනෙක් නෙවෙනෙ.

හ්ම්ම් ඔව් එයාව මම නොදන්න කෙනෙක් නෙවෙයි.ඒත් දන්න කෙනෙක් කියන්න තරම් මම එයාව ආශ්‍රය කරලත් නැ මොකද එයා අයියගෙ යාලුව නිසක් මගෙ කවුරුත් නෙවේනේ.

Aarthi 🕉️Where stories live. Discover now