මට ගොත ගැහෙන්න ගත්තා.....තල්මස් පවුලෙ වයසක තල්මහ මගෙන් පොල් ඔයන්නක් ගැන අහ අහ ලගට එනකොට මං දන්නෙ අඹ බයන්නක් විතරයි ගාපු මන් වෙව්ල වෙව්ල පස්සට ගාටන්න ගත්තා.......
ඇයි බල අම්...මෙ.........පොල් ගෙඩ්ඩක් ඔයාගන්ඩ එකෙක් නැති හැටියක් ..හිච්චා ගන් මේක...මේක ඔයපිය මට උයාගන්ඩ...දැන් වෙලාව කීයද.......ගන් මේක....
අරුන්දා කෑ ගහනවා....මං දන්න පොල් ඔයන්නක් නෑ ගගා කොච්චර කිව්වත් මේක ඔයපිය ගගා බෙරිහන් දෙනවා.......අනෙ යකො මං දන්නෙ අඹ බයන්න විතරයි කිව්වත් මුන්දෑ නෙවෙ අහන්නෙ.....මේක ඔයල දෙන්ඩ බල්ලෙක් නෑ කිය කිය කෑගහනවා....අනෙ අම්මා පල්...ල...මේකිට මගෙ සින්හල තේරෙන්නෙ නැද්ද දෙයියනෙ ......
උන්දෑ කෑ ගහනවා...කට නිකන් කැලනි බෝක්කුවක් වගේ එතකොටයි මං හරියටම දැක්කෙ අනෙ උන්දැගෙ ඉස්සරහා දත් ඇන්දෙත් දත් තියෙන්නෙත් එකක් ඇර එකක්...හරියටම මොට උන හිරමනයක් වගේ .....
ඇරපු කට තනිකරම නටරාජ් කෝනමානයක් වගේ පාතට වැක්කෙරිලා......
පොල් ගෙඩ්ඩ උස්සන් බෙරිහන් දෙන තල්මහගෙ මූන තනිකරම දෙබරු ඇනපු ගස්මුට්ටියක් වගෙ මදිවට මට හිතුනෙම උන්දෑ මේ දැන් නැගිටලා නින්දෙන් මායන් වෙන එකියෙක් කියලා වෙද්දි මං පස්සට ගාටන්න ගත්තා...
අ..අනේ....අත්තම්මෙ ඔහෙ ඔය හදන්නෙ මට මතුරපු පොල් ගහන්ඩ නේද........ ඇ...ඇ ඇත්තමයි අත්තම්මෙ අපි නුවර මිනිස්සු අපි ලව්වා ඔය පොල් ඔයනු නම් කරවන්න හම්බෙන්නෙ නෑ......ඇ...ඇ.....ඇරත් ඔහොම උයපිය.......ව්..වරපිය ගාන්ඩ....අපි කව්ද......ල්..ලගට නම් එන්ඩ එප.....ඔය පොල් ගෙඩි..ය අරන්...අනේ යමපියකො අප්පා.....චිබු අත්තම්මෙ...චිබුකො....
ගොත ගගහා බෙරිහන් දිදී උන්න මං පස්සෙන් පස්සට ගියා යමපියගො ගෑවා..... .... උන්දැ නෙවෙ ඒවා මායිම් කෙරුවෙ....අනේ තල්මහගෙ අත්තම්මා තනිකරම බාබයිගා යකින්න වගේ.........කොච්චර වාත් දික් කර කර ඉස්සරහට එන උන්දෑ තනිකරම ළමයි ගිලින බාබයිගා යකින්න වගේ......
අර අපෙ කානුවගෙ ලස්සන වසිලිස්සා පොතේ ඉන්න බාබයිගා යකින්න වගේ ....බාබයිගා යකින්න වංගෙඩියෙ නැගලා මෝල් ගහෙන් කොට කොට යනවා කියනකොට ඉන්න බාබයිගා යකින්න ළමයි හොයාගන යනවා වගේ ...
YOU ARE READING
🌊කා වා ඩි 🌊
Fanfictionසුදු චූටි ඔහෙ මගෙ ගාවින් එන කසිංජි සුවදට ඔය තරම්ම ආදරේද.....?