17🌊

5.5K 782 2.5K
                                    

අනෙ අප්පච්චි...අප්පච්චි ඇතු...ඇතු...අනෙ සමු...ද්‍ර.........අප්පච්චි ඇතුලට.....අනෙ ඇ...ඇතු...ලට...

එහෙනම් ඔහෙයි දික් වැල්ලෙ අලුත් ඕඅයිසි මහත්තයා ....මහත්තයා හෙන වැඩ්ඩෙක්ලු....සුජිතා මේන් ඉන්නවා අලුත් පොර...වැඩ්ඩෙක් කියන්නෙ ඇත්තද ඔහෙ ...ම්ම්ම්.....දික්වැල්ලට වැඩ්ඩෙක් බැහැල කියන ආරංචියට ආවෙ මොකාද බලන්ඩ....

අනේ එච්චර ලොකු පට්ටමක්?නම එහෙම දැනගන්න ඕනා නම් නම ඕ අයිසි සෝලංගාඅරච්චි.......මොකක් හරි රාජකාරි කතාවක් නම් ස්ටේශන් එකට යන්න පුලුවන් ...පුද්ගලික කතාවක් නම්..ගෙට එන්ඩ දොර ඇරලා තියනවා.......තේ එකක් බීලා අපි හිමීට කතා කරමු ම්ම්.....

කතා බතා ඕන නෑ...තේ බිබි කතා කරන්න ආවෙත් නෑ......මහත්තයා ඔහෙ අලහපෙරුම කව්ද නොදැන වගේ කුදලන් ගිහින් තියෙන්නෙ.....??

නෑ...දැනගන...ඇයි මිනිහා මං නොදන්න ලොකු පට්ටමකත් ඉන්නවද...මං අහන්නෙ මෑන් ඉන්ටලිජන්ට් ඔෆිසර් කෙනෙක්ද නෑනෙ....හතරෙ කාමරේට නෙවෙ අරන් ගියෙ අර ඉන්නෙ...කුදලපු සිස්ටම් එකේ මොකක් හරි අවුලක්ද මල්ලි......?ගේනකොට හෙලුවෙන් එහෙම උන්නෙ නෑනෙ? අවුලකට තිබ්බෙ අර කටට ගත්තු පොද කටට දාගන්න බැරි වෙලා එච්චරයි ඒ ඇරෙන්න අවුලක් නෑනෙ...හීරිමක් වත් එහෙම නෑනෙ.....අර කටේ ඔබාගන්න බැරි උන පොද ගැන අවුලක් වගේ නම් මං දැන් කෝල් එකක් දාල පොරට උගුරක් බොන්ඩ දෙන්ඩ කියන්නම් අවුලක් නෑ....

හහ්...හහ්.......ඕයිසි මහත්තයා විහිලු කරනවා වගේ......... මොකො මහත්තයට විහිලු කරන්ඩ එහෙම ආසද.... ?නැත්තන් තාම හරියටම විහිලු කරන්න ඉගනගන්නවද?ඔව්වට හිනා යන්නෙ නම් නෑ මහත්තයා .... අලහපෙරුම මහත්තයා හිටපු මන්ත්‍රී....මහත්තයගෙ ඔය විහිලු කතා තේර ඉල්ලෙ ...පොඩි වචනයක් දාලා යන්න ආවෙ......මේක අරන් චැප්ටරේ ක්ලෝස් කරලා දාමු හරිය....ඔහෙට මන් මේ කියන එක තේරුම් ගන්න පුලුවන්නෙ......??මෙතන දෙකක් තියනවා මදිනම් ගනන් උස්සන්ඩ පුලුවන් වාහනෙ ඇතුලෙ බඩු හෑව්...මොකො කියන්නෙ මේක අරන් වැඩෙ ඉවර කරමු නේ

තේරුම් ගන්න නම් පුලුවන් ...මචන් අවුල මේ සල්ලි මිටිය දික් කරන එකෙ තේරුම නොදන්න එක..........ඒ ඇරෙන්න මට ඔය මනුස්සයා කව්ද කින්ද මන්ද අදාලනෑ.......වෙන්න ඕන දෙ කරන එක මගෙ අතින් වෙන්න ඕන දෙයක්නෙ මල්ලි ම්ම්ම්ම්...වාහනෙ ඇතුලෙ බඩු හෑව් කියන්නෙ මල්ලි කියන්නෙ මට සල්ලිත් අරන් බඩුත් ගහන්ඩ වගේ කතාවක්ද නෑනෙ...බඩු නම්......මං තාම ගහලා නෑ...ගහන්න වෙලාවකුත් නෑනෙ ....හැබැයි මචන් දැන් මේ සල්ලියි ඔය කියන බඩුයි හින්දා අරහෙ ඉන්න මෑන්ට තමයි පොඩ්ඩක් අමාරු වෙන්නෙ.....ඒක හන්දා ඕක ඇතුලට දාගන ආව පයින් ගියා නම්...මල්ලි බබත් සතුටින් මාත් සතුටින්...ෆිල්ම් එකේ මේ හරිය ඩිරෙක්ටර් මහත්තයා ඩිලීට් scenes වලට ඇඩ් කරගත්තා කියලා හිතහදාගන අර පරන තැන ඉදන් වැඩෙ කරන් යන් නේ .....

🌊කා  වා  ඩි  🌊Where stories live. Discover now